IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැස්සෙන් මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාස 10ක ජනයා පීඩාවට

(මොහොමඩ්  ආසික්)

මධ්‍යම පළාත පුරා පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වැසි සහ සුළං සහිත කාලගුණ  තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  10ක පවුල් 135 කට අයත් පුද්ගලයින් 508 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය  ප්‍රකාශ කරයි.

මෙම කාලගුණ තත්වය හේතුවෙන්  මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්  99 කට අයත් පුද්ගලයින්  374 දෙනෙකුද,  පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 12 ක පුද්ගලයින්  46 දෙනෙකුද,  උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල්  අටක පුද්ගලයින් 30 දෙනෙකුද,  මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් තුනක පුද්ගලයින් 6දෙනෙකුද, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල්  හතරට අයත් පුද්ගලයින් 14 දෙනෙකුද,  හතරලියද්ද  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් තුනක පුද්ගලයින් 11 දෙනෙකුද,  දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකක පුද්ගලයින්  8 දෙනෙකුද,  පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකක පුද්ගලයින්  9දෙනෙකුද,  උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එක පවුලක  පුද්ගලයින් 6දෙනෙකුද, ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  එක පවුලක  පුද්ගලයින් 5දෙනෙකුද වශයෙන් දිස්ත්‍රික්කයේ පවුල්  135 කට අයත් පුද්ගලයින් 508 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 130 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් මත අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින්  පීඩාවට පත්වූ පිරිස් සඳහා සහන ලබා දීම  සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.



අදහස් (0)

වැස්සෙන් මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාස 10ක ජනයා පීඩාවට

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 207 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 582 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 528 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1350 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2811 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1827 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site