IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ෂැංග්‍රිලා බෝම්බකරුට නීතියට පිටින් අබලි ද්‍රව්‍ය

(*** නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ මාර්ගෝපදේශයට පටහැනිව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු ඉන්සාන් අහමඩ්ගේ ‘‘කොලොසස් සමාගම’’ට වැඩි ප්‍රමාණයක් අබලි ද්‍රව්‍ය ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය විනැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක III ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (23) සාක්‍ෂි දෙමින් පැවසීය.

ඉන්සාෆ් අහමඩ් නැමැත්තා ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වන්නේ ඉකුත් 2017 වර්ෂයේදී බවත්, එම වර්ෂයේ සිටම ඔහුට තඹ ලැබුණු බවත් සාක්‍ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එසේම ඉකුත් 2018 වර්ෂයේදී තඹ ආනයනය පිළිබඳ ගැටලුවක් පැන නැගී ඔහු එවකට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යරවයා වශයෙන් සිටි රිෂාඩ් බදියුදීන් මහතා හමු වී තිබූ බවද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද සාක්‍ෂිකරු පැවසීය.
ඉන්පසු ඉන්සාෆ් අහමඩ් නැමැත්තාගේ සමාගමට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් 2017 වර්ෂයේදී තමා ලැබී ඇත්තේ සීයට 17ත් 18ත් අතර ප්‍රමාණයක් වූවද, එය 2018 වර්ෂයේ සීයට 35ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අබලිද්‍රව්‍ය නිකුත්කිරීම් මාර්ගෝපදේශයට පටහැනිව බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයිද සාක්‍ෂිකරු ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා (සභාපති විනිසුරු), අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්‍ෂි ලබාගැනීම සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් සාක්‍ෂි ලබාදෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද්‍ර විමලසිරි මහතා මෙසේද ප්‍රකාශ කළේය.
2019 අප්‍රේල් 21 වන විට මා විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළා. පොලිස් රාජකාරියට අමතරව මා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙස කටයතු කරනවා. ඊට අදාළ විභාගයක් සඳහා මා ඉකුත් 2019 අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ රාජකීය විද්‍යාලයේ සිටියා. විභාගය අවසන් වුණේ සවස 3.00ට ඒ වන විට මාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා මගේ ජංගම දුරකතනයට ඇමතුම් රාශියක් අරගෙන තිබුණා. මා වහාම එතුමාට කතා කළා. ඒ වෙද්දී ඔහු රැඳී සිටියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මට වහාම එතැනට එන්න කියලා ඔහු අණ දුන්නා. මා එතනට යන විට වේලාව 4.15ට පමණ ඇති සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබුණා. එදින සිද්ධි කිහිපයක් වුණා. විමර්ශන කණ්ඩායම් කිහිපයක් බෝම්බ පිපිරුණු ස්ථානවල කටයුතු කළා. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන පුද්ගලයා හෝටලයට ඇතුළු වෙද්දී ඔහුගේ නම හෝටලයට. දීලා තිබුණා. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකාරු වූයේ. මොහොමඩ් ඊ බ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තායි. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූයේ.

මොහොමඩ් ඊබ්‍රහීම් ඉල්හාම් අහමඩ් නමැත්තායි. මේ දෙන්නා සහෝදරයෝ කියලා ඩී.එන්.ඒ. වාර්තා මගින් සැසඳුනා. ඒ වෙනකොටත් කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තිබුණා. ඊට පසු අප දෙපාර්තමේන්තුව විමර්ශන භාරගත්තා. ඒ අනුව අධිකරණ නියෝග ප්‍රකාරව මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් යන අයගේ මව වන ජුනියිඩින් කදීජා උම්මා  යන අයව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කළා. මෙම බෝම්බකරු 2019 අප්‍රේල් 17 වැනි දින ක්‍රෙස්කැට් ආයතනයේ සිට සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය වෙන ත්‍රිරෝද රථයකින් පැමිණ තිබෙන බවට සී.සී.ටී.වී. දර්ශන මගින් අනාවරණය කරගත්තා.

අප අප්‍රේල් 29 වැනි දින මොහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නවා. එහිදී ඇය ප්‍රකාශ කරනවා 2019/4/19 දින තම සැමියා ව්‍යාපාර කටයුත්තක් සඳහා ‘සැම්බියාවට’ යන බව පැවසූ බව. ඒ අනුව ඔහු සිය පවුලේ සියලු දෙනාත් සමග කටුනායක ගුවන් තොටුපළට පැමිණ. තිබුණා. ඔවුන් සවස 3.30ත් 4.00 ත් අතර කාලයේදී ගුවන්තොටුපළට පැමිණ තිබුණා. පසුව ඉන්සාෆ් අහමඩ් ගුවන්තොටුපළට ඇරලවූ පිරිස මන්නාරම බලා ගොස් තිබුණා. ඔහු ගුවන් යානයට  නොගොස් නැවත දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවසට පැමිණිලා. ඔහු එදින රාත්‍රියේ නිවසින් පිටත්ව කොල්ලුපිටියේ පිහිටි ඩයින්මෝ ආපන ශාලාවට පැමිණෙනවා. එවිට වෙලාව රාත්‍රි 10.00ට  විතර වෙනවා. ඔහු නැවත එම ආපන ශාලාවෙන් දෙහිවල ප්‍රදේශයට ගොස් එතැනින් පානදුර ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණා.

මොහු දෙහිවලින් වාහනයට නගින්නේ තවත් පුද්ගලයකු සමගයි. ඒ පුද්ගලයා කවුද කියලා අනාවරණය වෙලා නෑ. ඒ වාහනය අංක WPCBS 5933 දරන ලා කොළ පැහැති ‘වැගන් ආර්’ රථයක්. ඔවුන් ගොස් තිබුණේ පානදුර ආරක්ෂිත නිවස අසලට. ඔහු එම නිවසෙන් 20 වැනිදා පිටත්වෙලා තිබෙන්නේ ඔය වාහනයෙන්. ඔහු 2019 අප්‍රේල් මස 20 වැනිදා සවස 7.06 ට පමණ ඔහු සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ තිබෙනවා. ඔහු එම හෝටලයේ අංක 425 දරන කාමරය වෙන්කරලා ඊට ඇතුළු වෙනවා. පසුව ඔහු නැවත රාත්‍රි 8.12ට හෝටලයෙන් පිටව ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි පෑන් ටවර් කියන නිවාස සංකීර්ණයට ගොස් තිබෙනවා. එවිට වෙලාව රාත්‍රි 8.30ට පමණ වෙනවා.

21 වැනිදා ඔහු කෙලින්ම එන්නේ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයටයි. ඔහු ඇවිත් තියෙන්නේ උදෑසන 7.00ට පමණ. ඒ අනුව ඉන්සාෆ්  අහමඩ් ඔහු කලින් වෙන්කරවා ගත් හෝටල් කාමරයට ගොස් පසුව තැප්ප්‍රබේන් ආපන ශාලා කොටසට ඇවිත් බෝම්බය පුපුරා ගෙන තිබුණා. ඉන්සාෆ් අහමඩ්ගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය භාරයේ තිබූ ‘හඬපට’ හතරක් අත්අඩංගුවට ගත්තා. එහි දෙමළ, ඉංග්‍රීසි මෙන්ම සිංහල භාෂාවෙන්ද කතා කොට තිබුණා. ඔහු එහි කරුණු කිහිපයක් සඳහන් කර තිබුණා. ඔහු පවුලට, සේවකයන්ට, බිරිඳට සහ සාමාන්‍ය ප්‍රකාශ හතරක් කරනවා.

(හඬපට කොමිසම ඉදිරියේ විකාශනය කරයි) එම හඬපටවල සඳහන්ව තිබුණේ.

‘‘මට වෛර කරන්න එපා. මං වංචාවක් ඔබලාට කළේ නෑ. මං ඔයාලා ඔක්කෝටම ආදරෙයි. මම රටට ද්‍රෝහි වුණේ නෑ.
හිස් චෙක් 10ක් අත්සන් කරලා ඇති. කලෝනියල් ආයතනයේ අයිතිකරු ලෙස ඔබ නම් කරනවා. වැල්ලම්පිටිය තඹ කම්හල දරුවෝ නමට ලියලා තියෙනවා. මේ සියල්ල රහසිගතව තබා ගන්න. මේ රට ආරක්ෂාව නැහැ කියලා  හිතෙනවා නම් මැලේසියාවට යන්න. මේ සිද්ධියෙන් පස්සේ ඔයාලව අත්අඩංගුවට ගත්තොත් ඒක අල්ලාහ්ගේ තීරණයක්. යන කරුණු අඩංගු හඬපට හතර කොමිසම හමුවේ ප්‍රචාරය කෙරිණි.

කොමිසම:- මේ හඬපට සමග ඔබලා තවත් මොනවද අත්අඩංගුවට ගත්තේ?
සාක්ෂිකරු:- හඬපට සමග පෙන්ඩ්‍රයිව් දෙකක් භාරයට ගත්තා.
අත්අඩංගුවට ගත් පෙන්ඩුයිව් වල අයි.එස්. සංවිධානයට අදාළ විඩියෝ පට කිහිපයක් තිබුණා. මේවා ඩවුන්ලෝඩ්කරපු කාලවකවානුව හොයාගන්න බැහැ. WPC AS 1411 දරන සුදු පාට වී එයිට් වර්ගයේ ජීප් රථයක් ඉන්සාෆ් අහමඩ් නමින් ලියාපදිංචි වෙලා තිබුණා. ඔහුගේ බිරිඳ ෆාතිමා සික්කා ඉන්සාෆ් අහමඩ් ඔහුගේ පියාගේ රියැදුරා වන රිම්සාන් ඔහුගේ දරුවන් වන ඉන්සාෆ් අහමඩ් මොහොමඩ් ආනිල්, අමිනා, අමීරා, අනිකා මේ වාහනයේ ඉඳලා තිබෙනවා. මේ අය මන්නාරමේ බිරිඳගේ පියාවන අලවිඩින් මහතාගේ නිවසට ගොස් තිබෙනවා. ඇලවිඩින් මහතා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක්. ඔහු දේශපාලන කටයුතුවලට සහභාගීවෙලා තියෙනවා කියලා ප්‍රකාශකළා. මුස්ලිම් මන්ත්‍රිවරයාගේ පක්ෂයේ ලේකම්වරයකු ලෙස සේවයකරලා තියෙනවා කියලා ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා.

ඉන්සාෆ් අහමඩ් ජීවත්වුණේ ඔහුගේ බිඳගේ නිවසේ එය පිහිටියේ අංක 07 මල්පාර කොළඹ 03 ප්‍රදේශයේ බිරිඳගේ පියා ඇතුළු පවුලේ අයත් වෙනම කොටසක එහි ජීවත්වුණා. ඔහු පිටරට යනවා කියලා එයාර් ෆෝට් එකට ගිහිල්ලා ගෙදර අය වාහනයෙන් ගියාට පස්සේ කෙලින්ම යන්නේ මහවිල උද්‍යානයේ නිවසට. ඔහු අවසන්වරට එනම් 2019 අප්‍රේල් මස 19 වැනිදා ඔහුගේ සේවකයකුට දුරකථන ඇමතුමක් අරගෙන තියෙනවා. ඔහු දුරකථන අංක 2 ක් භාවිතා කළා. ඒවා එකකට එකක් ඩයිවර්ඩ් කරලා තියෙන්නේ. ඉන්සාෆ් අහමඩ් තඹ සකස්කරලා වයර් වශයෙන් ඉන්දියාවට යවනවා කියලා විමර්ශනවලින් අනාවරණය වුණා. ඔහු 2017 වසරේ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙනවා. 2017 සිට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් තඹ ලැබෙනවා. රත්මලානේ පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්. ඔහුගේ සමාගම කලෝෂස් සමාගම.

2019 අප්‍රේල් මස 25 වැනිදා අහමඩ්ගේ බිඳ අත්අඩංගුවට ගන්නවා. ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. එහිදී ඇය සඳහන් කළා අප්‍රේල් මස 21 වැනිදා උදේ ඇයට ඇගේ සැමියා වඩ්ස්අප් කෝල් එකක් අරගෙන ‘‘ඔයාගේ තාත්තාගෙන් රුපියල් ලක්ෂ 60 ක් ඉල්ලගත්තා ඉඩමක් ගන්න. ඒක අහපු දෙන්න. ඔයාගේ බෑග් එකේ පෙන්ඩ්‍රයිව් දෙකක් දැම්මා ඔයාට ඉඩක් ලැබුණ වෙලාවක බලන්න’’ කියලා කියලා තියෙනවා.

අප්‍රේල් 21 වැනිදා උදේ වනතුරු ඇයට ඔහු වට්ස් අප් මගින් සම්බන්ධවෙලා තියෙනවා. එක්තරා අවස්ථාවක ඔහු කියලා තියෙනවා ‘මම දැන් කෙන්යාවේ ඉන්නවා. සැම්බියාවට යන්නයි සූදානම් වන්නේ’ යනුවෙන්. ඇය කියන්නේ ඔහුගේ සහෝදරයා වන ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ නිසා තමයි තමන්ගේ ස්වාමියා නරක් වුණේ කියලා. ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ අමුතුගති පැවැතුම් ඇති සමාජයෙන් වෙන්වී දරුවන්ට පවා වෙනමම තබාගෙන සිටි අයකු වන නිසා ඇයගෙන් ඇයගේ ස්වාමි පුරුෂයාට මේ නරක ගති පුරුදුවී පසුව ඒවා තම ස්වාමියාට ලැබී ඇති බවත් ඇය කියනවා. මේ හේතුවෙන් පසුකාලීනව දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඇති නිවසට තමුන් නොගිය බවද ඇය කියනවා.

කොමිසම යළි අද (24) දහවල් 12.30 ට කැඳවනු ඇත.



අදහස් (1)

ෂැංග්‍රිලා බෝම්බකරුට නීතියට පිටින් අබලි ද්‍රව්‍ය

Rata Perata Wednesday, 24 June 2020 09:50 AM

සහරාන්ලාට රජයේ ගිණුමෙන් පඩි දුන්න එකත් ඔහොම විස්තර සහිතව ලිව්වොත් හොඳයි.. මේ වැඩෙත් වැරැදියි.

:       279       180

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4766 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4737 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8220 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3016 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 739 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12422 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site