IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වාහන මිලදී ගැනීම් - නව ව්‍යාපෘති ආරම්භ කිරීම් නතර කෙරේ

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය ආයතනවලට වාහන මිලදී ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමටත් මේ වසරේ ඉදිරි මාස දෙක තුළ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම නතර කිරීමට සහ අත්‍යාවශ්‍ය නොවන කාර්යාල උපකරණ ආදීය මිලදී ගැනීම ලබන වසර තෙක් කල්දැමීමටත් මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ පිළිබඳ උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛනයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් , පළාත් ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානීන්,සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් වෙත නිකුත් කරනු ලැබ තිබේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඇති වූ අභ්‍යන්තර ආර්ථික තත්ත්වය තුළ  මේ වසරේ රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමත් රජයේ ණය ගැනීමේ සීමාව ඉක්මවා යාමත් සැලකිල්ලට ගනිමින් මෙම වියදම් සීමා කරන බව මුදල් අමාත්‍යාංශය විසින් යවන ලද චක්‍රලේඛනයේ සඳහන් වේ.

මීට අමතරව සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන වියදම් ද තමන් සියයට 10 කින් කපා හරින ලෙසද මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ට දැනුම් දී ඇත.

සියලු රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන වියදම් සියයට 15 කින් කපා හරින ලෙස දැන්වීමක් මුදල් අමාත්‍යාංශය ඉකුත් අප්‍රේල් මස 8 වැනිදා චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.

ප්‍රමුඛ නොවන ව්‍යාපෘති සහ මෙතෙක් ආරම්භ කර නොමැති අයවැය යෝජනාවල ඇතුළත් ව්‍යාපෘති ආරම්භ කිරීම ලබන වසර තෙක් කල්දමන්නැයි මුදල් අමාත්‍යාංශය ඉකුත් දා නිකුත් කළ චක්‍රලේඛනයේ දැනුම් දී ඇත.

මේ වසරේ ඉතිරි කාල සීමාව සඳහා වහා භාණ්ඩාගාරයට මුදල් කළමනාකරණය කර ගැනීමට හැකිවන සේ සියලුම ආයතන වල ලබන දෙසැම්බර් මස දක්වා වියදම් සැලැස්ම ජාතික අයවැය දෙපාර්තමේන්තුවට එවන්නැයි ද මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

 

 



අදහස් (7)

වාහන මිලදී ගැනීම් - නව ව්‍යාපෘති ආරම්භ කිරීම් නතර කෙරේ

චමින්ද Friday, 18 October 2019 12:52 AM

සමහර රාජ්‍ය ආයතනවල වාර්ෂිකව පවත්වන භාණඩ සමීක්ෂණයෙන් මොනවා හෝ දෙයක් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවක් දැක ඇත්තෙමි. මෙහිදී අළුත්වැඩියා කලහැකි දෙවල් පවා විකුනා අළුත්දේ ගැනීමට කටයුතු කරන බවත් ඇත. ඒ ගැන අවධානය යොමුකිරීමත් සුදුසුයි

:       0       16

sas Friday, 18 October 2019 03:07 AM

ප්‍රාග්ධන වියදම් පමණක් නොවයි පුනරාවර්තන වියදම්ද කපා හැරිය යුතුය. රාජ්‍ය ආයතනවල වාර්ෂික විගණකාධිපති වාර්තා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියවා, අවශ්‍ය පියවර ගන්නේ නම් විශාල මුදල් ඉතිරියක් කර ගත හැක.

:       0       7

wasantha Friday, 18 October 2019 04:25 AM

තරඟකාරී ටෙන්ඩර් පටිපාටියේ නොවන ව්‍යාපෘති හැමදාටම නැවත්තුවොත් නරකද? දැනට මෙවන් රටට වී ඇති හානිය දැනගත්තොත් ජනතාව ඉහේ අත ගහ ගනීවි.

:       0       5

RajithFriday, 18 October 2019 06:43 AM

වසන්තගේ අදහසට එකඟයි මෙයාලා අමාත්‍ය මණ්ඩල සන්දේශ දාමින් නිවැරදි ක්‍රමවේදයට පිටින් මිළදීගැනීම් සහ ඉදිකිරීම් කරනවා. පුදුම හදිස්සියක් ඒවට තියෙන්නේ.

:       0       0

දිමුත් Friday, 18 October 2019 05:32 AM

කොහොමද යුද්ධයක් එහෙම තිබ්බානං? ආර්ථිකය ඍණ වෙලා නවතින්නේ

:       2       37

Bamunuarachchi Friday, 18 October 2019 08:12 AM

තව වාහන මොකටද 16 වෙනිදායින් පසුව.

:       0       2

රවින් Friday, 18 October 2019 08:40 AM

හරියට හරි. හොඳ වැඩක්. සියලු රාජ්‍ය ආයතන සතු වාහන ගණනය කර විගණනය කරන්න. තම තමන්ගේ ආයතන සතු වාහන සංචිතය හරි හැටි දන්නේ ආයතන ප්‍රධානින් කීයෙන් කීදෙනාද? පහුගිය ටිකේ තිබුනානේද සෞක්‍ය අමාත්‍යංශය සතු වාහන 500 කට වැඩි ප්‍රමාණයක් ආගිය අතක් නැහැ කියලා? ජනාධිපති සංචිතයෙන් ? තව තව රාජ්‍ය ආයතන වලින්? සමහර කට්ටිය වාහන දෙකතුන ගෙදර ගෙනහිල්ලා? මේ ඔක්කොටම වියදම් වෙලා තියෙන්නේ මහජන මුදල්. විගණනකාධිපති වාර්තාවෙන් පසුව පමණක් අලුත් වාහන මිලදී ගන්න. යන යක්කු කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 7 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 529 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 928 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 906 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 147 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2519 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site