(දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා මෙතෙක් ලංකාවෙන් සොයා නොගත් යූරියා නයිට්‍රේට් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිෂ්පාදනය කර තිබෙන බව හිටපු රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංගේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද(16) සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම එම බෝම්බ සඳහා වැඩි දියුණු කරන ලද ඩෙටනේටර් යොදා ගෙන තිබෙන බවද වැලිඅංගේ මහතා සඳහන් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී සාක්ෂි විමසීම පැවැත්විණි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ෂැංග්‍රිලා ප්‍රහාරයට ලංකාවෙන් සොයා නොගත් රසායනික ද්‍රව්‍ය යොදා ගෙන ඇතැයි කොමිසමට කියයි
චමින්ද Wednesday, 17 June 2020 02:27 AM
පුපුරන ද්‍රව්‍ය සහිත බෑග් වීඩියෝ එකේදී දුට විගසම ජනතාව දැනගත්තා මේවා නම් විදේශ රටක නිපදවන ලද ඒවා බව . එසේම කුඩා බෑග් එකක් මගින් කල මහා විනාශය දුටු විගස තේරුම් ගියේ ලන්කාවෙ නොමැති අධි බලැති පුපුරන ද්‍රව්‍ය විය හැහැකි බවයි . මේ කරුණු මෙතෙක් කලක් ජනතාවගෙන් සැගවීමේ යටි අදහසක් තිබුනාද යන සැකය දැන් මතුවේ.