IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

 

(ටී.කේ.ජී.කපිල)

අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන් හි ගෝලීය ආකර්ෂණීය බව අඛණ්ඩව සනාථ කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 පාටා සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව මෙවර පාටා සම්මාන උළෙලේ දී නම් කළ ජයග්‍රාහකයින් 20 දෙනා අතරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැමිණීමට සමත් වී ඇත.

ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් වලට සිත් ඇද ගන්නා සුලු සන්සුන් ගමනක් සදහා ශ්‍රී ලංකාව විශිෂ්ට ගමනාන්තයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ මෙම දෘශ්‍ය නිරූපණයේ සදහන් වේ.

ඉන්දියාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාලතම වෙළඳපළ වන අතර , පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් එය 80% ක පසුබෑමකට ලක් වී තිබේ.

එහෙයින් Next Door Neighbors සහ Serendipity Next Door යන අලෙවිකරණ ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණය රදවා ගැනීමේ ඵලදායි ව්‍යාපාරයක් වී තිබේ .

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගමනාන්තයක වරප්‍රසාද අත්විදීමේ හැකියාව මෙමගින් නිරූපණය වේ.

මෙය සිනමාව, ගුවන් විදුලිය, ඩිජිටල් සහ වෙළෙඳ ප්‍රචාර ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ දිග හැරෙන 360° ක නිර්මාණාත්මක වැඩසටහනකි .

මෙම වීඩියෝ දර්ශන මුහුණු පොතෙන් මිලියන 73 ක් ද , යූ ටියුබ් හි මිලියන 2.2 ක් ද නරඹා තිබේ .



අදහස් (4)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

බද්රානි Tuesday, 29 September 2020 09:25 AM

කොරෝනා රෝගය අලෙවි කරමින් පිටරට වෙසෙන අසරණ ජනතාවගේ මුදල් ගසා කන එකට වෙන්න ඇති මේ සම්මාන දීලා තියෙන්නේ? අනික ඕවාට කවුද ජාත්‍යන්තර සම්මාන කියන්නේ?

:       3       13

harshana Tuesday, 29 September 2020 10:02 AM

ලෝකයේ තිබෙන නරකම ගුවන් සේවය ලෙස වෙන්න ඇති මේ සම්මානය ලැබුනේ... වෙනත් රටවල් මේ දිනවල තම වැසියන් ඉතාම පහසු මිලකට ගුවන් පහසුකම් ලබාදී තම රටවල්වලට ගෙන්වා ගන්න විට, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ටිකට් පතක් දෙගුණයක මිලකට විකුණන අතර, රජයේ ඇවන්ගාඩ් රස්තියාදුකාරයින්ගේ හෝටල්වලට නිරෝධායනය කරමින් අසරණයින්ව ගසාකයි. කොරෝනා ප්‍රශ්නය ඉවරවුණාට පසුව සියලුම ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වර්ජනය කරන බවත් කියනවා. කළ දුටුකළ වල ඉහගන්නා ආත්මාර්ථකාමී ගුවන් සේවයක් අපට එපා. පහසුකම් වැඩි, හොඳ අාහාර සපයන, මිල ඉතාම සාධාරණ ගුවන් සේවා ඕනෑතරම් තියෙනවා.

:       1       16

Nandalal DE SILVA - France Tuesday, 29 September 2020 11:19 AM

ඕක ජාත්‍යන්තර සම්මානයක් නොවේ. කලාප සම්මානයක් කිව්වාම නම් වඩා හොඳයි. ඒකත් ඉතින් ඉන්දියාව මුල්කරගෙන දීපු එකක් බව පේනවා. ගොඩ එන්න බැරි තරමට ණය බරින් මිරිකෙන, ගමනාන්ත එකින් එක කප්පාදු කරන, යල්පැනපු හුචක්කු ගුවන් යානා තිබෙන සමාගමකට මෙවැනි සම්මාන දුන්නේ කවුද කියලා දන්නෙ නැහැ.

:       0       7

Perera Tuesday, 29 September 2020 05:28 PM

කෝටි ගණන් පාඩුයි. හැබැයි රන් සම්මාන ලැබෙන්නේ. ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නේ ඕවට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 55 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 157 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 428 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 680 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 278 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 146 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site