IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


විස්සෙන් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

 

 

( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතෙන් පාර්ලිමේන්තුවේ බලය සෘජුවම අභියෝගයට ලක් වී ඇති බවත්, එමඟින් ජනතාවගේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය වී ඇතැයි ද එම පනත් කෙටුම්පතට එරෙහි ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගයේ දී පෙත්සම්කාර සමගි ජනබලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිට නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා අද (29) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි ගොනු කර ඇති පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසම පාලනය කිරීමට ජනාධිපතිවරයාට බලය ද ලැබී තිබෙන බවත්, එමඟින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවත්වීම අහිමි වීමක් සේම, ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට බලපෑමක්ද සිදුවන බවයි.

නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“මෙම පනත් කෙටුම්පත මඟින් පාර්ලිමේන්තුවේ බලයට සෘජුවම අභියෝගයට ලක්වීමක් සිදු වෙලා. ඒ වගේම ජනතාවගේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය වීමක්.පනතේ විධි විධාන මඟින් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට බලයක් ලබා දී තිබෙනවා. මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය සෘජුවම උල්ලංඝනය වීමක්.මීට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කිරීමේදී ඊට වගඋත්තරකරුවෙකු ලෙස නීතිපති නම් කිරීමේ බලයද අහිමි කර තිබෙනවා.

“තවද පනත් කෙටුම්පතක නිවැරදිභාවය පිළිබඳ අධිකරණ විමර්ශනයට ලක් කිරීමේ කාලය අවම කර ඇත. එය දින 14 සිට දින 7 දක්වා අඩු කර තිබෙනවා.මේ හේතුවෙන් අධිකරණය විධායකය සහ පාර්ලිමේන්තුව අතර බල සංතුලනය නැතිවීම යාමක් ද සිදුවනවා. මැතිවරණ කොමිෂම පාලනය කිරීමට ජනාධිපතිවරයාට බලය ද ලැබී තිබෙනවා.එමඟින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවත්වීම අහිමි වීමක් සේම ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට බලපෑමක් ද සිදුවෙනවා.

“විගණකාධිපති , නීතිපති , පොලිස්පති ආදී තීරණාත්මක තනතුරු වලට සුදුස්සන් පත් කිරීමේ බලය පූර්ණ බලය ජනාධිපතිවරයාට ලැබීමෙන් රට පාලනය කිරීමේ අත්තනෝමතික බලයක් ලැබේ.

පෙත්සම්කාර නීතීඥ ඉන්දික ගාල්ලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මෙසේද කීය.

මෙම පනත් කෙටුම්පත කියවීමට දින නියම කළේ සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිවයි.මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය ඉවත්කර තිබෙනවා. එය ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක්.

මෙම පනත් කෙටුම්පත මඟින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ අවස්ථාව ලැබෙනවා. එපමණක් නොව රටෙහි ජනාධිපති හෝ අගමැති වීමටත් ද්විත්ව පුරවැසියෙකුට මෙමඟින් අවස්ථාව හිමිවී තිබෙනවා. මෙය රටෙහි ආරක්ෂාවට සෘජුවම බලපාන කරුණක් .මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන මඟින් මැතිවරණ කොමිසම , දූෂණ විමර්ශන කොමිසම, පොලිස් කොමිෂන් සභාව අකර්මණ්‍ය කර තිබේ.එමඟින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙන් පෙනී එම්.ඒ සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත්තේ ව්‍යවස්ථාදායක බලය අන්සතු කළ නොහැකි බවයි. නමුත් මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති මඟින් ව්‍යවස්ථාදායක බලය දුර්වල වී එම බලය ජනාධිපතිවරයා වෙත සංකේන්ද්‍රගත වෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයෙන් ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා ජනමත විචාරණයක් මඟින් සම්මත කර ගත හැකියි. එමඟින් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය වීමක් සිදු වෙනවා. මේ අකාරායට ජනතාවගේ ස්වෛරීභාවය උදුරාගත නොහැකියි.

ඉන්පසු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ.කන ඊෂ්වරන් මහතා මෙසේ ද කීය.

මෙම පනත් කෙටුම්පත නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා. ව්‍යවස්ථාවේ මූලික අංගයක් වන්නේ ජනතාවගේ ස්වෛරීභාවයයි. එය කිසි විටෙකත් පැහැරගත නොහැකියි. මේ බව සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් ලබා දුන් තීන්දුවක් මඟින් තහවුරු වී තිබෙනවා. මෙම නඩු තීන්දුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවයි. එමඟින් පැහැදිලිව දක්වා ඇත්තේ පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික රාමුව වෙනස් කළ නොහැකි බවයි.

පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙටට (30) කල් තැබිණි.



අදහස් (19)

විස්සෙන් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

chandima Tuesday, 29 September 2020 03:29 PM

අවුරුදු 2ක් යහපාලන අපතේ හැරිය මේකටත් තව අවුරුද්දක්වත් යයි. ඊළඟට ආයෙත් ජනාධිපතිවරණයක් එයි. ඒ වෙනකොට යහපාලනේ කරපු වැඩ අමතක වෙලා ආයෙත් සජී පුතාට හරි, රනිල් නායකට හරි මිනිස්සු හුරේ දායි.. මේකත් හරියට සෘතු මාරුවෙනවා වගේ වැඩක්.

:       14       23

කුසන්තTuesday, 29 September 2020 05:14 PM

විස්ස ගැන ප්‍රතිචාර දක්වන අයවළුන් ගැන ආරක්ෂක අමාත්‍යාංශය වැඩි සැලකිල්ලක් දක්වනවද?

:       5       13

senaWednesday, 30 September 2020 06:19 AM

ඒ කියන්නේ දැන් රටට ආරක්ෂක ඇමැති කෙනෙක් නැතිකම ගැනද?

:       0       2

pathiranaWednesday, 30 September 2020 06:21 AM

ආරක්ෂාවට කියලා ඒකාධිපතියෙක් හදාගෙන ඒ ඒකාධිපතියාගෙන් බේරෙන්නේ කොහොමද? 

:       2       6

Champa Tuesday, 29 September 2020 03:32 PM

නීතිපති කියන විදිහට කාරකසභා අවස්ථාවේ වෙනස් කරනවා කියන එක පිළිගන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඊට පස්සේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නේ නැති නිසා. අනිත් එක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වෙනි වගන්තියේ තියෙන රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය" 20 වෙනි සංශෝධනයට ඇතුල් කරන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනෙද? ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ දෙනඑක වෙනස් කරන්න කාරකසභා අවස්ථාව වෙනකම් ඉන්න ඕනෙද? අලි සබ්‍රි විශේෂයක් දක්වන, රජයේ විගණාධිපති විසින් විගණනය නොකළ යුතුයි කියලා ඔහු ඉතාම තදින් කියන, අති විශේෂිතව තෝරාගත් රාජ්‍ය සමාගම්ද ඇතුළුව සියලු රාජ්‍ය ආයතන රාජ්‍ය විගණනයට ලක්විය යුතු බව කියන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනේද..?

:       3       55

Champa Tuesday, 29 September 2020 03:33 PM

නීතිපති කියන විදිහට කාරක සභා අවස්ථාවේ වෙනස් කරනවා කියන එක පිළිගන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඊට පස්සේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නේ නැති නිසා. අනිත් එක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වෙනි වගන්තියේ තියෙන රටේ ඒකීය භාවය සුරකින බවට වූ වගන්තිය" 20 වෙනි සංශෝධනයට ඇතුල් කරන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනෙද? ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ දෙන එක වෙනස් කරන්න කාරක සභා අවස්ථාව වෙනකම් ඉන්න ඕනෙද? අලි සබ්‍රි විශේෂයක් දක්වන, රජයේ විගණාධිපති විසින් විගණනය නොකළ යුතුයි කියලා ඔහු ඉතාම තදින් කියන, අති විශේෂිතව තෝරාගත් රාජ්‍ය සමාගම්ද ඇතුළුව සියලු රාජ්‍ය ආයතන රාජ්‍ය විගණනයට ලක්විය යුතු බව කියන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනෙද?

:       2       12

Champa Tuesday, 29 September 2020 03:37 PM

මේ 20 වෙනි සංශෝධනයේ භයානකකම දවසින් දවස එළිවෙනවා. මුලදීම කිව්වා වගේ මේක ඇමරිකන් එම්සීසී සහ සෝෆා වැනි රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරලා ක්‍රියාත්මක කරන්න බැරි වෙන විදිහට අපේ ව්‍යවස්ථාවේ ආරක්ෂාවට ජේ.ආර්. දාල තියෙන සියලු මුර කපොළු විවෘත කරන අති භයානක සංශෝධනයක්. 1978 තරම් ඈත කාලයේ දුර දිග කල්පනා කරලා ජේ.ආර්. ජයවර්ධන මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ අදටත් අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩත්වය ඉහළින්ම ආරක්ෂා වෙන විදිහට...

:       8       33

ChampaTuesday, 29 September 2020 04:21 PM

සොරි. දිග වැඩි හින්දා කොට කරන්න ගිහින්, එකම දෙපාරක් එවලා.

:       9       9

ප්‍රසන්න Tuesday, 29 September 2020 04:49 PM

පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බැරි පනතක් ජනමත විචාරණයකින් සම්මත කරවන්න පුලුවන් නම් ඒක මොනතරම් හොඳ දෙයක්ද..? සමහර වේලාවට මන්ත්‍රීවරු සල්ලිවලට විකිණිලා හරි මොනයම් වාසියකට හරි, වැදගත් පනතකට විරුද්ධව වුණොත් එවක ජනමත විචාරනේකට යොමු කරන එක මොනතරම් හොඳ දෙයක්ද? මෙයාලා ඇයි මේකට බය? අපි දැක්කනේ මැතිවරණ කොමිසමට වෙච්ච දේ.. ඒක මැතිවරණ තියන් නැති කොමිසමක් වුණා අන්තිමේදි ..!

:       34       45

Chithrananda Wednesday, 30 September 2020 12:08 AM

ඔබතුමා රාජ්‍ය පාලකයන් යටතේ වහල්කම් කරන්න සූදානම් වුණාට ලෝකෙ බහුතරයක් රටවල් දවසින් දවස ඒ ඒකාධිපතිවාදය ප්‍රතික්ෂේප කරනවා. මෙතන තියෙන්නේ ව්‍යවස්ථාවේ වැරැද්දක් නෙවෙයි. අපේ පාලකයින්ගේ කුහකකම්...

:       1       4

senaWednesday, 30 September 2020 10:33 AM

බැලූ බැල්මට හොඳයි වගේ පෙනුනට ස්වාධීන මැතිවරණ කොමිසමක් ක්‍රියාත්මක නැති සහ ජනාධිපති වියදම් විගණනය කරන්න බැරි අවස්ථාවක ජනාධිපතිවරයාට පුළුවන් දූෂිත ජනමත විචාරණයක් මගින් මැරෙන තුරාවටම ජනාධිපති වෙලා ඉන්න. කොහොමද ටිකිරි මොලේ..?

:       1       4

dhamneth Wednesday, 30 September 2020 01:14 AM

මේ රටේ ආණ්ඩුක්‍රම ගැන වැඩිහිටියන්ට තිබෙන දැනුමවත් අද තරුණ පරපුරට නැහැ. 1972දී අර ප්‍රජාචාරය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කළ නිසා... ඒ නිසා ජනමත විචාරණයේදී ජනතා යහපතම සිදුවේදැයි කියන්න බැහැ.

:       1       4

dhamneth Wednesday, 30 September 2020 01:48 AM

ද්විත්ව පුරවැසි කියූ විට බොහෝදෙනාට මතක් වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයයි. නමුත් මා අසා තිබෙනවා, දෙමළ ඩයස්පෝරාවේ බොහෝ දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය තිබෙනවා කියා..

:       0       11

sharm warn Wednesday, 30 September 2020 03:31 AM

ජනතාවට මොකටද පරමාධිපත්‍යයක්? එහෙම එකක් 68 ලක්ෂයක් අයට ඕනෑ නැහැනේ.

:       4       6

සුමේධ Wednesday, 30 September 2020 06:00 AM

මමත් 2015 වර්ෂයේදී යහපාලන රජයට තමයි ඡන්දය දුන්නේ... ඒ අපි දුන්නේ ව්‍යවස්ථා සංශෝධනයකටවත් තමන්ගේ මඩිය පුරවා ගැනීමටවත් නොවේ. ඡන්දය දුන්නේ රට ස්වයංපෝෂිත කරලා සෑම පුරවැසියෙකුම එක වගේ ජීවත්වීමටයි. එහෙත් ඒක එහෙම වුණේ නැහැ. සුළු දේශපාලන පක්ෂ නායකයින්ට දෙන්න පුළුවන් ප්‍රධානම රාජ්‍ය අමාත්‍යකම් සහ කැබිනට් අමාත්‍යකම් දිදී ඔවුන් කියන විදිහට නටනටා හිටියා මිසක් රටේ ජනතාව ගැන සිතුවේ නැත. දැන් මේ 20වැනි සංශෝධනයක් ගැන නිතර නිතර කතාවෙනවා පාර්ලිමේන්තුවේ බලය අඩුකර ගන්න හදනවා. ජනාධිපතිගේ බලය වැඩිකර ගන්න යනවා කියා... රටකට එක නායකයෙකු ඇති ඔහුගේ අණපරිදි අනිත් සියළු දෙනා වැඩ කිරීමට ආයේ වෙනස් කිරීමට නොහැකි වන පරිදි පැහැදිලි ව්‍යවස්ථාවක් ගෙනැල්ලා මෙය වෙනස් කළ යුතුය කියන එකයි මගේ අදහස... සහරාන්ලා බෝම්බ ගහද්දී ඔය කියන කවුරුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙත්සම් ගොනුකරේ නැහැ. දැන් රටට ආදරේ පිරිසක් වගේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පෙත්සම් ගොනු කරකර සිටිනවා.

:       8       5

Rohana Wednesday, 30 September 2020 06:15 AM

අපි මොහොතකට හිතමු මේ 20වැනි සංශෝධනයේ සමහර වගන්ති ජනමත විචාරණයකින් ඇතුළත් කරනවා කියලා. ඒත් ජනමත විචාරණය සාධාරණව පවත්වන බවට දියහැකි සහතිකය කුමක්ද? 1982 වගේ ජනමත විචාරණයක් වුණොත් 20වැනි සංශෝධනයෙන්ම ඒකාධිපති ක්‍රමයකට රට පාලනය කිරීමේ සැලැස්ම සාර්ථක වෙන්න පුලුවන්. ජනමත විචාරණය කියන වචනය ඇසෙන විටත් මතක් වන්නේ එහි ඇති දූෂිත බවයි...

:       0       6

Dinesh Wednesday, 30 September 2020 07:21 AM

කවුරු කැමැති වුණත්, නැතත් මේ රජය තමන්ට අවශ්‍ය දෙය කරනවා.

:       0       6

Perera Wednesday, 30 September 2020 05:47 PM

ස්වෛරීභාවය කන්නද? අපි 69 ලක්ෂයේ අපිට ස්වෛරීභාවයෙන් වැඩක් නැහැ. අපිට ඕනේ 20..

:       0       0

de silva berlin Thursday, 01 October 2020 02:59 PM

අනිවාර්යෙන්ම කොටි ඩයස්පෝරාවේ යුරෝපේ ජිවත් වෙන විශාල පිරිසකට ද්විත්ව පුරවැසි භාවය තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 161 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1182 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 518 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 283 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 185 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 332 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 270 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site