IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘විස්සයි - විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’

'ශ්‍රීලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා' යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

‘තීන්දුව හරි අතට‘  නමින් නම් කර ඇති  මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

(28535)

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර) 

 

 

 



අදහස් (51)

‘විස්සයි - විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’

Dilan Tuesday, 03 September 2019 12:14 PM

ඒ කියන්නේ අලුත් ආණ්ඩුව හදන්නේ මහජන ඡන්දෙන් නෙවෙයිද?

:       440       754

විනිවිද Wednesday, 04 September 2019 01:32 AM

සියයට 90 දුෂිත දේශපාලනයේ එක කොටසක් වන පළාත් සබාව අහෝසිකිරීමට තීරණය කර ඇත්නම්, සියයට 100ක් රටේ ජනතව එම පළාත් සහබ් ක්‍රමය නැතිකිරීමට කල තීරණය ගැන අගය කරන අතර, කවුරු කලත් මුළු රටටම කල මහගු සේවයකි

:       0       145

ජයන්ත මිලානෝ Tuesday, 03 September 2019 12:15 PM

දවල්ද?

:       349       816

Rizwan Tuesday, 03 September 2019 12:36 PM

මොන ආණ්ඩුවක් හැදුවත් වැඩක් නැහැ. ජනතාවට සහනයක් නැත්නම්...

:       5       118

senaTuesday, 03 September 2019 03:27 PM

කතාව ඇත්ත වුණත් ඔබතුමාට ඒ ආණ්ඩුවේ කිසිම නිලයක් දරන්න බැහැ කියන එක මට නම් හොඳටම විශ්වාසයි.

:       166       237

RaveendraTuesday, 03 September 2019 04:00 PM

නැහැ නැහැ. හොරේ අහුවුණා පතෝල මුදලාලි 20යි 20 මැච් එක හොරෙන්.., මොබයිල් එකෙන් බලන ගමන් කතාකරලා තියෙන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ එක පාරටම 20යි 20 මගුලක් ගැන කතා කරේ...

:       218       114

Amila Tuesday, 03 September 2019 12:44 PM

පරිණතයි නායක සිරිසේන... ප්‍රජාතන්ත්‍රවාදී නායක රනිල්.. මිනිස්සුන්ට නම් මේවා විහිලු වගේ...

:       504       627

කපිTuesday, 03 September 2019 03:25 PM

යුක්තියේ රජු ගෝඨා ජනතා පැතුම මරා...

:       1077       1198

chandima Tuesday, 03 September 2019 12:55 PM

අපි කියන්නේ කවුද? ඔය හිටපු 225 මද? එහෙනම් මොන පරිවර්තනයක්ද? වෙන නමකින් ඇවිත් අායෙත් හොරාකන එකනේ වෙන්නේ?

:       35       523

MaheeWednesday, 04 September 2019 01:55 AM

හරියටම හරි. මොන අලුත් ආණ්ඩුව හැදුව වුනත් ඉන්නේ පරණ රට කන හොරු රැළම තමයි. වැඩේ කියන්නේ අපේ වහල්ලු දත මැදගෙන ඉන්නේ ඉන්න හොරු වෙනුවට වෙනත් හොරුන්ව පත්කර ගන්න. මේ වහල් මානසිකත්වය තියෙන, කැපුවත් ලේ අර පාට මේ පාට කිය කියා ඉන්නා වහල්ලුන්ට එයින් පිටත වෙනසක් ගැන හිතන්න බැහැ. "රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට ගැලපෙන ආණ්ඩුවකි". මේක බොහොම ප්‍රසිද්ධ කියමනක්. මෝඩයින් වැඩි රටකට මෝඩයින් රැවටිය හැකි ආණ්ඩුවක්ද, බුද්ධිමතුන් වැඩි රටකට ඔවුන්ව රැවටිය නොහැකි ආණ්ඩුවක්ද ලැබෙනු ඇත.

:       1       101

sampath Tuesday, 03 September 2019 12:57 PM

හරිනේ කොහොමත් මොන අපේක්ෂකයෙක් දිනුවත් එක අලුත් ආණ්ඩුවක් වෙනවනේ...

:       2       76

Prabha Tuesday, 03 September 2019 01:03 PM

හදන කෙනෙක්ට හදාගන්න දීලා ඔය පාඩුවේ ගෙදර යන්න. පව් දුන්නා හොඳටම ඇති...

:       333       487

Bamunuarachchi Tuesday, 03 September 2019 01:04 PM

ඕක කියන්න දෙයක් නොවෙයි 20යි20 ඡන්දයක් තිබ්බොත් අලුත් ආණ්ඩුවක් තමයි. අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපති කෙනෙක්... කියලා වැඩක් නැහැ. සජිත් වගේ කෙනෙක් ජනාධිපති කරගන්න හිතුවොත් රටම ඉවරයි.

:       483       555

KumarTuesday, 03 September 2019 04:40 PM

මහත්මයාගේ අංජනමට පෙනුනේ හැටිද සඳහන් කරලා තිබුණේ... මහජන මුදල් අරගෙන ස්මාරක තැනුවා එ්ක පෙනුනේ නැද්ද? අපි එවැනි දෙයක් කළා නම් අපට හිරබත් කන්න වෙනවා. රට ගැන කෙසේවෙතත් තමන්ට වැසි කෙනාද බලයට පත් වෙන්න ඕනේ...?

:       367       443

BamunuarachchiWednesday, 04 September 2019 03:22 AM

මොනවද හලෝ කියන්නේ? අංජනම කොහොම වෙතත් මහබැංකුව කඩා බෙදා ගත්ත සල්ලි ගැන අමතක වෙලාද ඒවා කාගේ සල්ලිද? ස්මාරක හදපු සල්ලිද ලොකු බැංකු කඩපු සල්ලිද ලොකු...? අනේ මෙහෙමත් බහුබූතයෝ මේ ගොල්ලෝයි රටේ සුබ සිද්ධියට ආණ්ඩු පිහිටුවන්න යන්නේ. මුහුණ බලන් කතා කරනවා නම් හොම්බට ඇනලයි මේවා තෝරලා දෙන්නේ. සජිත්ට රට කරන්න තිබෙන එක සුදුසුකමක් කියන්නකෝ...

:       102       160

athuraWednesday, 04 September 2019 05:17 AM

බමුණා මහබැංකු හොරකමට ඔයාගේ කෙනා අවොත් දඩුවම් දෙනවද.වැල් වටාරම් අනවශ්‍යයි පිළිතුරක් දෙන්න.

:       0       21

BishanWednesday, 04 September 2019 07:09 AM

බමුණා ඉතිං කොන්ත්‍රාත්කාරයනේ. ගෝඨා එනකම් දවල් හීන බලබලා ඉන්නවා.

:       0       29

isurandi Tuesday, 03 September 2019 01:23 PM

ඔබතුමන්ලා කොච්චර පරිණත වුනත් කුමකටද රට තව තවත් වලපල්ලට යනවා නම්...

:       375       441

Bandula Tuesday, 03 September 2019 01:55 PM

මොන ආණ්ඩුව හැදුවත් වැඩ කරන්න බෑනේ. බැරි වුණාම කියන්න නිදහසට හේතුත් තියෙනවනේ... එදා ගේන්න බැරිවුණු අර්ජුන් මහේන්ද්‍රන් වසලයා ඡන්දෙ ලං වෙද්දී ගෙනෙයිනේ... කොහොම කළත් මං මේ පාර මං කාටවත් ඡන්දෙ දෙන්නේ නෑනේ..

:       133       90

Chathuri Tuesday, 03 September 2019 02:40 PM

කියන කතා කියවනකොට, වඩා ගන්න හිතෙනවා. ඔය පරිණත කතාවට 225 නඩේ... ඊට ප්‍රථම හිටිය කවුරු හෝ බලන්න. වැඩ බාරගන්න කොට ඉලන්දාරි වයසෙන් අවේ.. දැන් මහල්ලන් වයසට ගිහින්..., ආපසු හැරිලා බලන්න රටට කරලා තියෙන විනාසේ.., සුද්දා හදපු දේත්, කඩලා විනාශ කරලා දැම්මා බස් කොන්දොස්තර ගන්න ආදර්ශයට කොයිතරම් දුකක් විඳිනවද? බස් එකට සෙනඟ පටවන්න... කොපමණ දැම්මත් මදි.. වයසට නෙමේ වැඩ... කට කොහොමද? සල්ලි ටිකත් ඇඟිලි අස්සේ ගහගෙන සතයක් වට්ටනවද? අනේ ඒකට මේ අයියලා සීතල කාමරෙන් , වාහනයට , සැපට කකා බිබී. රටට මොනවද කෙරුවේ? අසරණ කාන්තාවන් පිටරටවල පටවල ඒවායිනුත් කොමිස් ගහනවා... 68 නෙමේ වැඩ දිහා බලනකොට.. අලුත උපන් බේබිලා වගේ. කතාවට කියන්නේ හැට පැන්නත්, වඳුරා බිමින් යන්නේ නැහැ කියලා මෙයාටයි ආණ්ඩුවටයි 68 ක්ලු, බාලගිරි දෝසේ අරින්න... වැඩ ඉක්මන් වෙන්න..

:       89       57

samantha Tuesday, 03 September 2019 03:36 PM

පරිණතයි කියන්නේ වයස යන එකට නොව දැනුමෙන් හා අත්දැකීම් වලින් සන්නද්ධව ඉදිරි දැක්මක් ඇතිව වැඩකිරීම. අවුරුදු ගණනාවක් දේශපාලනේ නිරතව ඉඳලත් ඉංග්‍රීසි වචනයක් බෑ.. තාක්ෂණික දැනුම බින්දුවයි. අවුරුදු 70ක් මේ රට කාල කාලා දැන් කියනවා පරිණතයි කියලා. කොහෙන් හිනා වෙන්නද කියලා මට තේරෙන්නේ නෑ.

:       387       579

Nimal Tuesday, 03 September 2019 03:50 PM

2015 හදනවා කියාපු අලුත් එක වගේ එකක්ද? රටකට ඕනෑ මෛත්‍රී යුගයක් කියලා සින්දු කියාලා හදපු එක වගේ එකක්ද?

:       216       65

Nandalal DE SILVA - France Tuesday, 03 September 2019 03:51 PM

අනේ මෙයාගේ "බලාපොරොත්තු සිහිනය" ! කාපු දේවල රස මතක් වෙනකොට තව තවත් ඒවම කන්න "දොලදුක" හැදෙන එක සාධාරණයි තමා. සමහර ඒවා දවල් හීන පමණක් බව ලොක්කට දැනෙන්නේ ප්‍රතිඵල ආවාට පස්සේ තමයි..! එතකන් බලාඉන්න.

:       255       108

Buddika Tuesday, 03 September 2019 04:35 PM

කාත් එක්කද? අර මෙයාව මරන්න හැදුවා කියලා මෙයාම කිව්වා... කට්ටිය එක්ක වෙන්නැති.. විලිලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු නේද? මෙයා ඉල්ලුවොත් නම් ලැජ්ජා සහගත පරාජයකට පත්වීම ස්ථිරයි.

:       324       69

wije Tuesday, 03 September 2019 05:25 PM

ඔබතුමාලා කවුරු මොනවා කිව්වත් දැන්නම් මේ රට හදන්න ඔයාලා කාටවත්ම බැහැ. මේ රට හදන්න නම් අඟහරු ලෝකෙන් කෙනෙක් ගේන්න ඕනෑ..

:       10       40

anuradha Tuesday, 03 September 2019 05:44 PM

මාලා! චන්ද්‍රිකාත් එන්න හිතන් ඉන්නවද ඒ ආණ්ඩුවට? එහෙනම් ඉතින් ඇප බේරුනොත් ලොකු දෙයක්...

:       225       928

Chanak los angeles Tuesday, 03 September 2019 07:20 PM

පරිණත මිනිසා ලංකාවට නිදහස ලැබිලා ගතවුණු අවුරුදු ගණන දන්නේ නැහැ. ජාතික ගීය වැයෙන විට කරන්නේ මොනවද කියා දන්නේ නැහැ. මාර පරිණතයක්...

:       0       16

බද්රානි Tuesday, 03 September 2019 07:24 PM

මේ දේශපාලන විෂබීජය ස්පර්ශ කරමින් වැදෙන සුළඟත් ඇති, පුද්ගලයෙක් නොවේ... රටක් පවා විනාශ වෙන්න..?

:       0       20

Kumar (Gulf) Tuesday, 03 September 2019 07:26 PM

මේ පාර ලොක්කා එන්නේ වෙනමම පොටකට...

:       33       173

Chanak los angeles Tuesday, 03 September 2019 08:08 PM

පසුගිය 29 වෙනිදා සහ 30 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකාවේ 9 වන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ දී ලෝක ආරක්ෂක ප්‍රජාව ශ්‍රී ලංකාවේ සේනාධිනායක පල්ලෙවත්ත ගමරාළගේත් ඔහුගේ යුද අපරාධකාර යුද හමුදාපතිවරයාගේත් කණට ගසා පාඩමක් කියා දී තිබේ ඒ නම් ලෝක ආරක්ෂක බලවතුන් එකී සම්මන්ත්‍රණයට සහභාගී වීමට එවන ලද ආරාධනාව පිළිගෙන නමුත් අවසානයේ යුද අපරාධකාරයෙකු ලංකාවේ හමුදාපති කිරීම නිසා අවසාන මොහොතේ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගී වීම වර්ජනය කිරීම ය.

:       447       15

Nalaka Tuesday, 03 September 2019 09:44 PM

හා හොඳයි. අමරදේවගේ සිහින හතක් දුටුවෙමි. මට ගීතය මතක් වුණා.

:       0       1

amaradewaWednesday, 04 September 2019 06:13 AM

ඕක මම නෙවෙයි ජෝතිපාල කියන්නේ...

:       15       0

sisira Tuesday, 03 September 2019 10:39 PM

68 නෙමෙයි 86 වුනත් මේ අය මේ අයම තමයි. වයස වර්ධනය වෙනවා පරිණතභාවය පිරිහෙනවා. මට නම් පේන්නේ ඒ අකාරයටයි.

:       0       23

ranjith Tuesday, 03 September 2019 11:25 PM

හදාගන්න ආණ්ඩු වලින් මේ වෙන කම ජනතාවට නම් වෙඩක් වෙලා නේ වෙඩක් කරගන්න තම තමන්ගේ පඋල් වලට නේද

:       0       4

lankasri Tuesday, 03 September 2019 11:31 PM

පවු මේගොල්ලෝ නෙමේනේ මෙච්චර කල් ආණ්ඩු කලේ දැන් ඉතින් අලුතින් පත්වෙලා ඇවිල්ල හොඳටම රට කරයි.

:       0       21

සමන් Wednesday, 04 September 2019 01:25 AM

මේ ලොකු උන්නැහේ! මේකේ දාලා තියෙන අදහස් ටික කියෙව්වා නම් 2020 දි තමුන්ට ලැබෙන චන්ද ප්‍රතිඵල ටිකත් අනුමාන කරගත හැකි නොවැ. අනික එකක් හදලා කොරපු හරිය හොඳටම මදෑ.

:       0       12

Pradeep Wednesday, 04 September 2019 02:53 AM

පරිනත බව මනින එකම මිනුම් දණ්ඩ වයස විතරක් නොවේය කියලා හිතන්න තරම් පරිනත නොවීම ගැන කණගාටුයි... වයසින් පරිනත වුවත් ක්‍රියාවෙන් තවමත් ලා බාලයි..

:       0       58

Kaveen Wednesday, 04 September 2019 03:20 AM

හිත හදාගන්න ඔබතුමා සුදුසුකම් අහොසි වී අවසානයි... ඉන්න මාස ටික සතුටින් ඉන්න. මෙයා කොහොම කිව්වත් ගාල්ලේ මෙයගේ බලෙන් රක්ෂිතයක් කපන් පාරක්‍ ගාන්‍ෙ ගහනවා හෝටල්...

:       0       1

jayath Wednesday, 04 September 2019 03:22 AM

නටමු සර් ආපහු තොවිලයක් - අර පහුගිය දා නැටුවා වගේ - හදමු සර් අලුත් ආණ්ඩුවක් - ඒකත් අර මේ ආණ්ඩුවම වගේ... ඔබතුමාට එකක් කියන්නම් මේ රටේ ඡන්දෙකට ඔබතුමා අාවොත් මිනිස්සු දෙන්නේ දුවන්න... ඒක මතක තියාගන්න ඔය වටේ ඉන්න පණ්ඩිතයන් මවපු හීන ලෝකෙන් බහින්න..

:       0       66

Anu Wednesday, 04 September 2019 03:27 AM

බොරු පුරාජේරු... කයිය තමා, වැඩ බෑ... 1. බැඳුම්කර හොරුන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධ කරනවා කිව්වා... කෝ කළාද? 2. කුඩුකාරයෝ එල්ලනවා කිව්වා... කෝ කළාද? 3. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ජනපති සමීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කිව්වා... කෝ කළාද? 4. හොරු අල්ලනවා කිව්වා... කෝ කළාද? 5. රාජ්‍ය දේපොළ විකුනන්නේ නැහැ කිව්වා... කෝ කළාද? 6. මිනීමරපු අය අල්ලනවා කීව... කෝ කළාද? 7. ජනතාවට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා කිව්වා... කෝ කළාද? 8. රත්තරන් අශ්වයෝ එලියට දානවා කිව්වා.... කෝ කළාද? 9. දූෂණ, වංචා අවම කරනවා කිව්වා... කෝ කළාද? 10. යහපාලනයක් ඇතිකරනවා කිව්වා... කෝ කළාද?

:       0       272

aruna Wednesday, 04 September 2019 04:29 AM

ඔබතුමාට මොලේ කළඳක් වත් තිබෙන මිනිහෙක් ඡන්දයක් දෙන්නේ නැහැ. එක ඉරහඳ වගේ ශුවර්... ඔබ ඔබව විනාශ කර ගත්තා. රට විනාශ කළා. පක්ෂය විනාශකර... ඔබව ලංකාවේ ඉහළම තනතුරේ ඉඳපු මිනිසුන්ව විනාශ කළා. මෙයින් පෙනෙන්නේ ඔබගේ අපරිණත භාවයේ තරමයි.

:       15       42

nimal Wednesday, 04 September 2019 04:43 AM

මේ මිනිහගේ කියුම් අහලා ඇතිවෙලා. කිසිම කමකට නැහැ. මොකට පුරාජේරු වෙනවද මන්දා. ඇත්තටම මේ මනුස්සයාට වේලපහින් අස්වෙන්න බැරිද?

:       0       102

ruwan Wednesday, 04 September 2019 04:46 AM

රටට වැඩක් කරන ඔබ සමගින් රටේ ප්‍රගතිශිලි ජනතාව ඉන්නවා ජනපතිතුමනි....

:       139       0

vipulaWednesday, 04 September 2019 06:24 AM

මොන වැඩද කලේ? කරන්න පුළුවන් කෙනෙකුටවත් යමක් කරන්න දුන්නේ නැහැ. එයට හේතුව ලෙස මා දකින්නේ ඔහුට කිසිම විෂයක් ගැන ප්‍රමාණවත් දැනුමක් නැහැ. ප්‍රමාණවත් බුද්දියක් නොමැති නිසා අදුරදර්ශිය. පරිපාලන පරිචයක් නැහැ. ඒ නිසා සියල්ල අනාගත්ත .මෙම කතාවලින් පෙනේනේ රටක නායකයෙකුට තිබිය යුතු ආචාර ධර්ම වලත් ප්‍රශ්න ඇති බවයි.

:       0       11

Ruwan Wednesday, 04 September 2019 05:39 AM

හීන දකින්න.......ඒත් ඒව සැබෑ නොවන බව දැන දැන මෙහෙම හැසිරෙනවනම්. ..උන් මිනිස්සු වෙන්න බෑ......

:       0       0

Anada Wednesday, 04 September 2019 06:18 AM

ඒගොල්ලෝ පරිනතවෙලා ඉන්නේ ඒගොල්ලොම අපායක් කරපු රටක කියල හිතන්න බැරි අපතයෝ .හරියට අසූචි ගොඩේ ඉන්න උරෝ වගේ .

:       0       2

rohana kumara mendis Wednesday, 04 September 2019 06:26 AM

ඔව් ඔව් රට හදන්න එපා ඔයාල ආණ්ඩු හද හද ඉඳපල්ලා ඔබල හැදියල්ල.දැන් කී කාලයද ඉතින් ආන්ඩුම හදනවා පැරදිච්ච උන් ආණ්ඩු පෙරලන්න හදනවා එකෙක් වත් අයින් වෙන්නේ නැහැ හැට පැනල හොට බිම ඇනිලත් ඉන්නවා.කන්නේ බොන්නේ හොද කෑමබීම බෙහෙත් ගන්නේ ඇමරිකාවේ සිංගප්පුරුවේ මොන සැපද

:       0       1

Dhilak.Gamage Wednesday, 04 September 2019 06:50 AM

සිහින මවන්න කාටත් පුළුවන් ,නමුත් සැබෑ වෙන්නේ කලාතුරකින් තමයි.

:       0       1

janahanda Wednesday, 04 September 2019 12:02 PM

යූ.එන්.පි. යට ගොට්ට අල්ලලා 19අත උස්සලා අපිව අනතුරේ දාලා වරෙල්ලකෝ ඡන්දෙ දෙන්න.. අලියට දුන්නත් නුඹලාට දෙන්නේ නැහැ නැහැ නැහැමයි.

:       0       0

sathyapala Wednesday, 04 September 2019 12:03 PM

සබීතත් ඉස්සරහින්ම ඉන්නේ..

:       0       0

asela Wednesday, 04 September 2019 09:18 PM

ඔය හතර වන පොටෝ එකේ හිස්බුල්ලත් යසඅගේට ඉන්නේ.. ඉතින් මේ අය එක්කද අලුත් ආණ්ඩු..? මිනිස්සු මෙන්න කියලා එකතු වෙයි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1884 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3352 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5651 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4677 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site