(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මස 3 වැනිදා පස්වරුවේ සුගතදාස ශෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ශ්‍රීලනීප ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ හා නව තනතුරු සඳහා පත්වීම් එදින පිරිනැමෙන බවත් ගම් මට්ටමේ බිම් මට්ටමේ පාක්ෂිකයින් ඇතුළු සියලු පක්ෂ සංවිධානයෙන් මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ගෙන් ඇතුළු පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් එදිනට සහභාගී වන බවත් එජනිස මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.
පක්ෂය ශක්තිමත් කිරීම පුළුල් සංධානයක් ගොඩනැගීම හා පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින සිදුවන බවද ඒ මහතා කීය.
පක්ෂ 10 කින් යුත් සන්ධානයක් මෙදින ගොඩනගන බවද අලුතින් ගොඩනගන පුළුල් සන්ධානය තුළ නව බලවේග රැසක් ඇතැයිද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
කොළඹ 10 ඩාර්ලිපාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ අද (08) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රීලනිප සම්මේලනය සැප්තැම්බර් 3 වැනිදා
sirimal Friday, 09 August 2019 08:33 AM
දැන් අර වැටඋඩට වෙලා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන " ඊළඟ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙවේ පොහොට්ටුවෙන් " කියමින් බයිලා ගහන ජෝකර්ලත් සහභාගි කර ගන්නවද?