IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු හා සුළු සේවක රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් හත්දෙනෙකුගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකු බදුරලිය ප්‍රදේශයේදී අද (13) අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය කියයි.

එම රැකියාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ඇති සැකකරු ඒ සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් හතලිස් දහසේ සිට හැත්තෑදහස දක්වා  පුද්ගලයින් හත් දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන දිනෙන් දින මගහැර ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලයින් හත් දෙනෙක් රැකියා බලාපොරොත්තුවෙන් මෙම පුද්ගලයාට මුදල් ලබා දී ඇති බව ලද පැමිණිලි වලින් සනාථ වන බවත් එය තවත් වැඩි වනු ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයින් දොඩංගොඩ,වැලිපැන්න,බදුරලිය,මතුගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව පොලිසිය කියයි.

මෙම සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ කොළඹ පදිංචි තවත් අයෙකු සම්බන්ධ බව පොලිසියට අනාවරණය වී තිබේ.

 



අදහස් (1)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට

siripala kulatunga Sunday, 13 October 2019 09:28 PM

අපේ රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමහර සේවකයන් බොහෝ විට අල්ලස් අරගෙන අහිංසක රැකියා විරහිත පුද්ගලයනට රැකියා දෙන පවසා බොහෝ අහිංසක තරුණ තරුණියන් අමාරුවේ දමනවා. අවසානයේදී අහිංසක දරු දැරියන්ට ඉඩම් උකස් කර පවා සල්ලි දෙන්නට වී ඇති බව ප්‍රත්‍යක්ෂයෙන් මමද දනිමි.! වේවල්දෙනියේ සිරිපාල

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 68 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 349 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 418 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 72 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 539 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1533 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site