IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සජිත්ගේ කණ්ඩායම හදවත ඉල්ලයි

(රංජන් කස්තුරි)

එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘‘හදවත‘‘ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සළකුණ වෙනස් කර දෙන්නැයි සජිත් කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා (07) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

අපේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන ලක්ෂයක් වන අතර එහි සභාපතිවරයා ලෙස සේනක ද සිල්වා මහතාත් ලේකම් ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියත් දැනට කටයුතු කරති.

එම පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර පැවැති මැතිවරණ කිහිපයකදීම තරඟ කළ පක්ෂයකි.

එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය ඉවත්කර ඒ වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම පිළිගන්වන ලෙස සජිත් කණ්ඩායම මැතිවරණ කොමිසන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව එම පක්ෂයේ දැනට භාවිතා කරන ටෙලිෆෝනය ලකුණ වෙනස්කර ඒ වෙනුවට හදවත ලකුණ ලබාදෙන්නැයිද ඉල්ලීමක් කර තිබේ.



අදහස් (34)

සජිත්ගේ කණ්ඩායම හදවත ඉල්ලයි

siri Monday, 10 February 2020 03:05 PM

ඉල්ලන්න කලින් හදවතක් තියෙන මිනිස්සු වෙලා ඉන්න එපාය. පසුගිය ජනාධිපති වරණයේ සිට මේ වෙනකල් කරන කියන දේවල් ගැන හිතනකොට මේ කාටවත් "හදවතක්" කියල අවයවයක් තියෙනවා කියල පිළිගන්න එකත් අවුලක් වගෙයි පෙනෙන්නේ.

:       1170       1382

sam Monday, 10 February 2020 03:22 PM

බයි පාස් එකක් කරලා මදි වෙයි

:       81       351

Amith Monday, 10 February 2020 03:26 PM

මැතිවරණයෙන් පස්සේ බයිපාස් කරන්න වේවිද දන්නෑ.

:       102       275

Bamunuarachchi Monday, 10 February 2020 03:43 PM

එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා මහා මැතිවරණයට ‘‘හදවත‘‘ ආදරවන්තයින්ගේ ලකුණ යොදාගෙන තිබීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් බොහෝ ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකියි.

:       163       248

BamunuarachchiTuesday, 11 February 2020 02:35 PM

කොහොමද මස්කට්ටක් ලකුණ හැටියට දුන්නානම්. මෙතන ලියන සජිත් වාදියොත් සූප්පුකර කර ඉඳි.

:       0       0

Bamunuarachchi Wednesday, 12 February 2020 01:46 PM

හදවත පමණක් නොවෙයි, ඕමි කාඩ් ක්‍රීඩාවේ හාරත කොලේ ඉහළම තනතුරත් දෙන්න. දැනටමත් සමාජ මාධ්‍යවල දීලා තිබෙනවා.

:       0       0

Raveendra Monday, 10 February 2020 03:47 PM

අනේ මන්දා මේ වගේ ගොන් පාට්... හදවත කෙසේවෙතත් ශරීරය පුරා ආමාශය තියෙන පින්ගුත්තරයන් මොනවද මේ හදවතටත් නිගාකරන විකාර...

:       323       570

chandima Monday, 10 February 2020 03:53 PM

පිළිකාවෙන් බේරිලා තියෙන්නේ හදවත විතරයි වගේ...

:       214       344

ධම්ම Monday, 10 February 2020 04:25 PM

එජාපෙ වෙනුවට අජාපේ. ආප්පෙටත් කතාකළා නම් එයි.

:       13       219

කපුරුහාමි Monday, 10 February 2020 04:40 PM

හදවතම තෝර ගත්තේ ඊට වඩා වැඩක් ගන්ඩ පුලුවන් අවයව ශරීරයේ නැතුවටද ?

:       0       236

suddaWednesday, 12 February 2020 06:27 PM

රන්ජන්ගෙන් අහන්න...

:       0       0

danushka Monday, 10 February 2020 04:49 PM

හදවත හඬා වැටේ

:       0       75

Aris Monday, 10 February 2020 05:18 PM

හදවත ඉල්ලා.... නොලැබුන විටදී... මොකද කරන්නේ?

:       0       92

Mahesh Monday, 10 February 2020 06:22 PM

මොනවා වුනත් රනිල් නැතුව යන එක ඉතා හොඳ දෙයක්.

:       233       121

sirimal Monday, 10 February 2020 06:41 PM

එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ " අලියා " ලකුණට විරුද්ධ වුන පලවෙනි යු.එන්.පී. කාරයා වෙන්න දඟලනවා වගේ. අනේ අනිච්චන්.

:       0       139

Saman Monday, 10 February 2020 08:09 PM

හදවතට වැඩිය ගැලපෙන්නේ නැද්ද බට්න් එක ඉල්ලුවනම්. ජනාධිපති ඡන්දෙදි කිව්වේ ඒකෙන් ඔක්කොම කරනවා කියලනේ.

:       0       90

prakaash Monday, 10 February 2020 08:44 PM

හදවත නැති පිරිසක් ඉන්න පක්ෂයක් ජනතාවගේ හදවත ඉල්ලනවා.

:       0       130

Perera Tuesday, 11 February 2020 12:16 AM

හදවතට එකඟව, පක්ෂ බේධයකින් තොරව, මේ පාර ඡන්දෙ ඉල්ලන කසිප්පු කාරයින්ටයි, මදාවියන්ටයි, ධාමරිකයන්ටයි, හොරුන්ටයි, වංචා කාරයින්ටයි කොහෙත්ම ඡන්දෙයක් දෙන්න බැහැ. එහෙම ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට ඇරියොත් රටට නම් කිසිම දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ.

:       0       81

sunil gamage Tuesday, 11 February 2020 12:26 AM

එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් ‘අලියා’ ලකුණට විරුද්ධ වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය එජාප ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස වගේම ආදරවන්තයින්ගේ දිනය ලං වෙද්දී හදවත සටන් මගකට එලිබැස්සවීම ලෝක ඉතිහාසයයෙත් කළු පැල්ලමක් ලෙස සටහන් වනු ඇත.

:       0       176

Ratna P Tuesday, 11 February 2020 12:37 AM

හදවත ලකුණ වෙනුවට මොලේ ලකුණ දැම්මනම් හොඳයි. එතකොට තේරෙයි මොලය කියලා එකකුත් තියෙන්න ඕන කියලා. හැබැයි මේ අයගේ මොලේ තියෙන්නේ කොතනද කියන සලකුණ නම් දාන්න එපා.

:       0       101

Nimanthi Tuesday, 11 February 2020 12:42 AM

ගොන් පාට්. එහෙන් රනිල්, දැන් මෙයත් පටන්ගත්තා.

:       2       71

තාරක Tuesday, 11 February 2020 02:00 AM

ඔන්න පුතෝ වරද්දගත්ත තැන. ඔය හදවත වයසක අපි සමහර අයට නම් පෙනෙන්න බෑ මොකද අපි තරුණකාලෙදි ඕකට රැවටිලා දැන් අමාරුවේ වැටිලා. ඒ නිසා වසක හැමෝගෙම ඡන්දෙ බලාපොරොත්තුවෙන්න නම් එපා.

:       0       91

kumari disanayake Tuesday, 11 February 2020 02:30 AM

"හදවත ඉල්ලා නොලැබුන විට දී දහසක් සිතිවිලි මා හද තුල තෙරපි ..... කෙලෙසක හෝ අමතක කරමි. "හිස් තැනට යු .එන්.පි.දාගෙන ගිටාරේ තත ගෙන ගැයුවොත් නරකද ඔය හදවත් ඉල්ලන තෙමේ .....

:       0       146

Dissanayaka Tuesday, 11 February 2020 02:51 AM

ලකුණ කෙසේවෙතත් වෙනම ඉල්ලනවානම් එක හොද තීරණයක්. මොකද දෙගොල්ලන්ටම බලාගන්න පුළුවන් තම තමන්ගේ තරම. කොහොමත මේ ඡන්දය පොහොට්ටුව දිනන නිසා වෙනම එල්ලලා තමන්ගේ බලය තහවුරු කරගන්න බලන්න 2025 ටවත්.

:       30       118

gunasiri premawardena Tuesday, 11 February 2020 03:24 AM

නිකන් විහිළු සපයන්නේ නැතිව ඉන්න විපක්ෂ නායකතුමනි.

:       25       103

Santha Tuesday, 11 February 2020 03:31 AM

රන්ජන්ගෙන් අහන්න හොඳ ලකුණක් යෝජනා කරයි.

:       0       193

lgj Tuesday, 11 February 2020 03:41 AM

සජිත් ජනාධිපතිවරණය කාලෙත් කථා කලේ හදවතින් තමයි. අදටත් කරන්නේ අනුන්ගෙන් කොපි කරගෙන මිසක් තමන්ගෙ කියා දෙයක් නැත. පපුවට ගසාගෙන මම තරම් අවංක කෙනෙක් නැත කීවාට මොලේ ඇති මිනිසුන්ට තේරෙනවා මොහු කවුද කියා.

:       45       156

rihan Tuesday, 11 February 2020 04:05 AM

හදවතත් දේශපාලනයට ගාවගත්තනම්, දැන් ආදරය කරන කට්ටිය තමයි බය වෙන්න ඕන. ඔබ මගේ හදවත කියන්න බය වී.

:       0       15

කමල් Tuesday, 11 February 2020 04:28 AM

එදා මෙදා තුර කුමන ප්‍රශ්න ආවත් රනිල් නිසා එජාපය රැකුණා. පරිනත නායකයකුගෙන් ගත හැකි ආදර්ශ ඉගෙන ගෙන නිවැරදි මාවතක ගමන් ක‍රන්න.

:       22       271

Buddika Tuesday, 11 February 2020 06:10 AM

බුදුන්ට පුදන පොහොට්ටුව පක්ෂ ලකුණට ගත්තනම් හදවත ගත්තම දොකද වෙන්නේ? ඒ හදවතට ජනතාවගේ හදවත තේරුම් ගැනීමේ ශක්තිය අනිවාර්යයයෙන්ම තියෙනවා.

:       83       107

Adam Tuesday, 11 February 2020 06:22 AM

සජිත් කවදාවත් රටේ නායකයා වෙන්නේ නැහැ. බලමු කොච්චර කල් බොරුව කරන්න පුලුවන්ද කියලා ?

:       106       224

athura Tuesday, 11 February 2020 08:21 AM

රනිල් මහත්තයා නැතුව කරයි......

:       0       47

MAHADANA MUTHTHA. Tuesday, 11 February 2020 09:39 AM

ඔබ තැනගේ පියාව ඝාතනය උනාට පස්සේ අරාජික වෙන්න ගිය රට, විජේතුංග මැතිතුමාව ජනාධිපති පුටුවේ වාඩි කරලා රට අරාජිකත්වයෙන් බේරා ගත්තේ අපේ රනිල් මහත්තයා නේද? අනේ මන්දා.

:       0       61

Bamunuarachchi Tuesday, 11 February 2020 10:40 AM

හදවත කොහොම වෙතත් මස් රාත්තලම ඉල්ලන බවයි පෙනෙන්නේ.

:       0       26

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1240 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2980 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1200 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 207 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 987 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 445 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site