IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විසක් ශරීරගත කර සුනඛයින් 10 ක් ඝාතනය කරලා

(කාංචන කුමාර ආරියදාස)
 
ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ විසක්  ශරීරගත කර සුනඛයන්  10 දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීන් ගලේවෙල පොලීසියට අද (24)  පැමිණිලි කර තිබේ.
 
අද  පෙරවරුවේ තැන තැන සුනඛයන්ගේ මළ සිරුරු දැකීමත් සමඟ ප්‍රදේශවාසීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.
 
එහිදී  නිවෙස්වල සිටි සුනඛයන් දස දෙනෙකුගේ පමණ  සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.
 
ගලේවෙල අළුත්වැව ප්‍රදේශයේ සත්ව ගොවිපලක හිමිකරුවන් විසින් මෙම සතුන් දිගින් දිගටම ඝාතනය කරන බවත් මෙවර මෙම සතුන්ට විසක් ශරීර ගත කර මරා දමන්නට ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මීට පෙර ද පහර දී සහ වෙඩි තබා ප්‍රදේශයේ සුනඛයන් ගොවිපල  හිමිකරුවන් විසින් මරා දමන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට පවා පැමිණිලි කොට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මෙම සුනඛයන් දිගින් දිගටම ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ විට එම ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන්ට  පහරදීමට සහ ඝාතනය කරන බවට තර්ජනය කරන බව ද ඔවුහු කියති.
 
මෙම සුනඛයන් තැන තැන  මැරී වැටී ඇති අයුරු පෙන්වන ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ගලේවෙල පොලීසියට ද පැමිණිලි කර ඇතත් පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂාකර හෙට ( 25)  උදෑසන 9 ට  මෙම  අයිතිකරුවන්ට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ යැයි ඔවුහු පවසති.
 
අලුත්ගම ප්‍රදේශයේ ඉතා අමානුෂික ආකාරයෙන් නිවෙස් වල සුරතලයට ඇති කළ සුනඛයන් මරා දැමීම සම්බන්ධයෙන් ඔවුහු දැඩි කනස්සල්ලට පත්ව හැඬූ කඳුළින් කියා සිටියේ මෙවැනි අපරාධ සඳහා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

ගලේවෙල පොලීසියේ ඉහළ පොලිස් නිලධාරියකු කියා සිටියේ  පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යැවූ බව ය කෙසේ වෙතත් තවදුරටත් මෙම සුනඛයන් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවද පොලිසිය ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 



අදහස් (12)

විසක් ශරීරගත කර සුනඛයින් 10 ක් ඝාතනය කරලා

සමිත සේනක අලුත්ගමගේ Wednesday, 24 June 2020 10:23 AM

මේ රටේ මෑත කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ මහා අවාසනාවන්ත දේවල් තමයි. කිසිම අනුකම්පාවක් නැති මහා නපුරු දරුණු මිනිසුන් තමයි දැන් බොහෝවිට රටේ සිටින්නේ.. අසරණ බල්ලෙකුටවත් පණපිටින් ඉන්නට නම් දෙන්නේ නැහැ. මේ වැනි වැඩකරන තිරිසනුන්වන් මිනිස් වෙස්ගත්තන්ට නිසි දඬුවම් දිය යුතුයි...

:       86       131

wedage Wednesday, 24 June 2020 11:00 AM

තමන්ට රැක බලාගැනීමට නොහැකිනම් සුනඛයන් ඇති කිරීමෙන් වලකින්න.

:       37       3

විජිත් Wednesday, 24 June 2020 11:06 AM

ගමේ මිනිස්සු තමයි ගමේ අයිතිකාරයෝ. ඒක තමයි ... මුලින්ම ඔබලා හිතට ගන්න. ඔය සිංහල ,දෙමල ,මුස්ලිම්... ජාතිබේදත්... බුද්ධාගමේ... ක්‍රිස්තියානි.. මුස්ලිම්. ආගම බේදත් අතහැරලා ගමේ සියලු දෙනාම එකට එකතුවෙන්න...

:       0       101

BamunuarachchiThursday, 25 June 2020 06:23 AM

සියලු දෙනාම එකට එකතුවෙන්න කියන්නේ බල්ලන් පරිස්සම් කරන්නද?

:       43       0

ravi Wednesday, 24 June 2020 11:30 AM

මේ අහිංසක සත්තුන්ට මෙවැනි අපරාධ කරන අයට හෙනම තමයි...!!!

:       0       12

chandra Wednesday, 24 June 2020 12:13 PM

සුරතලයට ඇති කරන සුනඛයින් අයාලේ යැවීමෙන් වළකින්න. අයාලේ යැවීම වැරදියි. අයාලේ යැවීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු කරන්න...

:       0       120

Prabha Wednesday, 24 June 2020 12:20 PM

ගමේ හැදෙන බල්ලා ගෙදරින් පැන ගම වටේ රවුමක් ගසා කුඹුරෙන් මඩ නාගෙන පොඩි වලියක් එහෙම දාගෙන එන එක උන්ගේ ජන්ම පුරුද්දක්. ඒක තේරුම් ගන්න පුළුවන් දම්වැලක් අතින් අරන් ගම පුරා බල්ලා හොයන්න ගිය අපි වගේ අයට විතරයි.

:       0       19

Buddhika PWednesday, 24 June 2020 03:25 PM

ඔබගේ සටහන කියෙව්වම හරිම සංවේදී විදියට අපේ ගමේ පුංචි කාලේ මතක් වුනා. හරියටම සතියට එකපාරක් වත් ඔබ කියන විදියටම වෙනවා. ගෙදර දෙන්නෙක් කෝටු දෙකක් අරගෙන, දම්වැලුත් අරගෙන දෙපැත්තට යනවා.., හොයන්න. මිනිස්සුන්ට නිකන් පේන්න කොටු පාරකුත් ගහලා පොඩ්ඩක් කෑ ගහල තමයි ගේන්නේ. හුඟක් මිනිස්සු අපි එක්ක කොච්චර හොඳ වුණත්, කැමති නෑ, වත්තට එනවට. අපේ කෝටු පාරට මිනිස්සුත් තරහ ටිකක් අඩු කර ගන්නවා.

:       0       36

PrabhaWednesday, 24 June 2020 05:52 PM

කොච්චර සැර බල්ලෙක් වුණත් එකපාරක් ආදරෙන් කතාකළාම ඌට ඔක්කොම අමතකයි.. ඒක තමයි බල්ලාගෙයි, මිනිසාගෙයි වෙනස...

:       0       0

Buddhika P Wednesday, 24 June 2020 01:32 PM

දැනට අවුරදු 27 කට විතර කලින්. අපි කතරගම වන්දනාවේ ගියා. අපි දේවාලෙට නොයන නිසා, පාන්දරම වගේ ගියේ කිරි වෙහෙරට. මගේ දුවට අවු 3ක් විතර ඇති. කිරිවෙහෙර පඩිපෙළ ගාවදි, දුව අපි පස්සෙන් ගිහින් එක පාරටම අඟල් 7 - 8 බලුපැටියෙක් ඇහිඳ ගෙන ආවා. බලුපැටිය හිටියේ මැරිලා. එයා පඩිපෙළ උඩින් තියලා වතුර දුන්නා. පස්සේ වට පිට බැලුවම, තව පැටවූ 10 - 15 විතර හා ලොකු බල්ලොත් කිරිවෙහෙර වටේ මැරිලා. මම දුවව වඩාගෙන, අතුගාන ගෑනු කෙනෙක් ගාවට ගිහින් ඇහුවා, මේ මොකද කියල. කිසි කෙනෙක් උත්තර දෙන්නේ නෑ. පස්සේ මුවා වෙලා වගේ හිටපු ගෑනු කෙනෙක් කිව්වා, ඊයේ පුජාවට ආපු ගෑනු කෙනෙක්ව බල්ලෙක් කාලා. ඊයේ රෑ දේවාලේ හා පන්සලේ හිටපු බල්ලෝ ඔක්කොටම වස දුන්නා කියලා.

:       231       85

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 24 June 2020 02:12 PM

බුද්ධික මහතා, දේවාලේ සිදුවුණු දේට කණගාටුයි.. ඔය දේවාලේ කෙනෙකුට මා අලුතින්ම ගත්ත ට්‍රැක්ටරයක් බදු දුන්නා. පසුව වසර දෙකක් වාහනේ ගෙවෙනකම්ම නිකං වැඩගත්තා. අන්තිමේ ටේලරේත්, හොරෙන් විකුණා ගත්තා. ඊට පසුව මා පොලිසියේ මැදිහත්වීමෙන් එන්ජින් කොටස ලබාගෙන අඩුවට විකුණා දැම්මා... ඒ විතරක් නොවෙයි, ඕවායේ ඉන්න සමහර දෙනා රෑට තුවක්කුත් අරන් දඩයමේ ගොස් අහිංසක සතුන්ට ගිනි බිඳිනවා.. දෙවියන්, බුදුන් වන්දනාමාන කළාට ඔවායේ සිටින සමහර අය ළඟින් ගියොත් අපේ ඇසක්වත් ඉතුරුවෙන්නේ නැහැ.. ඔන්න ඕක තමයි මේ රටේ බොහෝ සිද්ධස්ථානවලට ඇති සැබෑ තත්වය. අහුවෙන්නනන් හොඳ නැහැ.

:       0       78

Bamunuarachchi Friday, 26 June 2020 02:53 AM

දඩාවතේ යන බල්ලන්ගේ මිනිසුන්ටත් කරදරයි. ඒකයි මිනිස්සු, බල්ලන්ට මෙහෙම කරන්නේ... බල්ලන්ගෙන් මිනිසුන්ට තිබෙන කරදර ලීවාට වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 83 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 192 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 896 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 103 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 288 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 266 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site