(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කුලියට ලබා ගත් මෝටර් රථයකින් ගොස් ’‘වැගන් ආර් ‘ වර්ගයේ මෝටර් රථ 41 ක පැති කණ්නාඩි සොරෙන් ගලවා විකුණූ බව කියන තරුණයින් තිදෙනෙකු සහ සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (06) සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට සොරෙන් ඇතුළු වී භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේදී සැකපිට අත්අඩංගුවට ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම සොරකම් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විසින් රුපියල් හැටදහසක මාසික කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් භාවිතා කරමින් තවත් තරුණයින් දෙදෙනෙකු යොදා ගනිමින් වාහන අලෙවිසල් ඇතුළු නවතා දමා තිබෙන ’‘වැගන් ආර්’’ වර්ගයේ මෝටර් රථ පමණක් තෝරා ගනිමින් එම රථවල සවිකර ඇති රුපියල් එක්ලක්ෂ විසි දහසක් පමණ වන පැති කණ්ණාඩි සොරෙන් ගලවා රුපියල් හතලිස් පන්දහසකට විකුණා ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි
සොරකම් කිරීම් සම්බන්ධව අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා මීගහවත්ත කඩවත අතුරුගිරිය, කොට්ටාව, මිරිහාන ආදී පොලිස් වසම්වල නිවාස කිහිපයක්ද බිඳ ලැප්ටොප්, මැනික් රන් භාණ්ඩ, කැමරා ආදියද සොරා ගෙන විකුණා තිබියදී සොයා ගත් බවත් සොරකම් කිරීම් සදහා යාමට යොදා ගත් කුලී මෝටර් රථයද අත් අඩංගුවට ගත් ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි
මෙසේ සොරකම් කරනු ලබන ’‘වැගන් ආර්‘‘ වර්ගයේ මෝටර් රථවල පැති කන්නාඩි නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවියේ නිරත පුද්ගලයෙකුට විකුණා ඇති බවත් එම සොර බඩු මිලට ගැනීම සම්බන්ධයෙන් එම වෙළඳසලේ හිමිකරුවද සැකපිට අත් අඩංගුවට ගත් බවත් සොරා ගත් රන් භාණ්ඩ මිලදී ගත් හෝමාගම ප්‍රදේශයේ රණ් භාණ්ඩ අලෙවිසලක කලමණාකරුවෙකුවද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක්වන එක් දරු පියෙක් වන බවද අනෙක් දෙදෙනා අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 23 පුද්ගලයින් බවද පොලිසිය පවසයි
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වාහන පැති කණ්නාඩි ගැලවු දෙදෙනකු අත්අඩංගුවට