(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ශ්‍රී ලනිපය විසින් අද (10) ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මුහුණ පොතේත් පක්ෂයේ නිල වෙබ් අඩවියේත් එම ගිවිසුම් දෙක අද පළකර තිබිණි.
ශ්‍රී ලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සහ ඉදිරි මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට සම්බන්ධව ඇතැම් මැති ඇමැතිවරුන් නගන පරස්පර මතවාදවලට පිළිතුරක් ලෙස මෙම ගිවිසුම් දෙක ප්‍රකාශයට පත්කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම ඉකුත් ඔක්තෝබර් මස 10 වැනිදා කොළඹ දී අත්සන් කරනු ලැබූ අතර ශ්රීලනිපය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ද ඊට අත්සන් තැබූහ.
මේ අතර එවකට ජනාධිපති අපේක්ෂකයාවූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉකුත් ඔක්තෝබර් මස 19 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතරල ඊට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අත්සන් තැබූහ.
ජනාධිපතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම හා අනෙකුත් මැතිවරණවලට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් වන එකඟතා එම ගිවිසුම්වලට ඇතුළත්ව තිබිණි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්රීලනිපය පොහොට්ටුව සමඟ අත්සන් කළ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධියට
sudath Monday, 10 February 2020 10:29 PM
ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීම මහත්මා ගතියයි.
Mahesh Tuesday, 11 February 2020 02:02 AM
මේ වගේ අය එක්ක මොන ආණ්ඩුද.? මන්ත්‍රීදූර තුනක්වත් ගන්න බැරි පක්ෂයක් ගිය උඩ.
MD Tuesday, 11 February 2020 03:11 AM
පොහොට්ටුවට අපහස කර කර පොහොට්ටුවෙන් 30% ඉල්ලන්න සදාචාරාත්මක නැහැ නේද.?
ruwan Tuesday, 11 February 2020 04:18 AM
දැන් ඉතින් යන එන මන් නැතුව බොරුවට අඩ අඩා තමා ඉන්න වෙන්නේ. සිරිසේන මහත්තයා ගාවගත්තොත් පොහොට්ටුවට තියෙන ඡන්ද ටික නැතිවෙන්න පුළුවන්.