වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද(18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.
රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කණ්ඩායමේ ඉහළ ම නිලතල දරමින් සිටි පිරිස අතර, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය දෙවන වෛද්‍යවරයා මොහුය.
වයිරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මහතා පසුගිය දා මිය ගියේය.
ඊයේ රාත්‍රියේ හුබෙයි සෞඛ්‍ය කොමිසමෙහි, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරණ කටයුතු දෙපාර්තමේන්තුව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ ලියූ වෛද්‍යවරයා මිය ගිය බවයි. නමුත් ඉන් පසුව ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ වෛද්‍යවරයා ජීවතුන් අතර සිටින බවය.
ඔහු බේරාගැනීමට රෝහල හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද, පළමුව කළ ප්‍රකාශය ලියූගේ සමීප මිතුරකුගෙන් ලද වැරදි තොරතුරුක් බවද කොමිසම එම දෙවන ප්‍රකාශයෙන් පවසා තිබිණි.
ඊයේ(17) රාත්‍රියේ වෛද්‍ය ලියූ මහතාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාලයේද ව්‍යාකූල අදහස් පළ විය.
පසුව චීන රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් අද උදෑසන මෙම මරණය වාර්තා කළේය.
වෛද්‍ය සේවකයෝ 10,000ක් පමණ පිරිසක් මේ වනවිට වයිරසය මැඩපැවැත්වීමට ක්‍රියාකරමින් සිටිති. චීනයේ බලධාරීන් පැවසුවේ පසුගිය සිකුරාදා දිනය වනවිට සෞඛ්‍ය සේවකයන් 1716කට රෝගය ආසාදනය වී ඇති අතර, 6දෙනෙකු මිය ගිය බවය.
(රොයිටර් ඇසුරිනි)
16844
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයාත් වයිරසයෙන් මිය යයි
Chandani kithulampitiya. Tuesday, 18 February 2020 12:38 PM
ඔහුගේ කැපවීම ශ්‍රේෂ්ටයි. ඔහු මියයන්නේ විරුවෙක් ලෙස.