IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි යුරෝපා සංගමයෙන් දෙවැනි නිවේදනයත් එයි


( තිළිණි ද සිල්වා )
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම පාර්ලිමේන්තුව කැදවීමට පියවර ගත යුතු බව යුරෝපා සංගමය අද (30) යළිත් නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටී.


නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ හදිසියේ ඇති වී ඇති දේශපාලන අස්ථාවරත්වය හා නොසන්සුන්තාවය හේතුවෙන් රට අවදානමකට ලක්ව ඇති බව යුරෝපා සංගමය පවසයි.


යුරෝපා සංගමයේ තානාපතිවරයා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ඊයේ(29) දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති බව එම නිවේදනයේ සඳහන්ය.


රටේ ව්‍යවස්ථාවට ගරු කරන විසදුමක් කඩිනමින් සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එහිදි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.


ශ්‍රී ලාංකික ජනතාවගේ පූර්ණ යහපත උදෙසා සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයාම සඳහා සිය සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව ද යුරෝපා සංගමය පවසයි.



අදහස් (14)

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි යුරෝපා සංගමයෙන් දෙවැනි නිවේදනයත් එයි

Perera Tuesday, 30 October 2018 05:43 AM

මේ අයට අපිටත් නැති උවමනාවක්නේ තියෙන්නේ.

:       1355       1503

Ruwan Tuesday, 30 October 2018 05:50 AM

රටේ ජනාධිපති ඉන්නවනම්, ඇමති මණ්ඩලයක් ඉන්නවා නම් කොහෙද දේශපාලන අස්ථාවරත්වයක් හා නොසන්සුන්තාවයක්? මෙයාලගේ අරමුණ පැහැදිලියි.

:       1196       700

nisar Tuesday, 30 October 2018 06:01 AM

ප්‍රමාද වුනොත් වැඩේ වරදිනවා කියලා බයයි

:       538       657

Sugandhi Tuesday, 30 October 2018 06:06 AM

සම්බාධක ගෙනෙන්නද හදන්නේ

:       0       0

Rasika Tuesday, 30 October 2018 06:12 AM

මුළු රටේම ජනතාව එකතුවෙලා මෙන්න මේ විජාතික බලපෑමට එරෙහිව නැගි සිටින්න ඕනේ.. දැන් බැලුවහම ලංකාව පාලනේ කරලා තියෙන්නේ යුරෝප සංගමේනේ..

:       137       174

sathyapala Tuesday, 30 October 2018 06:24 AM

රටේ ආභයන්තර කටයුතුවලට ජාතියන්තරයට මැදිහත් වෙන්න අවස්ථාව සලසා දුන්න මෝඩ අවස්ථාවාදී පලාකයන්ට ඉදිරියේදී ජනතාව විසින් දඩුවම් කරනවා ඇත.

:       0       0

kalpa Tuesday, 30 October 2018 06:30 AM

ජී.එස්. පී සහනය ඉවත්කරයිද?

:       0       0

sam Tuesday, 30 October 2018 06:31 AM

අපේ නිල රතු කොළ පාට පැත්තකින් තියලා හිතන්න පරණ කොලනි මාස්ටර්ලා මොකද කලබල කියලා.

:       0       0

චමින්ද Tuesday, 30 October 2018 07:10 AM

රුවන් හා නිෂාර් මහත්වරුනි ඇඟලුම් හා මාලු සඳහා G .S .P සහනය දෙන්නේ එම සංගමයෙන් කියල අමතකද? එය අහෝසිවුනොත් අප රටට පාඩුයි. යුරෝපා සංගමයට ලාභයි.

:       70       81

lanka Tuesday, 30 October 2018 07:43 AM

මේ උවමනාව ලංකාවේ ලක්ෂ 62 ඡන්දය දුන්න ජනතාවටත් තියෙනවා

:       3       236

Salinda Tuesday, 30 October 2018 08:05 AM

අපරාදෙ සුද්ද අපිට නිදහස දුන්නෙ. එහෙම නොවුනනම් අපේ රට මේ අවුරුදු 70 දි මීට වඩා ගොඩක් දියුණු තැනක තියෙන්න තිබුණා. නිදහසින් පස්සෙ ආපු අපේම දශපාලකයො රට කෑවා. අද අපේ රට ජරා දේශපාලකයන්ගේ කොලනියක්. ගැලවීමක් පේන මානයක නෑ.

:       0       103

Bamunuarachchi Tuesday, 30 October 2018 11:37 AM

ඔහෙලගේ ආණ්ඩුව කලේ ඕකම තමයි.

:       0       0

Bamunuarachchi Tuesday, 30 October 2018 11:40 AM

දැන් 62 ට ඒ වුවමනාව නැහැ. ගොයියා ගැන ජනාධිපති හොඳ සහතිකයක් දුන්නා.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 30 October 2018 10:13 PM

තවමත් දේශපාලනය ගැන හයක් හතරක් නොදන්නා දරුවන් වගේ ජීවත්වන අපේ රටේ ඡන්ද දායකයන්ට කොකා පෙන්වන අපේ දේශපලකයන්ට මේක හොඳ පාඩමක්..! විදේශිය රටවල් අපේ දේශපාලන විජ්ජාකාරයන්ගේ සූත්තරවලට අහු නොවෙන බව අපේ කෙරුමන් සිහියේ තබා ගත්තොත් ඒක ඔවුන්ට අයහපත් වුනත් රටට යහපත් වේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 891 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2026 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2338 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1207 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 313 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2348 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site