IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී අද පස්වරුවේ පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

‘‘මම හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා. මා ගත් මේ තීරණයට එරෙහිව විවිධ දේශපාලන විරෝධතා ආවා. සමහරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මරණ දඬුවමට පක්ෂව ඒ තීරණය ආවොත් දඬුවම ක‍්‍රියාත්මක කරනවා.

ඒ වගේම රෝයල් පාක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීමටත් සලකා බලාගෙන යනවා. ඔහු ඒ වරද කළේ වයස 19 දී. දැන් ඔහුගේ වයස 32 ක්. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා‘ යැයිද පැවසීය.

 



අදහස් (38)

‘‘ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා‘‘

Hafeel Sunday, 20 October 2019 04:40 PM

මේ ප්‍රවෘත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට කලින් මෙයාගේ ධුරකාලය අවසන් වේවි...!!!

:       13       309

RaveendraSunday, 20 October 2019 10:10 PM

ඔබගේ අදහස් නිවැරදිය. මෙයා බයිලා මාස්ටර්..අවශ්‍යම නම් මෙය කිරීමට ඕනෑවටත් වඩා කාලය තිබුණු බව නුගත් මිනිසුන්ට තේරුනත් " උගත් ඕලමොට්ටලයන්ට" එය නොතෙරිමට හේතුව මෙය " රොකට් සයන්ස් " වලටත් වඩා අමාරු බැවිනි. දියවන්නා ඔයේ මීහරක් මඩුවේ බැලූ බැලූ තැන හතරග ගැන ගන්න බැරි කිරිබොන තොත්ත බබාලා සිටීම අරුමයකි. නමුත් පුදුමයකි මෙම මීහරක් පැටව් 225 ම හොරකමේ කෙල පැමිණි අපතයන්විමය.

:       9       161

nuwanMonday, 21 October 2019 03:38 AM

රටේ ජනාධිපතිකම කියන්නේ කොතරම් වැදගත් තනතුරක්ද යන්න අපිට පහුගිය අවුරුදු 5ට පෙනුණා. එදා අපි තෝරාගත්තේ හොඳටම කතා කරන්න පුළුවන් කෙනා මිස ප්‍රායෝගිකව වැඩ කරන්නන පුළුවන් කෙනෙක් නොවෙයි. පාස්කු ප්‍රහාරය ගැන 97 පාරක් කියලත් කිසිම පියවරක් ගන්න ඔහුට බැරිවුණා වගේම අද වෙනකන් ත්‍රස්තවාදීන්ට දඬුවම් දෙන්නත් බැරිවෙලා. පාස්කු ප්‍රහාරයට අදට මාස 6යි. මෙවරවත් උගත් හා දැනුවත් හා ත්‍රස්තවාදයට එරෙහි කෙනෙක් පත් කරගනිමු...

:       1       69

SuranimalaMonday, 21 October 2019 03:59 AM

ඔබතුමාගේ ධුර කාලය තුළ මුලින් කිව්වේ හොරු මිනීමරුවන් ඔක්කොම අල්ලලා හිරේදාලා තමයි කිව්වා ගෙදර යන්නේ... එ්ත් දැන් කොහොමද හොරුන්, මිනීමරුවන් කිව්ව අයත් එක්ක එකතුවෙන්න ගිවිසුම් අත්සන් කරලා ශ්‍රීලනිප වලපල්ලට යවලා කරපු කැත වැඩේ. මේ සියලු දේවල් මහජනතාව බුද්ධියෙන් බලලා හරි තීරණය ඡන්දයේදී ගන්න...

:       1       353

Nandalal DE SILVA - France Sunday, 20 October 2019 04:45 PM

මේක කොන්දක් තියෙන මිනිහෙක් කියන කතාවක්ද කියා 8 පන්තියවත් පාස් නැති ඕනෑම ගොබ්බයෙකුට වුණත් පැහැදිලි වෙනවා..! තව සති කිහිපයකින් රටේ උත්තරීතර පදවියෙන් පිටවී යාමට සිදුවී තිබෙන මෙවැනි අවස්ථාවක තව වෙට්ටුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පිට පටවා තමා සුද්ධවන්තයෙක් බව රටටම පෙන්වීමට මේ කරන නින්දිත උත්සාහය පිළිකුලෙන් හෙළා දැකිය යුතු වෙනවා. එහෙනම් මරණ දඬුවම අත්සන් කලේ මොන මගුලකටද?

:       145       362

ගමගේMonday, 21 October 2019 02:32 AM

සහෝදරයා ඔබේ දනුම ගැන මම කණගාටු වෙමි. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් යනවා ජනාධිපති තීන්දුව නවත්වන්න කියලා. අනිත් එක පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 95% මරණ දඬුවමට විරුද්ධයි. එ්ත් මෛත්‍රී කොන්ද පණ ඇතුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කැමතියි. නමුත් එතුමා කැමති වුණාට බැහැ ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ නම්.... මීට ඉස්සල්ලා හිටපු ජනාධිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු අරලියගහ මන්දිරට අඬගහලා ඔවුන්ට දෙන්න ඕනේ තීන්දුව වෙනම කොළයක ලියලා දුන්නට මෙතුමා එහෙම නොකරපු එකයි.. ඔබලාට වැරැද්දක් වගේ පේන්නේ. ඔබලා වගේ මිනිස්සු ඉද්දී රටට හරි යයිද?

:       222       315

pjMonday, 21 October 2019 05:12 AM

නඩුව තියෙන බව හැමෝම දන්න දෙයක්. මෙයාට අයිතියක්, බලයක් නැහැ තමන් තෝරා ගත්ත හතර දෙනෙකුට පමණක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. අධිකරණයෙන් නියම කරන ලද මරණ දඬුවමට ලක් වූ සියලු දෙනාටම එකම හැන්දෙන් බෙදිය යුතුයි. මෙයාට බලයක් තිබෙන්න විදිහක් නැහැ... තමන්ට අවශ්‍ය අයට පමණක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. සාමාන්‍ය තත්වයන් යටතේ ජනාධිපති සමාව ලැබිය යුත්තේද... බරපතල නොවන සිර දඬුවම් විඳින අයගෙන් සිර ගෙදර දී හැසිරීම අනුව නිලධාරීන් විසින් තෝරා ගන්නා ලද අයටයි. එයට වයස, ආචාර්ය උපාධි බලපාන්නේ නැති විය යුතුයි. එසේ නොවන්නේ නම් එය අධිකරණයට, අධිකරණ නියෝගවලට අපහාස කිරීමක්... අනිත් අය ගැන සෙවීමට පෙර තමන්ගේ දැනුම ගැන සැලකිලිමත් විය යුතුයි...

:       103       3

pj Sunday, 20 October 2019 04:49 PM

මෙම අධිකරණය හෑල්ලුවට ලක් කිරීම දඬුවම් ලැබිය යුතුම වරදක්.... තමන්ගේ තනතුරට හිමි අදාළදේ කරන්න වගකීමකින් තොරව අධිකරණය විමසනවා. අදාළ නැති දේ හිතුවක්කාරවම කරල දානවා...

:       311       135

ධම්ම Sunday, 20 October 2019 05:21 PM

මරණ දඬුවම අධිකරණය තීරණය කළා. ඔබ අත්සන් කළා. දැන් මොකක්ද මේ කියන බයිලාව වැඩේ කරන්නේ නැතිව...?

:       323       305

bw dayarathne Sunday, 20 October 2019 05:34 PM

එඩිතර පියවරක්. සමහර මෝඩයින්ට මේවා තේරෙන්නේ නැහැ.

:       20       209

BamunuarachchiMonday, 21 October 2019 12:41 AM

මොකක්ද හලෝ එඩිතර පියවර? අැපෑලකින් පසුව මරණීය දණ්ඩනය නියම කරන්නෙත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙයා කරන්නේ තම කැමැත්ත දෙන එක පමණයි. එ්කත් කරගන්න බැරි නායකයෙක් රට කොහොම ආරක්ෂා කරන්නද? කුඹුරක සිටෙව්වොත් කුරුල්ලෝ එලවන රාජකාරියවත් කරන්න බැහැ. මේ අවුරුදු 5 රටේ සංවර්ධනයට ප්‍රගතියට කළ එක දෙයක් කියන්න. මරණීය දණ්ඩනය පනතකින් අත්හිටවූවක් නොවෙයි. කෙනෙකුගේ පරතිපත්තියක් හැටියට නැවැත්වූ දෙයක්. බණ්ඩාරනායක මහතා නැවැත්වූ මරණීය දණ්ඩනය ඒ මහතාවම ඝාතනයෙන් පසු නැවත ඇතිකළානම් දැන් බැරි ඇයි? නිවටකම නිසා නොවේද?

:       216       22

raviMonday, 21 October 2019 07:58 AM

ඔබතුමා මෙහෙම වීම කනගාටුවට හේතුවක් ! .. වගේම කෙලින් හිතන්න කල්පනාකරන්න බැරි කෙනෙක් බවද අපිට සනාත වී ඇත .

:       0       2

de silva Sunday, 20 October 2019 07:57 PM

අධිකරණයේ තීන්දුව දීලා තිබෙනවා ජනාධිපති නියම කරන දිනකදී එල්ලලා මරන්න කියලා... මේ දඬුවම ක්‍රියාත්මක කරන්න ඇත්තටම මෙතුමාට අවශ්‍යතාවයක් තිබුණා නම්.., කරන්න තිබුනේ ලියකියවිලි ටික ගෙන්න ගෙන අත්සන් කරලා බන්ධනාගාරයට යවන එක... එ්ක එහෙම නොකර බොරුවට අවුරුදු ගණනක් රට වටේ කියව කියවා ගිය කුඩුකාරයන් එල්ලනවා කියලා... ඊට පස්සේ වැඩේ අවුල් වුණාම කිව්ව ලිපිගොනු නැහැ කියලා, ඒවා හොයලා දුන්නට පස්සේ බොරුවට පාර්ලිමේන්තුවේ ගෝලයෝ ටිකක් දමලා එ්ක නොකෙරෙන තැනට තව නාඩගමක් නැටුවා.

:       35       6

ලුම්බිණි Sunday, 20 October 2019 08:27 PM

තමා කරපු සියලු වැරදි වලට තවත් එකතු කර ගැනීමක් තමයි හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා කියන එක.

:       1       1

Appuhami Sunday, 20 October 2019 08:28 PM

අපි බලමු ජාවාරම් කාරයො දිනයිදනැත්නම් මෙයා දිනයිද කියලා.

:       0       84

රොෂාන් Sunday, 20 October 2019 08:37 PM

දුමින්ද සිල්වාට දෙන මරණ දඬුවම ගැන වෙන්න ඇති මේ කියන්නේ?කරන්න පුළුවන් දෙයක් කියන්න මහත්තයෝ. හිතාගෙන ඇති අපිත් ඒ වගේ ගොන් බුරුවො කියලා?

:       46       47

kumara Sunday, 20 October 2019 09:15 PM

මරණ දඬුවම, මරණ දඬුවම, මරණ දඬුවම. හැමදාම මේ බණේ කියන්නේ. කරන්න බැරිනම් නිකමෙක් විදියට පියාගෙන ඉන්නකො.

:       0       2

abaran Sunday, 20 October 2019 09:45 PM

කමක් නෑ අර පවරා ගත්තු මන්දිරය තියලා යන්න..පුලතිසි ගිහිල්ලා රිලැක්ස් එකේ ඉන්න...

:       0       3

Nandalal DE SILVA - France Sunday, 20 October 2019 11:00 PM

තමන්ට හීනෙන්වත් ලබාගත නොහැකිවූ මේ "රාජකීය" පදවියට ගොඩවීමට අත හිත දුන් සියලු දේශපාලන පක්ෂවලට කොකා පෙන්වා ලබාගත් නින්දිත තත්වයත්, ලක්ෂ 62ක චන්ද දායකයන්ට පස්ස හරවා ඔවුන්ගෙන් ලබාගත් ගැරහුම්, අපහාස පොට්ටනියත් මදිද හතර අපායකටම යන්න ? දැන් ඒ මදිවට මිනිසුන් ගස් යවා ඒ පවත් එකතු කර හත්විට ඔහේ යන තැන අපට සක්සුදක්සේ පේනවා !

:       66       186

Chathuri Sunday, 20 October 2019 11:49 PM

හිල්ටන් එකේදිනේ කිව්වේ මේ කතාව, කරටිය කැඩෙන්න ගහන්න ඇති නේද?

:       32       26

Dileepa Monday, 21 October 2019 12:25 AM

රෝයල් පාර්ක් සිද්ධියෙන් මිය ගිය ගෑණු ළමයා අද හිටියා නම් එයත් අවුරුදු 30ක විතර ළමයි ඉන්න අම්මා කෙනෙක්. ආචාර්ය උපාධියක් ගත්තම මිනීමැරුමෙන් නිදහස් වෙන්න පුලුවන්ද? මැරුණු මනුස්සයාට සාධාරණය කොහෙද? පවුලේ අයට... ඔය කියන මිනීමරුවගේ තාත්තා කෝටිපති ව්‍යාපාරිකයෙක්. සල්ලිවලට ලොකු ලොකු තැන්වල ඇඳුරුම්කම්වලට නීතිය 2ටම කැඩෙන හැටි...

:       0       143

upaliMonday, 21 October 2019 05:16 AM

මියගිය තරුණිය යුරෝපීය කෙනෙක්. නිදහස් කරොත් මෙයා ජාත්‍යන්තර ප්‍රශ්නයකට මුලපිරීමක් විය හැකිය.

:       0       1

Mahida Monday, 21 October 2019 12:29 AM

මරණ දඬුවමට එරෙහිව නඩු දැම්මේ කව්ද?

:       0       7

C.K.LANKAPUTHRA Monday, 21 October 2019 02:41 AM

ජනාධිපතිවරයාගේ තනි අභිමතය පරිදි හෝ බලපෑම් මත වරදකරුවන් නිදහස් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ඇති අතීත පූර්වාදර්ශයන් ඉතාමත් නින්දිතයි. ස්වාධීන මණ්ඩලයක් විසින් කරනු ලබන නිර්දේශයන් මත පමණක් එය කළ යුතු බව මගේ මතයයි. ජනාධිපතිවරයා දේශපාලන චරිිතයක් බැවින් මෙහිදීී අවභාවිතාවන් සිදුවීමේ ඉඩක් පවතිනවා. තවද අවුරුදු දහනවයෙන් හිරේගිය කෙනෙකු දැන් අවුරුදු 32ක් නිසා නිදහස් කිරීම යුක්ති සහගතද? එම වයස් සීමාව තුළට වැටෙන සියලුම දෙනා නිදහස් කරනවාද?

:       0       39

Akila Monday, 21 October 2019 03:16 AM

අද රටේ මනුස්ස ජීවිතයකට කිසිම වටිනාකමක් නැහැ. මිනිස්සු හිතන්නේ නැතිව අනෙකාගේ ජීවිත විනාශ කරලා දානවා. මේක නවතන්න නම් මරණ දඬුවම අනිවාර්යයෙන්ම ඕනේ..

:       0       70

p.d goonawardena Monday, 21 October 2019 03:23 AM

වැඩ බැරි ටාසන්...

:       0       3

bw dayarathne Monday, 21 October 2019 03:32 AM

බමුණුආරච්චිට නීතිය ගැන පුදුම දැනුමක් තියෙන්නේ. උසාවියක් ළඟින් ගිහිල්ලා නැද්ද?

:       0       7

නීලා Monday, 21 October 2019 03:45 AM

මම මේ හාදයට කත් අදිනවා නෙවෙයි. මෙතැන තියෙන කොස්ස තමයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම... එසේ ඇතිවිට එම නඩුවෙන් ලැබෙන තීන්දුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙයාටත් බලා ඉන්න වෙනවා. එම නඩුවේ තීන්දුව ලැබෙන තෙක්...

:       0       13

ලෙබ්බේ Monday, 21 October 2019 04:00 AM

මම නම් අහලා තියෙන්නේ විධායක ජනාධිපතිකම ගෙනාපු වෙලාවේ ජේ.ආර්. කිව්වේ ගැහැණියෙක්, පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැණියෙක් කරන්නයි විතරයි. මේ නීතියෙන් බැරි අනිත් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා..

:       0       3

Uditha - London Monday, 21 October 2019 04:08 AM

නරකද හොඳ ඉස්පිරිතාලයකට ගිහින් පිට කොන්ද තියනවද කියලා...? එක්ස්රේ පරීක්ෂාවක් කර ගත්තොත්.. රට්ටු හිනස්සන කතා කියන්න එපා.

:       9       18

Sugath Monday, 21 October 2019 04:33 AM

මඩ හෝ‍දා ගත් කල ගොවියා රජවීමට සුදුසු යයි කියමන අමු බොරුවක්... මේ වගේ කටෙන් බතල හිටවන ගොවියෙක්ට තමය් අපි අහුවුනේ... නොවැම්බර් 16න් පස්සේ ජනාධිපති තාත්තා 2වැනි කොටස ලියන්න වැඩක් නැත්නම්... අපිව අයෙත් මුලා කරන්නේ නැතුව...

:       0       5

ලසන්ත Monday, 21 October 2019 04:45 AM

ඕනෑම පුද්ගලයෙකු මරණයෙන් නිදහස් කර ජීවිතය ගැන සිතීමට අවස්ථාවක් ලබාදීම සඳහා අභයදානය දීම ඇගයීමට වටී. නමුදු ආචාර්ය උපාධිය මිම්මක් කර නොගත යුතුයි.

:       0       14

kdm Monday, 21 October 2019 05:00 AM

අනේ එපා...

:       0       2

Rata Perata Monday, 21 October 2019 06:06 AM

යන්න කලින් ඕක කොහොමහරි කරන්න.

:       0       0

නෙවිල් Monday, 21 October 2019 06:35 AM

ද සිල්වා මයා. මටත් තේරෙන්නේ නැත්තේ මේක තමයි. මරණ දඬුවම පනවන්නේ අධිකරණයෙන්නෙ. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න ආයිත් අධිකරණයෙන්ම අහන්නේ මොකටද ?

:       0       0

vipula Monday, 21 October 2019 07:06 AM

මාසයේ වැටුප x 12 x වසර 5. ජනපතිතුමාණෙනි, මේ ලබාගත්ත වැටුප ගැන සිතා අඩුම වශයෙන් මේ දේවත් කරන්න. නැත්නම් ඔබ ගන්න විශ්‍රාම වැටුපට අකුණු වදින්න පුළුවන්...

:       0       0

කණ්ඩම්බි Monday, 21 October 2019 07:53 AM

වැඩ බැරි මිනිහට විධායක ජනාධිපතිකම තිබ්බත් වැඩක් නෑ. හිතාගන්න පුළුවන් මෙච්චර කල් කෘෂිකර්ම ඇමති වෙලා ඉඳලා කරපු කෙරුවාව ගැන...

:       1       16

Sunil Tuesday, 22 October 2019 01:02 AM

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යන්නේ තවත් මිනීමරුවෝ නිදහස් කරමින්ද?

:       0       56

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 241 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 936 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2359 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1626 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 949 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2197 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1443 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site