IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10වැනිදා වැඩවර්ජනයක

(කාංචන කුමාර ආරියදාස)
 
ශ්‍රී ලංකාවේ  රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වන බව ‍ශ්‍රී  ලංකා විශ්වවිද්‍යාල එකාබද්ධ  වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.
 
ශ්‍රී  ලංකා විශ්වවිද්‍යාල තාක්ෂණික නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කපිල දැරණියගල මහතා ඇතුළු නියෝජිතයෝ  අද(03) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ. විශ්වවිද්‍යාල 15කට අයත් වෘත්තීය සමිති 25ක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. 
 
එහිදී විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිදුකෙරෙන මෘත ශරීර ආරක්ෂා කිරීම, සතුන් ආරක්ෂා කිරීම, පරිපාලන කටයුතු ආදිය  අතහැර දමා මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැමිණෙන බවද ඔවුහු කීහ.
 
2016 වසරේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩි වීමේ ක්‍රියාවලියේ වැටුප් විෂමතාවයක් පවතින බවද මෙම  වැටුප් විෂමතාවය අනෙකුත් රාජ්‍ය සේවකයන්ට හැර තම සේවකයන්ට පමණක්  පවතින බවද මේ පිළිබඳව 2016 සිට බලධාරීන්ට දැනුවත් කළ ද මෙතෙක් අවධානය යොමු කර නැති බවද, මේ හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යන බවද ඔවුහු අවධාරණය කළහ.
විශ්වවිද්‍යාල පද්ධතිය ලබන 10 වන දින සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන බවත් වෛද්‍ය පීඨවල ඇති මෘත ශරීර විනාශවී නරක් වී යාමේ අවදානමක් පවතින බවත් පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල රඳවා ඇති වටිනා සතුන් විනාශ වී යන බවත් විශ්වවිද්‍යාල පවතින ජාලගත කිරීම් පරිගණක ගත කිරීම් සියල්ල අකර්මණ්‍ය වන බවත් මෙහි පාඩුව වර්තමාන රජය වගකිවයුතු බවද කපිල දැරණියගල මහතා සඳහන් කළේය.
 
වෛද්‍ය විද්‍යාල   මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති මළසිරුර නරක් වීම වැළැක්විය නොහැකි බවත් නරක් වුණු මළ සිරුරු රැගෙන තම අයිතීන් වෙනුවෙන් පාරට බැසීමට වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීම ලබන 10වනදා සිදු කරන බවද ඔහු දැඩි අවධාරණය කළේය.
 
10වන දිනට පෙර අනධ්‍යන සේවක මණ්ඩලයේ වැටුප් විෂමතාවයට සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිත නෙවාසිකාගාර ආපනශාලා ත්‍රිරෝද රථ ප්‍රවාහන ආදී සියලු වෘත්තීන්හි ජනතාව ඒකරාශී කරගෙන මුදල් අමාත්‍යාංශය වටලන  බවද හෙතෙම සඳහන් කළේය.
 
අනධ්‍යයන සේවකයන් සහ මුදල් අමාත්‍යාංශය අතර එදිනට ඇතිවෙන සටන කොතනින් කෙළවර වේ දැයි යන්න සොයා ගැනීමටවත් නොහැකි බවත් එහි වගකීම බලධාරීන් විසින් ලබාගත යුතු බව ද දැරණියගල මහතා සඳහන් කළේය.


 



අදහස් (22)

විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10වැනිදා වැඩවර්ජනයක

sachith Tuesday, 03 September 2019 05:22 AM

මම විශ්වවිද්‍යාලෙ හිටපු නිසා දැකපු දෙයක්, මෙයාලගෙන් බහුතරයක් ගන්න පඩියෙන් බගේකටවත් වැඩක් කරන්නේ නෑ. ගොඩක් අය උදේ ඇවිත් තමන්ගේ වැඩ වලට ගිහින් හවස එනවා, සමහරු යුටියුබ් එකේ දවසෙම කතා බල බල ඉන්නවා. එහෙමත් කෙනෙක් තමා වැඩක් කරන්නේ.

:       659       742

එච් එම් ආර් පී බී හේරක්Tuesday, 03 September 2019 06:25 AM

මොහුගේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. ඕනෑම තැනක ඉහත සදහන් කළ විදියේ ඉතාමත් සුලු පිරිසක් සිටින්න පුලුවන්. නමුත් සමස්තයටම බලපාන ලෙස චෝදනා කිරීම සාධාරණ නැත. අවංකව රාජකාරිය කරන පුද්ගලයින් බහුතරයක් සිටින බැවින් මෙවැනි ප්‍රකාශ තරයේ හෙලා දකිනවා .

:       414       48

Prabha Tuesday, 03 September 2019 08:40 AM

සචිත් කියලා තියෙන්නේ ඇත්ත ...

:       16       23

sachithTuesday, 03 September 2019 11:35 AM

"අවංකව රාජකාරිය කරන පුද්ගලයින් බහුතරයක් සිටින බැවින්...", මම එහෙනම් ඉන්න ඇත්තේ වෙන රටක විශ්වවිද්‍යාලයක. උදේ 8.30 පහු වෙලා වැඩට එන්නේ ගොඩක් අය (සමහර විශ්වවිද්‍යාල වල විතරද කොහේ අගිලිසලකුණු තියෙන්නේ) , 4 වෙනකොට යන්න පෝලිමේ ඉන්නේ. ඇත්තටම රටට කෙසේ වෙතත් මේ වැඩ කරන ගොඩක් අයට පවුද්ගලිකව ජිවිත වලට වෙන දියුණුවක් නෑ.

:       2       2

බන්ඩාරTuesday, 03 September 2019 04:16 PM

යන්නේ කොහෙද මල්ලෙ පොල් කිව්වලු. රාජ්‍ය අංශයේ සියලු ආයතන සඳහා වැඩිකළ වැටුප් ඒ ආකාරයෙන්ම විශ්ව විද්‍යාල සඳහා වැඩි නොකිරීම නිවැරදි කිරීම සඳහා අවුරුදු 3ක් තිස්සේ කළ සාකච්ඡාවලට සාධනීය ප්‍රතිචාර නොදැක්වීමට හා ඊට එරෙහිව මෙතෙක් ගත් සාමකාමී ක්‍රියාමාර්ගවලට නිසි ප්‍රතිචාර නොදැක්වීම් නිසා මෙලෙස වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කිරීමට සිදුවී තිබේ. ඉතිං ඊට යූ ටියුබ් කතාවක් පටලවා ගෙන වැරැදි අර්ථකථන දෙන්න උත්සාහ කරන්න එපා. මොකද යූ ටියුබ් කියන්නේ යක්ෂයෙක් නෙවෙයි. එය අද අධ්‍යාපනය සඳහා යොදා ගත හැකි හොඳම මාධ්‍යයක්...

:       2       27

sachithWednesday, 04 September 2019 05:27 AM

මෙතන කිසිම යූ ටියුබ් පටලවා ගැනීමක් නෑ. මම කිව්වේ වැඩකරන හැටි ගැන. හැබැයි ඔය කියන කට්ටියගේ යූ ටියුබ් හිස්ට්‍රි එක බැලුවා නම් තේරෙයි කොච්චර දුරට අධ්‍යාපනික විඩියෝස්ද බලලා තියෙන්නේ කියලා..

:       54       33

nilantha Tuesday, 03 September 2019 06:18 AM

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනට මාසයකට ලබන මුළු වැටුප කීයද දන්නවාද? උපාධි ගුරුවරයෙකුට වඩා විශ්වවිද්‍යාල කම්කරුවෙක් පඩි ගන්නවා. එත් ඉතා අඩුවෙන් වැඩ කරන්නේ. විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය රජයේ සේවකයෝ කරලා අනෙක් අමාත්‍යංශ වලට අවුරුදු 5 කින් මාරු කළා නම් හරි.

:       25       554

ලුම්බිණි Tuesday, 03 September 2019 06:34 AM

ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වැඩි හරියක් අකාර්යක්ෂමයි. ඉතින් තව වැඩි පඩිත් ඕනද?

:       5       143

sas Tuesday, 03 September 2019 07:17 AM

සියලුම විශ්වවිද්‍යාල පුද්ගලීකරණය කල යුතුය. සුදුසු සිසුන්ට රජය විසින් නොමිලේ ඉගෙන ගැනීමට ශිෂ්‍යත්ව ලබාදිය යුතුය. මෙවැනි වර්ජන එවිට නැති වෙයි.

:       11       103

NimalWednesday, 04 September 2019 03:35 AM

ඔයාටත් කඩයක් දාගන්න හිතිලා වගේ....

:       1       4

Dissanayake Tuesday, 03 September 2019 07:41 AM

මොනාද විශ්ව විද්‍යාල 15 ?

:       2       0

දසනායකWednesday, 04 September 2019 06:23 AM

.ගූගල් සෙවීම් යටතේ ලංකාවේ තිබෙන විශ්ව විද්‍යාල මොනවාද බලන්න පුළුවනි එහි විද්‍යාලයේ නම පිහිටීම ආරම්භය.ලියාපදිංචිය හා විද්‍යාලයන්හි ලස්සන ස්ථානවල දර්ශනත් තියෙනවා

:       0       1

lalithm Tuesday, 03 September 2019 08:58 AM

මේ මිනිස්සු හිතනවා ඇති මේ අය නැතිව එයාලගේ රාජකාරිය කරගන්න බැරිව ඇති කියල. මේ අයගෙන් බහුතරයක් නුපුහුණු සේවකයන් . අඩු තරමින් වෘත්තීය පුහුණුවක්වත් අවශ්‍ය රැකියා නොවෙයි. තව ගොඩනැගිලි ,විද්‍යාගාර සහ කාර්යාල සේවාවල අර්ධපුහුණු හා පුහුණු කාර්යමණ්ඩලයේ අයත් ඉන්නවා. පුහුණු අත්‍යාවශ්‍ය අයට රජයේ සමාන වැටුප් ගෙවල අනිකුත් අය ඉවත් තරලා පුද්ගලික ආයතන වලින් සේවා ලබා ගත්තනම් මේ වගේ කරදර නැහැ. මොකක් වුනත් බොහෝ දෙනෙක් වැඩිපුර නිකම් ඉන්න එක ඇත්ත.

:       28       144

kamal Tuesday, 03 September 2019 09:08 AM

අපේ ලේකම්තුමා එනකම් විතරයි අපිට මේ විකාර ඉවසන්නේ තියෙන්නේ. මේ පුහු වීරයන් ඊට පස්සේ පඩි නැතිව වැඩ කරන හැටි අපිට බලාගත හැකි .....

:       30       26

විමල්Wednesday, 04 September 2019 01:24 AM

සහතික ඇත්ත එතකොට වැටුප් නැතිවත් වැඩකරාවි. සිරිමා මැතිනිගේ කාලේ තදින්ම ආහාර හිඟයක් තිබුනා.එකල රජයට පක්ෂපාතී අය පෙළපාලි ගියේ මැතිනි අපට කියනවනම් පිදුරු උනත් අපි කන්නම් කියමිනි.

:       0       1

NimalWednesday, 04 September 2019 03:55 AM

ලේකම්තුමා කවදත් සාදාරණව බලනවා ඒ නිසා ඇත්තටම කාටවත් වර්ජන කරන්න ඕනි නැති වේවි.

:       0       0

nilantha Tuesday, 03 September 2019 10:16 AM

කරන ස්ට්‍රයික් එකක් ඝෝටා එන්න කලින් කරපල්ලා. ඒකාධිපතියෙක් රට කරවනකොට ඝෝඨාට ඡන්දෙ දුන්නත් සුදු වෑන්වලින් නොමිලේ අවසාන ගමන් යනු ඇත..

:       1       32

nayanaWednesday, 04 September 2019 11:10 AM

ලේකම්තුමාට බොරුකාරයන් පෙන්නන්න බැහැ. බොරු කාරයින්ට ලේකම්තුමාව පෙන්නන්න බැහැ.

:       0       20

ගාමිණි Tuesday, 03 September 2019 10:35 AM

මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය වෛද්‍ය පීඨයට බාරදි දිනක් ගත වෙන්නට කලින් මොහු කරන ලද ප්‍රකාශය ඉතාමත්ම අශෝභනයි. තරයේ හෙලා දකිනවා...

:       0       13

sampath Tuesday, 03 September 2019 11:58 AM

විශ්වවිද්‍යාල වල, එක්කෝ ළමයි, එක්කෝ අනධ්‍යයන තරගෙට රෝහල්වල හෙදියෝ, වෛද්‍යවරු, සුළු සේවකයෝ, ගුරුවරු පාසල්වල මේ සේරම එක්කෝ වහලම දන්නා ඕනේ... නැත්නම් අත්‍යාවශ්‍ය සේවා කරන්න ඕනේ.. පඩි වැඩිකරන්න කියන්න බඩුමිල වෙඩි කරන්න කියලා නැත්නම් බදු බර වැඩි කරන්න කියලා කරන ඉල්ලීමක්..

:       0       1

Mahee Wednesday, 04 September 2019 02:00 AM

"විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිදුකෙරෙන මෘත ශරීර ආරක්ෂා කිරීම, සතුන් ආරක්ෂා කිරීම…" යකෝ මේ කියන්නේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින් ආරක්ෂා කිරීම ගැනද? ඒකට නම් වැඩි පඩි දුන්නට කමක් නෑ. ගමේ හරක් බලන එකාටත් අපි කීයක් හරි දෙනවනේ.

:       0       0

සම්පත් Wednesday, 04 September 2019 12:37 PM

විශ්වවිද්‍යාලේ හිටිය කියන මහත්තය එක්කෝ වැස්සකටවත් විශ්වවිද්‍යාලේ ගිහින් නෑ. නැත්නම් වෙන දේශපාලන වුවමනාවකට කඩේ යනවා.. දන්නවද දන්නෑ..? ආසියානු රටවල් අතරින් ලංකාවේ විශ්ව විද්‍යාලවළට ඉහළම පිළිගැනීමක් තියෙන්නේ කියලා.. ලංකාවේ වෛද්‍ය උපාධියට තමයි ආසියාවේ ඉහළම පිළිගැනීමක් තියෙන්නේ. මෙච්චර නූගත් නුපුහුණු සේවකයින් අඩු තරමින් වෘත්තීය පුහුණුවක්වත් නැති වැඩ නොකරන මිනිස්සු ඉන්න විශ්වවිද්‍යාලවලට ආසියාවේ ඉහළම රෑන්කින් ගන්න එක ...පිස්සු නේ...අනික විශ්වවිද්‍යාල සේවකයාටත් අනිත් රජයේ සේවකයින්ට හිමි වරප්‍රසාද තියෙන්න ඕනෑ නැද්ද..? ඇමතිවරු සැප කාර්, මන්දිර ගන්නකොට බැංකු හොරකම් කරන කොට අනේ සාදු.. කියන අලයෝ පොඩි පන්තියේ මිනිහෙක්ගේ සාධාරණ ඉල්ලීමක් දැක්කම මාර කේන්තියක් එන්නේ.. විශ්වවිද්‍යාලයට ගියා නම් දන්නවා ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට ආව දවසේ ඉඳලා අන්තිම රනින් ෂිට් එක ගන්නකම් වැඩි පුරම සම්බන්ධ වෙන්නේ අනධ්‍යන සේවකයන් එක්ක. ටොයිලට් එක හෝදන එකේ ඉඳලා, දේශනශාලා පිරිසිදු කිරීමේ ඉඳලා අන්තිමට ඇඩ්මිෂන් එක අත්සන් කරන්නේ අනධ්‍යන සේවකයන්... ඇත්තටම මේ මහත්වරු කියන විදිහට නුපුහුණු සේවකයන් අඩු තරමින් වෘත්තීය පුහුණුවක්වත් නැති අය ඉන්නවා නම් ඒකෙ වැරද්ද සේවකයාගේද පාලකයාගේද?

:       4       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 844 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 163 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1029 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1064 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1367 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1220 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site