IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක්

(නිමල කොඩිතුවක්කු)

වාහන දුම් පරීක්ෂාව  වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක් හදුන්වාදීමට කටයුතු කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

දුම් පරීක්ෂාවට අමතරව, තිරිංග පද්ධතිය, විදුලි පද්ධතිය, ටයර් ආදී වාහනයේ සියලුම උපාංග පිළිබඳ පරීක්ෂාවක් සිදුකර වාර්තාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පරීක්ෂාවේදි වාහනයේ යම් ගැටලු වෙතොත් එම අවස්තාවේදීම ඒවා අලුත්වැඩියා කිරීමට අවශය නවීන තාක්ෂණය ඇතුලත්  නව ක්‍රමවේදයක් හදුන්වාදෙන බවද සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි රාජ්‍ය අමාතයාංශයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

රාජයේ වාහන ඇතුලු සියලු වාහන මේ පරීක්ෂාවට බාජනය වීම අනිවාර්ය කරන බවත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.

වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති ව්‍යාපාරිකයන්ට සහනයක් ලබාදීමේ අරමුනින් මෙම යෝග්‍යතා පරීක්ෂණ එම පුද්ගලයන්ට ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (16)

වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක්

දිමුත් Friday, 11 September 2020 11:55 AM

එහෙනං අපි වාහන දුවලා ඉවරයි. ඔය රජයේ වාහනවල තමයි හැම ලෙඩක්ම තියෙන්නේ... විශේෂයෙන්ම ලංගම බස්වල...

:       3       91

kalu Friday, 11 September 2020 01:30 PM

දැන් සැපද...?

:       239       709

Kumar (Galf)Sunday, 13 September 2020 07:45 AM

UNP කැඳ හැලියේ හිටපු, පාඨලී දුම් පරීක්ෂාවක් කියලා එකක් ගෙනත් අපෙන් සල්ලි හූරන් කද්දී ඔයා සිරිකොතේ දංකුඩ කකා සැපෙන්ද හිටියේ...?

:       4       0

උක්කුං Friday, 11 September 2020 02:31 PM

වාහන ගෙන්වීම තහනම් කිරීමෙන් සිදුවූ පාඩුව වාහන ඇති අයගෙන් අයකරගන්නවා වගේ දෙයක්ද?

:       0       363

Nimal Friday, 11 September 2020 03:44 PM

කොහොමත් අපේ පොකැට්ටුවට විදින දෙයක් නොවෙන්න බැහැ. වාහන අමතර කොටස් මිල දවසින් දවස ඉහළ යනවා. ඒවායේ ප්‍රමිතියත් නියම කරන්න කවුරුවත් නැහැ. අලුත් වාහනයක් ගන්න බැරි නිසා තියෙන පරණ එක හද හදා දුවනවා..ඒ මදිවට තවත් මරාලයක්ද පාත් වෙන්න යන්නේ?

:       9       784

NuwanSaturday, 12 September 2020 06:51 AM

මේකත් මරාලයක් තමයි. සාමාන්‍ය ජනතාව වාහන භාවිතයෙන් ඈත් කිරීම මොවුන්ගේ අරමුණයි.

:       0       1

කමල් Friday, 11 September 2020 04:39 PM

දුම් පරික්ෂාවේ ප්‍රධාන අරමුණ වායු දූෂණය අවම කිරීම. එය හොඳයි. තිරිංග, විදුලිය, ටයර් ආදිය පරික්ෂාවේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව තහවුරු කිරීම. එයත් නරක නෑ. ඒත් ඒවා පරීක්ෂා කළ යුතුමද යන්න ලංකාවේ වාහන ප්‍රමාණය, රිය අනතුරු සිදුවන ප්‍රමාණය, ඒවාට බලපාන හේතු, තිරිංග විදුලිය ටයර් ආදිය පරික්ෂා කිරීමෙන් කෙතරම් දුරට අනතුරු අඩු කර ගත හැකි වේද, අනතුරු අඩු කර ගත හැකි වෙනත් ක්‍රම මොනවාද සහ එම ක්‍රමවල ඵලදායීතාවයන් ආදිය සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කර බලා තීරණය කිරීමයි සුදුසු. ඒ ගැන සුළු විස්තරයක්වත් නෑ. ඒ නිසා එබඳු විශ්ලේෂණයක් කරලා ඇත් දැයි සැකයි. සමහරක් වෙලාවට එහෙම විශ්ලේෂණය නොකර ගන්න තීරණ ඵලදායී නෑ. උදාහරණයකට තිරිංග, විදුලිය, ටයර් ආදී දෑ ගැන පොලිසියෙන් කරන අහඹු පරීක්ෂා කිරීම් සහ දඩ නියම කිරීම් ලංකාවේ සියලු වාහන වසරක් පාසා ඔවැනි පරික්ෂා කිරීම්වලට යටත් කරනවාට වඩා ඵලදායී වෙන්න පුළුවන්. එය එසේ වුවහොත් වසරක් පාසා එබඳු පරීක්ෂණ කිරීම අනතුරු අඩුකරන්න සුදුසුම ක්‍රමය නොවනවා මෙන්ම නිකරුණේ මුදල් සහ කාලය කා දැමීම නිසා ලංකාවේ සමස්ථ ආර්ථිකයට සෘණ බලපෑමක් ද ඇතිකරනවා.

:       0       0

Rohana Friday, 11 September 2020 06:05 PM

වාහන පාරට දැමීමේදී ඒවා ධාවනයට යෝග්‍ය තත්වයෙන් තිබීම අවශ්‍ය වේ. ආණඩු මාරුවනවිට ඒ ක්‍රමවේදත් මාරුකිරීම නම් සුදුසු නැත. මේ කරන්නේ තව ගාණකට විදින ක්‍රමයකි. ලංගම බස්වලට ඔය කියන ක්‍රමවේද කිසිවක් නැත. මගදිගට කලුදුම් පිටකරන ලංගම බස් රථ ඕනෑතරම් ඇත. අප කොහොමත් ප්‍රතිපත්තියක් නැති ජාතියකි. පාලකයින්ද එසේමයි...

:       0       0

Jay Friday, 11 September 2020 09:41 PM

මේක අනික් බොහෝ රටවල කෙරෙන දෙයක්. වසරක් පාසා අලුත් කරන ලියාපදිංචිය සඳහා සම්පූර්ණ වාහන තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් අනිවාර්යයි. එය ලබාගත යුත්තේ අනුමත මෝටර් කාර්මිකයන්ගෙන් පමණයි. කුමක් හෝ වරදක් තියෙනවා නම්, බල්බ් එකක් හෝ වේවා හදා ගතයුතු වෙනවා.

:       0       0

සුදු බංඩාර Saturday, 12 September 2020 12:58 AM

බොහොම හොඳ දෙයක්. දියුණු රටවල මෙය සිදුවෙනවා. ජපානයේ ලොරි බස්, බර වාහනවලට අවුරුද්දකට වතාවක් සහ සැහැල්ලු වාහනවලට අවුරුදු දෙකකට වතාවක් මේ පරීක්ෂණය කරනවා. ඒ සඳහා විශේෂිත ස්ථානයක් තියෙනවා. ලංකාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඉතා යෝග්‍යයි. රියදුරු බලපත්‍රත් මීට වඩා විධිමත්ව ලබාදීමෙන් වටිනා ජීවිත විශාල ගණනක් බේරා ගතහැකියි.

:       0       0

nuwan Saturday, 12 September 2020 03:54 AM

මෙව්වා කරන්න කලින් රජයේ වාහන රක්ෂණය කරලා ඉන්න. විශේෂයෙන්ම CTB බස්...

:       0       0

rana Saturday, 12 September 2020 03:58 AM

ඇයිද කලබල? ඔය නොතේරෙන දේශපාලන සමාජීය අනාථයින් වරින්වර අත හරින දේ... තවම අබ ඇටේක දෙයක්වත් කර තිබේද?

:       0       0

de silva Saturday, 12 September 2020 08:14 AM

මුලින්ම ඔය යෝග්‍යතා පරීක්ෂණ, මගී ප්‍රවාහන බස්රථ සහ බර වාහන සඳහා පමණක් නියම කරන්න. ඉන්පසු ක්‍රියාත්මක වන ආකාරය සලකා බලලා, අනෙකුත් වාහන කාණ්ඩ සඳහා ආදේශ කරන්න. නැතිනම් වෙන්නේ ඔය මධ්‍යස්ථාන අසල වාහන පෝලිම් ඇතිවී ඔක්කොම අවුල් වෙලා, නිලධාරීන්ට පගා ගහන්න පොටක් පෑදීම පමණි.

:       0       0

ජගත් Saturday, 12 September 2020 10:36 AM

තව කරදර වැඩක්...

:       0       0

Buddika Sunday, 13 September 2020 05:12 AM

මොනවා හරි මගුලක් කරලා මිනිස්සු හිරකරනවා. මේ අලුත් දේවල් කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න.

:       0       0

Bamunuarachchi Sunday, 13 September 2020 05:34 PM

තවත් ලෙඩක් පාත් වෙන්නයි හදන්නේ.. ඕවා පැත්තකින් තියා හරක් මැරීම තහනම් කරන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 163 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 446 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1120 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1394 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 455 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 211 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site