(නාලක සංජීව දහනායක)
නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවත්වන සාකච්ඡා අතරමඟ නතරකර දමා පැනයාමට තම පක්ෂය සූදානම් නැති අතර එම සාකච්ඡා ඉදිරියටත් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරීස් මහතා අද (8) පැවැසීය.
පැස්බරා වැලිගොඩක ඔළුව සඟවා ගන්නා සේ ප්‍රශ්න හමුවේ සැඟවී සිටීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බව කී මහාචාර්ය පීරිස් මහතා ඇතිවී තිබෙන බැරෑරුම් ප්‍රශ්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියටත් සාකච්ඡා කරන බවද කීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය ඡන්දය වර්ජනය කිරීම ඉතාම බරපතල කාරණයක් යැයි කී මහාචාර්යවර ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන තුන්වැනි සාකච්ඡාව අනිද්දා (10) කොළඹ-07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රීලනිප සමඟ සාකච්ඡා නතර කළ නොහැකි බව ජීඇල් කියයි
sirimal Monday, 08 April 2019 11:09 AM
නැතුව නැතුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද නැතුව ඔබතුමාගේ පක්ෂයෙන් මොන ජගතා දැම්මත් දිනන්න බැහැනේ. එකනේ ඔබතුමා පොහොට්ටුවේ මුල් පුටුවේ ඉන්දවලා කප්පිත්තා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිලා ඉන්නේ. ඒ වැඩේ නියම කල්පිතය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ආපහු ලබාගැනීම බව මහාචාර්යතුමෙකුට වැටහී නැතැයි කියනවානම් ඒක තමා මේ ශතවර්ෂයේ ඇහුන ලොකුම විහිලුව.
Nissanka Monday, 08 April 2019 11:12 AM
ශ්‍රීලනිප සාකච්ඡාවට ආවේ මෛත්‍රී ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා කරගන්න. දැන් ඉතින් රාජපක්ෂ අපේක්ෂකත්වයට තෝරාගෙන නිසා මේ සාකච්ඡා වැඩිදුර යන්නේ නැහැ. මෛත්‍රී දැන් ආපහු ටිකටික යූඑන්පීයට කිට්ටු කරනවා.
Arjuna Ranawana Monday, 08 April 2019 04:48 PM
රාජපක්ෂ පවුල ගොඩනැඟීම සදහා උර දී ඉන්න ඔබ, ඔබේ නම බේරාගෙන ගෙදරට වෙලා හිටියා නම් වඩා හොඳයි.
Hafeel Monday, 08 April 2019 10:43 PM
මෙයාට කීර්තිනාමයක් තිබුණත්නේ.
Don Tuesday, 09 April 2019 03:06 AM
සාකච්ඡා කරන්න දෙයක් ඉතිරිවෙලා තියෙනවද?
Chanak Los angeles Tuesday, 09 April 2019 05:28 AM
මහාචාර්ය පදවියකුත් තියාගෙන විඳින දුකක්. මේවා තම තමන් රැගෙන එන කර්ම ඉතින් ගෙවන්නම වෙනවා ..
Mudali Tuesday, 09 April 2019 06:01 AM
දෙපාර්ශ්වයම කරන්නේ උගුරට හොරා බෙහෙත් බොන එකයි…ඒ කියන්නේ දෙගොල්ලන්ගේම හිත යට අරමුණ 'අනිකාගේ උදව් අරගෙන මම ගොඩ වෙන්නම්' කියන එකයි…..ඔය දෙගොල්ලටම මීට පස්සෙ ගොඩ එන්න බැහැ…කොටින්ම ,ශ් රීලනිප - පොපෙ හරියන දීගයක් නෙවෙයි…...එජාපෙ වට්ටන්න නම් වෙන මගක් සෙවිය යුතුයි…....එවැනි මගක් පේන තෙක් මානෙක නම් නැහැ...අහම්බයක් සිදුවුනොත් මිස….
Saththaya Tuesday, 09 April 2019 06:06 AM
අනේ අපොයි, නතර කරන්න එපා , දිගටම කරගෙන යන්න . ජනතාව ඉන්නවානේ හැම බරක්ම උහුලන්න .