IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමට තීරණය කරයි

(නාලක සංජීව දහනායක)

සියලුම ප්‍රධාන වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමටත් එම සහල් සහනදායි මිලට ජනතාවට ලබාදීමටත් අද (24) පැවැති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත.

එමෙන්ම උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර ඇත.

ඉදිරි මහ කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් සකසන ලෙසට ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) රැස්වූ ජීවන වියදම් අනුකමිටුව මගින් මෙම තීන්දු තීරණ ගෙන ඇත.

එමෙන්ම ජනතාවට දැනෙන ලෙසට සහල් මිල අඩුකිරීමට අවශ්‍ය තීන්දු තීරණද එහිදී ගෙන ඇත. ඒ අනුව දිවයිනපුරා ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට ද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු එහිදී පෙන්වාදුන් අතර ඒ සම්බන්ධ වැටලීම් තවදුරටත් සිදුකරන බවද ඔවුහු මෙහිදී පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන්වන චමල් රාජපක්‍ෂ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක, මහින්ද යාපා අබේවර්ධන, සනත් නිශාන්ත, තාරක බාලසූරිය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර යන මහත්වරුන්ද අමාත්‍යංශ ලේකම්වරුන්ද මෙම සාකච්ඡාවට සහභාගිවූහ.

 



අදහස් (6)

වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමට තීරණය කරයි

මුණසිංහ Tuesday, 24 December 2019 04:44 PM

කෘෂිකර්ම ක්ෂේත්‍රයට රජය මීටවඩා මැදිහත් විය යුතුයි. මහා පරිමාණ වී මෝල් 3ක් පමණ රටපුරා පිහිටුවන්න. වී ගබඩාත් ඊට සරිලන පරිදි රටපුරා ඇති කරන්න. ඒවාට වී මිලදී ගන්න. එවිට ඔය මෝල් හිමියන් මට්ටු වෙනවා සිකුරුයි. ඒ වගේම වී ගොවිතැන් නොකරන සියලු බිම් රජය මැදිහත් වී අස්වැද්දීමට ක්‍රමයක් අරඹන්න. අනෙකුත් වගාවන් වලටත් එසේ කරන්න. ඒ සියල්ල සඳහා කෘෂි ක්ෂේත්‍රයට අවශ්‍ය නිලධාරින් බඳවාගන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වී කොම්පෝස්ට් ව්‍යාපෘතිද පටන් ගන්න. රට සැම අතින්ම ස්වයංපෝෂිත වෙනවා සිකුරුයි...

:       1       0

sam Tuesday, 24 December 2019 09:15 PM

''ජනතාවට දැනෙන ලෙස'' සහල් මිල අඩු කිරීමට ජනපතිතුමා තඹුත්තේගම ආර්ථිකේ දීත් උත්සාහ කරලා තිබුණා. රුපියල් අනූහයට විකුණන සහල් අනූහතරට දෙන්න බැරිද කියලා අහපු බව පත්තරේ තිබුණා.

:       0       2

Sunil gikiyanage Wednesday, 25 December 2019 12:20 AM

රජයෙන් විකුණන හාල් නැවත තොගවශයෙන් මෝල්හිමියෝ මිලටගෙන ආපහු රජයට විකිණිය හැකියි.

:       0       2

jayath Wednesday, 25 December 2019 01:11 AM

මේ මාෆියාවෙන් සදාකල්ම මේ රටේ මිනිස්සු බැට කාපු සහල් මාෆියාවෙන් මිනිස්සුන්ව මේ සැරේවත් ගලවාගන්න පුළුවන්ද කියලා බලමු. එහෙම වුණොත් නම් ...

:       1       1

ඔබා Wednesday, 25 December 2019 01:40 AM

ඕවා දේශීය කර්මාන්ත. ඇමෙරිකන් මල්ටිනැෂනල් නොවේ. සහල් මිල අඩුකරන්න රජය වී මිලට ගෙන ඔය කියන පොඩි මෝල් වලට දෙන්න. එතකොට තේරේවි ඇත්ත තත්වේ. ගොන් වැඩ කරලා ගොවියයි කර්මාන්තයි දෙකම කන්න එපා. කට්ටිය වැලට රැලේ යනවා. අවුරුදු විස්සක් තිස්සේ මේක තේරුම් ගන්න බැරිවෙච්ච අම්බරුවෝ මේ ආණ්ඩුවත් ආපු ගමන් කනවා. ඔය ඊර්ෂාවෙන් වෛරයෙන් මඩ ගහන කර්මාන්ත මේ රටේ හිඟන ප්‍රතිරූපය වෙනස් කරන සම්පත්. අයිතිකාරයෝ මැරුනම ඕවා අරන් යන්නේ නැහැ. විනාස කරන්න එපා මොට්ටකමට. රටේ ඉන්වෙස්ට්මන්ට් ක්ල්යිමට් එක කන්න එපා. ව්‍යාපාර වලට හිරිහැර කර වෙළඳපල පාලනය කරවිට එයම ආපසු කැරකී පාරිභෝගිකයා, නිෂ්පාදකයා, ගොවියා සියල්ල පෙලාවී. වෙළඳපොළ පාලනය කරන බුද්ධිමත් ක්‍රම සොයාගන්න. පිටරට වලින් ගේන අමු කුණු කිසි පැකිලීමක් නැතිව කන රටක් හාල් වලටයි පිටි වලටයි තිතට ප්‍රමිතිය හොයනවා. අවුරුදු 40 කට පෙර අපි කාපු හාල් වලයි පිටි වලයි හැටි (ගඳ,පාට,රස,වී,ගල්,ඇඹුල) සිහිකරගත්ත නම් හොඳයි. අමනෝඥ නොවී.

:       27       3

Asanga Wednesday, 25 December 2019 10:34 AM

සහල් අධිකාරිය නැති කරන්න ඕනෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 101 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 423 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 135 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 161 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 406 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2870 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site