IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම හෙළා දකිනවා

(හර්ෂණ තුෂාර සිල්වා)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිත කරමින් බෞද්ධ ආගමටත් අනෙකුත් සහෝදර ආගම්වලටත් සේවයක් කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම හෙළා දකින බව දැරණියගල ශ්‍රී සාම බෝධි විහාරයේ විහාරාධිපති කෝට්ටේ විදුරකිත්ති හිමියෝ අද (28) ප්‍රකාශ කළහ. 

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කලියෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල භාවිත කරමින් බෞද්ධ සහ අනෙකුත් සහෝදර ආගම්වල දියුණුව උදෙසා වැඩ කළ අයකු සිටී නම් කියන්නැයි තමන් අභියෝග කරන බව ද දැරණියගල ශ්‍රී සාම බෝධි විහාරයේ විහාරාධිපති කෝට්ටේ විදුරකිත්ති හිමියෝ කීහ. 

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කෝට්ටේ විදුරකිත්ති හිමියෝ එම කරුණු පැවැසූහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කෝට්ටේ විදුරකිත්ති හිමියෝ මෙසේ ද කීහ. 

               “අපි මේ මාධ්‍ය හමුව හදිසියේ කැඳෙව්වේ මේ රටේ බහුතරය වන සිංහල බෞද්ධ ප්‍රජාව, අනෙකුත් සහෝදර ආගමිකයන් සහ සමස්ත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්නයි. “මධ්‍යම  සංස්කෘතික අරමුදලේ කෝටි 120ක් අතුරුදන් : අගමැති නියමයෙන් පරීක්ෂණයක්” යනුවෙන් අද පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා. මේවා දැක්කාම අපට කියන්න හිතෙන්නේ පල රුක ඇති ගහටයි ගල් ගහන්නේ කියලා තමයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල කොතරම් කාලයක් තිස්සේ මේ රටේ තිබෙනවද අපි කවුරුත් දන්නවා. මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දෙන්නේ බෞද්ධ කටයුතු සඳහා පමණක් නෙමෙයි.

මේ අරමුදලෙන් සිංහල බෞද්ධයන්ට පමණක් නෙවෙයි අනෙකුත් ආගමික කටයුතුවලට ද අරමුදල් ලබාදෙනවා. වර්තමානයේ මේ අරමුදල තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශය යටතේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ බෞද්ධ ශාසනය, අනෙකුත් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සහ ඒවා නගා සිටුවීම සඳහා විශාල වශයෙන් අරමුදල් භාවිත කර තිබෙනවා. මිලියන ගණන් මුදල් මේ සඳහා වෙන් කර තිබෙනවා.

එවැනි අවස්ථාවක මෙවැනි පුවතක් පළවීම සම්බන්ධයෙන් මහ සංඝරත්නය වශයෙන් අපි අපේ දැඩි විරෝධය පළ කරනවා. 
අගමැතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් පවත්වනවාට වඩා මෙහි තිබෙන දේශපාලනය පෙන්වා දෙන්න අප කැමැතියි. අද වනවිට ජනාධිපතිවරණයට දැඩි තරගයක් ආරම්භ වී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ඉන් ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයෙක්. 

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මධ්‍යම සංස්කෘතික අරමුදල සිය භාරයට ගත්තාට පස්සේ දහම් පාසල් ගොඩනැගිලි 361ක් සඳහා රුපියල් මිලියන 1444ක් වියදම් කර තිබෙනවා. භික්ෂූන් වහන්සේලා හැටියට ගමේ පන්සලේ හාමුදුරුවෝ විදියට දහම් පාසලක වටිනාකම තේරෙන්නේ අපට. මේ සල්ලි වියදම් කරලා තියෙන්නේ බෞද්ධ දහම් පාසල්වලට විතරක් නෙමෙයි. කතෝලික, මුස්ලිම්, හින්දු දහම් පාසල් ද ඊට ඇතුළත්. 

ඊට අමතරව තවත් විහාරස්ථානවල දහම් පාසල් සංවර්ධනය කිරීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුදල් වෙන් කෙරිලා තියෙනවා. ඒ වගේම පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කතෝලික පල්ලි තුනක් විනාශ වුණා. ඒවා ඉතා ඉක්මනින් සංවර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කෙරුණා.

ඒ වගේම අන්තවාදී ක්‍රියාකාරකම් නිසා මුස්ලිම් පල්ලිවලට හානි සිදුවුණා. ඒ සඳහා ද මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කෙරුණා. ඒ නිසා මේවා දේශපාලනික කරුණක් ලෙස විදියට බලන්න එපා. ආගම, ශාසනය, වගේම අධ්‍යාත්මික සංවර්ධනය කරන්න නම් භෞතික සංවර්ධනයත් අවශ්‍ය වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලින් ඒ දේවල් සිදු කෙරුණා. රාජ්‍ය අනුග්‍රහය නැතිව මේ දේවල් කරන්න බැහැ. 

අද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට බයේ දැවැන්ත මඩ ප්‍රචාර ගෙන යනවා. ඒ නිසා දේශපාලන, ආගම් බෙදීමකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වෙන් කෙරිලා විශාල වැඩසටහන් ප්‍රමාණයක් කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කලින් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කළේ කවුද කියලා මම අහනවා.

එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් නම් කරන්නැයි මම අභියෝග කරනවා. මීට කලින් පන්සලක පල්ලියක වැසිකිළියක් හදන්න වත් මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුදල් වෙන් කෙරිලා නැහැ. ඒ නිසා මෙවැනි සේවයක් කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා මම අභියෝග කරනවා. 

ඒ නිසා මීට වඩා ශිෂ්ඨ සම්පන්න විදියට දේශපාලනය කරන්නැයි අපි ඉල්ලා සිටිනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල තුළින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගෙන යන ක්‍රියාමාර්ගවලට ආගමික දියුණුව උදෙසා කර තිබෙන වැඩසටහන්වලට මහ සංඝ රත්නය ලෙස අපි ආශීර්වාද කරනවා”. 

 

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රත්මලාන භාරත විහාරස්ථානයේ විහාරාධිපති මොරවක සංඝරක්ඛිත හිමි මෙසේ අදහස් දැක්වූහ.

“සජිත් ප්‍රේමදාස මහතාගේ ගමන වැළැක්වීම සඳහා විවිධ බාධක යොදමින් තිබෙනවා. එහි එකක් තමයි මේ මඩ ව්‍යාපාරය. මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සල්ලි මංකොල්ල කාලා කියලා අද සජිත් අමාත්‍යවරයාට එරෙහිව මඩ ප්‍රචාරයක් ආරම්භ කරලා. මධ්‍යම සංස්කෘති අරමුදලේ කෝටි 120 ක් අතුරුදන් අගමැති නියමයෙන් පරීක්ෂණයක් කියලා පුවත් පළවෙලා තියෙනවා. මේ අසත්‍ය පුවත්. මේවා මඩ ව්‍යාපාර.

මහ දවාලේ මංකොල්ල කාපු, මහ දවාලේ හොරකම් මැති ඇමැතිවරු තමන්ගේ ඔඩොක්කුවේ ඉන්නකොට රටට සමාජයට සේවයක් කරපු සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම කොතරම් ලැජ්ජා සහගත ද  කියලා මම අගමැතිවරයාගෙන් අහන්න කැමැතියි. 

මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සල්ලි මංකොල්ල කාලා කියලා අද සජිත් අමාත්‍යවරයාට එරෙහිව මඩ ප්‍රචාරයක් ආරම්භ කරලා. සජිත් ප්‍රේමදාස මහතා 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් ඉන්නවා. ඔහු තමයි මහ පොළොව ඉල්ලන නායකයා. ඔහු නියත වශයෙන්ම මේ රටේ රාජ්‍ය නායකයා වෙනවා.

අත් දෙකේ ලේ ගෑවුණේ නැති, වංචා කරලා නැති, කුණු නැති , දූෂණය නැති එකම රාජ්‍ය නායකයා එකම දේශපාලනඥයා සජිත් ප්‍රේමදාස මහතා බව කියන්න ඕනේ. 

අගමැතිතුමාට අපි කියනවා, බේරේ වැවේ කුණු ගෙනල්ලා ගැහුවත් සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ රාජ්‍ය නායකයා කරන එක කරනවාමයි කියන මතක තියාගන්න”. 

සමස්ත ලංකා ත්‍රෛනිකායික එක්සත් සඟ පෙරමුණේ ලේකම් මතුරට ධම්මරතන හිමියෝ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.

“මේ මාධ්‍ය වාර්තා දකිද්දි දැඩි වේදනාවක් සහ කනගාටුවක් ඇතිවුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 120ක් අතුරුදන්, අගමැති නියමයෙන් පරීක්ෂණයක් කියලා මේ මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණා. 

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන 361 දහම් පාසල් ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. බෞද්ධ සිද්ධස්ථාන, කතෝලික, හින්දු සහ මුස්ලිම් ආගමික සිද්ධස්ථාන නගා සිටුවන්නි ඉදි කරපු මුදල්, දහම් පාසල් ඉදි කරන්න වියදම් කරපු මුදල් අතුරුදන් කියලා කියනවා නම් මේ රට කොතැනටද යන්නේ ? 

දහම් පාසල් හදන්න වියදම් කරපු මුදල් මංකොල්ල කෑමක් ලෙස හැඳින්වීම දැඩි කනගාටුවක්. පන්සල් පල්ලි හදන්න දහම් පාසල් හදන්න මුදල් වෙන් කරන එක වැරැදිද කියලා අපි අහනවා. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වුණු කටුවාපිටිය පල්ලිය ගොඩනගන්න වියදම් කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්. ඒ වියදම් මහ බැංකු මංකොල්ලයක්, මුදල් අතුරුදන් වීමක් ලෙස නම් කිරීම ගැන අපිට දැඩි සංවේගයක් සහ කනගාටුවක් ඇති වෙනවා. ඒ වගේම අපි මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මේ රටේ මහ සංඝ රත්නය සජිත් ප්‍රේමදාස මහතා වටා රැස්වෙමින් සිටිනවා.

සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ආගමික සිද්ධස්ථාන දියුණු කිරීමට, මහ සංඝ රත්නය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා. ඒ විශ්වාසය පළුදු කරන්න අද වනවිට දැඩි මඩ ව්‍යාපාරයක් දියත් වෙමින් තිබෙනවා. 

මාධ්‍ය තමයි අගමැති නියමයෙන් පරීක්ෂණයක් කියලා වාර්තා කරලා තියෙන්නේ. අපි හිතනවා අගමැතිවරයා එහෙම පරීක්ෂණයක් නියම කරලා නැතුව ඇති කියලා”. 

(ඡායාරූප  - ගයාන් අමරසේකර) 

 



අදහස් (0)

සජිත්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම හෙළා දකිනවා

ඔබේ අදහස් එවන්න

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 406 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 299 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 310 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1433 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 328 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 256 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site