IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැසි සුළං නිසා කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට යවයි

(ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද දින අලුයම  පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා  ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.
 
පළමු ගුවන් යානය අලුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට දෝහා  සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයයි. මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ අවට    කාළගුණික තත්වය නිසා මත්තල ගුවන් තොටුපළ වෙත අලුයම 3.15 ට ගොඩ බස්වා තිබුණි. මෙහි ගුවන් මගීන් සමග ගුවන් යානා  කාර්යය මණ්ඩලය 155 ක් සිටි අතර  ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබස්වා යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර සපයා දී යලිත් අලුයම 4.53 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව  අලුයම 5.39 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවූ බව ගුවන්තොටුපොළ බලධාරීහු කියති.
 
අද අලුයම 2.50 ට සාජා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9503 දරන ගුවන් යානයේ  මගීන් සහ කාර්යය මණ්ඩලය 168 ක් සිටි අතර  එම ගුවන් යානය අලුයම 3.38 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි. පසුව අලුයම 4.34 ට මත්තල ගුවන් තොටුපොලෙන් පිටත් වූ එම ගුවන් යානය අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
 
මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ අවට කාලගුණික තත්ත්වයක යහපත් අතට හැරී ඇති හෙයින් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.



අදහස් (26)

වැසි සුළං නිසා කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට යවයි

thushara Thursday, 08 August 2019 04:20 AM

දැන් වී ආනයනය කරනවද? වී ගබඩා කරන්න කටුනායක ඉඩ මදි වෙන්න ඇති මගේ හිතේ...

:       4       133

jayasekara Thursday, 08 August 2019 04:30 AM

හනේ ආපොයි... එතකොට ගබඩා කරපු වී ටික කෝ...?

:       1       52

සේන Thursday, 08 August 2019 05:09 AM

පේනවා නේද? මත්තල නැත්නම් ඉන්දියාවට යවන්නයි වෙන්නේ... එතකොට කොච්චර ගෙවන්න ඕනෑද? කපටිකම විතරක් දන්න නින්දිත අමනයින් හැම එකක්ම දකින්නේ පක්ෂයකට දාගෙන තමන්ගේ පැවැත්මටයි. මේවා හිටපු නායකයින් රටට දුන් දායාද...

:       256       450

කැපාThursday, 08 August 2019 05:45 AM

කෝටි ගනන් වියදම් කරල පාලුවට තියෙන එයාපෝට් එකට මාසෙට ප්ලේන් දෙකක් විතර ආවම බයියො ෆෝම් වෙනව. අවුරැදු ගානක් ඉන්දියාවෙ චෙන්නායි යන්න වියදම මේ ගානෙන් සියයට දශමයක් විතර ඇති.

:       350       333

athuraThursday, 08 August 2019 06:56 AM

සෝමාලියාවට පාන් දැම්මා වගේ තමයි...

:       126       15

suddaThursday, 08 August 2019 07:15 AM

මත්තල හරි විදිහට ගුවන් ගමන් පාලනය සඳහා යොදවා ගැනීමට යහපාලන රජය (රනිල් සහ මයිත්‍රී සහ ඔවුන්ගේ සගයෝද ඇතුළුව) අපොහොසත් වුණා. රටේ දකුණ දියුණු කරන්න තිබුණු අවස්ථාව කුණු දේශපාලන ගති නිසා ඕනෑකමින් මග හැරලා දැම්මේ. රනිල්, මෛත්‍රී, රාජිත ඇතුළු හැමදෙනාටම ඕනෑවුනේ නැතිකිරීම මිසක් රට හැදීමක් නෙවෙයි. වැරදි දර්ශනයකින් පලිගැනීම සඳහා ආව අම්බරුවන්ට ඉස්සරහට දියුණුවෙන්න තිබුණු අවස්ථාවන් පෙනුනේ නැහැ. කෝටි ගණන් වියදම් කරලා තමයි අනික් දියුණු රටවලුත් තමන්ගේ නොදියුණු ප්‍රාන්ත දියුණු කරේ. රාජපක්ෂලා හොරකම් කරානම් ඔවුන්ගේ හොර අල්ලලා දඬුවම් දීම වෙනුවට මේ මිනිස්සු රටෙන් පළිගත්තේ...

:       4       162

කසුන්Thursday, 08 August 2019 11:33 AM

සෝමාලියාවට නෙවෙයි යාලු ලංකාවට පාන් දැම්මා වගේ !!

:       0       1

BamunuarachchiFriday, 09 August 2019 03:02 AM

හලෝ වාහනයේ "ස්පෙයා වීල්" එකේ වටිනාම දැනෙන්නේ මහපාරේ පදවන වාහනයේ රෝදයක් අබලන් වුනාම කියලා සමහර ගොබ්බයින්ට තේරෙන්නේ නැත. ස්පෙයා වීල් එකේ ප්‍රයෝජන දන්නා අය එයත් හොඳ තත්වයේ තිබෙනවාද කියා නිතර සොයා බලනවා. වෙන උපමා උපමේය ඕනේ නැහැනේ නේද? ඔලුකට්ට ඇතුලේ මොලයක් තිබෙනවා නම්. මාස 6ක කාලයක් කටුනායක අලුත්වැඩියාව කෙරෙද්දී මෙරටට පැමිණි ගුවන්යානා ඔක්කොම සෝමාලියාවට යන්න ඇති...

:       0       0

රොෂාන් Thursday, 08 August 2019 06:58 AM

ඒක ගෙවන්නේ ඒ ගුවන් සමාගම මිසක් අපි නෙමේ... ගුවන් ගමන් ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය මේ වගේ නිවුස් දැක්කම ඉබේම ෆෝම්වෙනවා.

:       21       9

HafeelThursday, 08 August 2019 07:22 AM

ලෝකේ කොහේ හරි තියනවද අයහපත් කාලගුණයට පමණක් ගොඩ බැස්සවීමට ගුවන් තොටුපොළක් ඉදි කරලා? එ්කත් විශාල ණය බර අරන්. තවද වංචා... මේකේ නඩත්තුවට දරන වියදම්. මේක ඉදිකළ රාජපක්ෂ ආණ්ඩුවටත් නොහැකිවුණා. මේකෙන් ලාභ ලබන්න සහ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ඔස්තාර්ටත් බැරි වුණා.. මේක ගොඩ නගන්න. ඒ නිසානේ අර ආර්ථික ඔස්තාර් රනිල් මේක වී ගබඩාව කලේ.

:       74       59

sahanThursday, 08 August 2019 10:32 AM

ගුවන් තොටුපලක් කියන්නේ අදින් හෙටට ලාභ ලබන හන්දියේ කඩයක් නෙවෙයි. කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර්මාර්කට් ජාලත් එක දවසෙන් ලාභ ලැබුවේ නැහැ. ලාභ ලබන්න ව්‍යාපාරයක් දියුණු කරන ක්‍රම තිබෙනවා. අපේ යහපාලන පිරිසට ඒ දීර්ඝ කාලීන ආයෝජන තේරුම් ගෙන ඒවාට හරියන වැඩ පිළිවෙලක් කිරීමේ දක්ෂකමක් නැති නිසා වී දාන්න දුන්නා.

:       2       0

AmalThursday, 08 August 2019 07:39 AM

එහෙනම් ඉන්දියාවට යවන්න. ඒ වෙනුවෙන් දෙන මුදල සුළු මුදලක්. මත්තල නඩත්තු කරන්න හා ණය ගෙවන්න ඊට වඩා මුදලක් යනවා. ඔයාට ළමයි 3 ක් ඉන්නවා කියල හිතන්න. ඒ අයගේ විවාහ මංගල උත්සව තියන්න කියල ඔයාගේ ඉඩමක reception hall එකක් හදනවද? නැත්නම් තියන reception hall එකක් කුලියට අරගෙන ඒ වෙලාවට ඒ වැඩේ කරනවද? ඒ වගේ තමා මත්තලත්.

:       169       222

samThursday, 08 August 2019 08:56 AM

ළිඳෙන් වතුර බීලා ගඟට ආවඩන්නේ ගඟෙන් නිකම්ම වතුර බොන්න ලැබෙයි කියලද? තමන්ගේ රට දියුණු කරලා ගන්න ආසාවක් නැත්නම් ඉන්දියාවටම යන්න...

:       280       129

සේන Thursday, 08 August 2019 06:22 AM

තමන්ගේ දේ නොවටින, රට නොවේ පක්ෂය බදාගෙන ඉන්න මිනිසුන් කිසිදාක සත්‍යය තේරුම් නොගනීවී. මේ රට දිනෙන් දින අාඝාධයට යන හේතුව ඒ හිස්බවයි.

:       2       79

unknown Thursday, 08 August 2019 06:27 AM

වහිනකොට ප්ලෙන් යවන්න මොකටද එයාර් පෝර්ට් එකක්...

:       102       35

Kumar Thursday, 08 August 2019 07:07 AM

මේකේ දාලා තියෙන සමහර අදහස් දැක්කහම හිතෙනවා මොලේ තරම. ගුවන්තොටුපලක් දැම්ම ගමන්ම ගුවන් යානා එන්නේ නැහැ. ඒකට කරන්න තියෙන්නේ හොඳ ගමනාන්තයක් විදියට දියුණු කරන එක. ඒකට රජය වගේම පෞද්ගලික එකත් වැඩ කරන්න ඕනේ.

:       74       91

බද්රානි Thursday, 08 August 2019 08:06 AM

එයාර්පෝට් එකට ගුවන් යානයක් ගොඩ බැස්සුවාම ඒක පත්තරේ දාන රටක් වෙලා මේක. කාට කියන්නද?

:       42       70

samThursday, 08 August 2019 08:34 AM

අපි ඉන්න ඔස්ට්‍ර්ලියාවෙත් සිඩ්නි මෙල්බර්න් බ්‍රිස්බේන් වගේ නගරවල එයාර්පෝර්ට් මහා කුණාටු වගේ දේවලට වහලා ගුවන් යානා අනික් නගරවලට අරිනකොට මිනිස්සුන්ට දැනගන්න කියනවා.

:       1       59

athuraThursday, 08 August 2019 09:31 AM

හැබැයි මේ කියලා තියෙන්නේ ඇවිල්ලා ගියාට පස්සෙ ඒකයි වෙනස.

:       19       2

බද්රානි Thursday, 08 August 2019 09:57 AM

Sam මහත්තය ඉන්න ඕස්ට්‍රේලියාවෙත්, වැසි දිනවල පමණක් භාවිතයට ගන්න මැස්සෝ ඉහිරෙන එයාර්පෝට් තියනවද? අර "මොකක්ද එකක්" කසා ගන්න නියපොත්තක් නැති වුණාට, අපි මොකටද, ඔස්ට්‍රේලියාවට සෙකන්ඩ් වෙන්නේ, නේද Sam මහත්තයෝ? පිරිලා ඉතිරෙන සල්ලි වලින් මොනවා හරි දෙයක් කරන්නත් එපැයි නේද?

:       0       0

BamunuarachchiFriday, 09 August 2019 03:05 AM

ඇත්ත මොකද මිනිස්සු ගමනේ ඉතිරි කොටස ප්ලෑන් කර ගතයුතු නිසා...

:       0       0

Kumudu Thursday, 08 August 2019 09:18 AM

වහින්නම ඕනේ ප්ලේන් එකක් ගොඩබාන්න. අනේ මන්දා මෙහමත් ගුවන් තොටුපලවල් හැදුවනේ...

:       2       52

BamunuarachchiFriday, 09 August 2019 02:57 PM

තුම්සේගේ කාර් එකේ වීල් එකක් සවුත්තු වුනොත් නේද "ස්පෙයාර් වීල්' එක පාවිච්චි කරන්නේ... "ස්පෙයාර් වීල්' එක නැතුව පාරට කාරෙක ගන්නේ නැහැ නේද? මොන ගොබ්බ තර්කද මේ ගොල්ලෝ ඉදිරිපත් කරන්නේ?

:       0       0

thilak Thursday, 08 August 2019 10:35 AM

වහිනකොට බාන්නත් අපේ රටේ වෙනම ගුවන් තොටුපළවල් තියෙනවා. පේනවා නේද දැන් අපි බලවත් රටක් කියලා!

:       0       1

vipula Thursday, 08 August 2019 11:26 AM

කොළ පාට කන්නාඩි දාගෙන වහල් කමින් යන අයත් තාමත් ඉන්නවනේ

:       18       0

athuraFriday, 09 August 2019 04:12 AM

කුරහන් පාට කණ්ණාඩියත් ඒ වගේම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 423 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 267 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 963 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 59 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2262 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 422 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site