IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වසර දෙකක් සිසුවියකව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
පාසැල් සිසුවියකව වසර දෙකක කාලයක පටන් අපයෝජනය කළ පුද්ගලයකු අද(01) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.

ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ උසස් පාසලකට ඇතුළත්වීම සඳහා මාතරින් කොළඹට පැමිණ නැන්දණියගේ නිවසේ නැවතී සිටි 16 හැවිරිදි පාසැල් සිසුවියකව අපයෝජනය කර ඇත්තේ නිවසේ වැඩිමල් සොයුරියගේ සැමියාය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන ගජබා මාවතේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියකු වන ත්‍රිරෝද රථ රියදුරකි.

දූෂණයට ලක් වූ දැරියගේ මව සහ පියා දික්කසාද වීම හේතුවෙන් ඇයගේ භාරකාරත්වය භාරකාරත්වය අධිකරණයෙන් නියම කළේ සිද්ධිය වූ නිවසේ පදිංචි දැරියගේ නැන්දණියට බව පොලිසිය කියයි.

ඒ අනුව දැරිය මාතර සිට කොළඹට රැගෙනවිත් කොළඹ ප්‍රදේශයේ උසස් බාලිකා පාසැලකට යමින් වසර 6ක් තිස්සේ මෙම නිවසේ රැඳී සිට ඇත.

මේ අතර දැරියගේ නැන්දණියද මීට වසර හතරකට පෙර විදේශගතවී ඇතැයිද, දැරියගේ මාමා, ඔහුගේ දියණිය සහ ඇගේ සැමියා ද සමග ඇය නිවසේ ජීවත්ව සිට ඇතැයිද පොලිසිය පවසයි. සැකකරු විසින් දැරියව පාසැලට රැගෙන යාම සිදුකර ඇති අතර, අවස්ථා කිහිපයකදී අසැබි වීඩියෝ දර්ශන පෙන්වමින් රවටා අපයෝජනය කර ඇතැයි ද පොලිසිය කියයි.

දැරියගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සහ පාසැල් දැරිය අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (3)

වසර දෙකක් සිසුවියකව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

Uditha - London Thursday, 01 August 2019 08:07 AM

කාටවත් දොස් කියන්න බැහැ.. අම්මා, තාත්තා අසමගි වුණු ගමන් දරුවන්ගේ ජීවිත අනතුරේ. කුටුම්බයක යම් සිදුරක් ඇති වුනොත් දරුවන්ට බලපානවා. කාන්තාවන් විදේශගත වෙනකොට අනිවාර්යයෙන් හිතන්න ඕනෑ තමන්ගේ ගැහැණු දරුවන් ගැන. දරුවන් තාත්තාට බාර දීලා යනවා. ඇත්තටම මම දන්නා මිනිස්සු ඉන්නවා තමන්ගේ දරුවන් ඇස්දෙක වගේ බලාගෙන, තමන්ගේ බිරිඳ රට ඉඳන් එනකන් ඉන්න හොඳ තාත්තලා ඉන්නවා. ඒ වගේම තමන්ගේ ආශාව සපුරා ගන්න නරුමයොත් අපි අතර ඉන්නවා.. දැන් බලන්න අර දරුවාගේ ජීවිතයට මොකද වෙන්නේ..? ගැහැණු දරුවෙක් ඊටත්... කරුණාකරලා දරුවාගේ විස්තර මාධ්‍ය තුළින් හෙළි කරන්න එපා.

:       0       160

sampath Thursday, 01 August 2019 08:11 AM

බාල වයස් කරුවන්ගේ දෙමාපියන් දික්කසාද වෙනවා නම් අත හැර ගොස් හෝ මිය ගිහින්නම් එවැනි ළමයින් අනිවාර්යයෙන් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් කළයුතුයි. එවැනි අවස්ථාව කඩේ මේ වගේ දේවල් සම්බන්ධව කියන්න කෙනෙක් ඉන්නවා.. මේක නීතියක් ලෙස සම්මත කළ යුතුයි. නෑදෑයින්ට බර දුන්නම එක්කෝ දේපළ ලියාගන්නවා. නැත්නම් අපයෝජනය කරනවා මේ අයට මේවා කියන්න කෙනෙක් නෑ, කිව්වත් අහන්න කෙනෙකුත් නෑ, අනෙක් පැත්තෙන් ගුරුවරුන්ටත් විශාල වගකීමක් තියෙනවා. මෙවැනි දරුවන් ගැන හොයලා බලන්න... මේවා නීතියෙන් පමණක් විසඳන්න බැහැ.

:       0       15

MD Thursday, 01 August 2019 05:33 PM

ගින්දර පුළුන් එක ළඟ තියන්න එපා කියල අපේ දෙමව්පියන් කියපු දේවල් දැන් ඉන්න අම්මලට තාත්තලට අමතක වෙලා. එයාලත් ලැජ්ජාවක් බයක් දරුවන්ට තේරුම් කරලා දෙන්න වෙලාවක් දාගෙන නැහැ. දරුවා ත්‍රිවිල් එකේ අයියත් එක්ක කතා කරනවා. අධම ත්‍රීවිල් අයියා දරුවා විනාශ කරනවා. දුවේ පුතේ පරිස්සම් වෙන්න. අපිට සමාවෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝක් සමාගමේ ලංකා -මාලේ නව අධ්‍යක්ෂකවරියක්
2024 අප්‍රේල් මස 20 1 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 472 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 894 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 652 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1503 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3004 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site