IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විශාලතම මත්කුඩු තොගයේ මහමොළකරුවන් ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
රුපියල් කෝටි 295ක් පමණ වටිනා එම මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අද(01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු මාර්තු 15 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.
 
මෙම මත්කුඩු තොගයේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් පස්දෙනා ඩුබායිහි සැඟවී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
ඔවුන් පස්දෙනාටම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඉල්ලීම මත වරෙන්තු නිකුත් කළ බවත්, ඉදිරියේදී ජාත්‍යන්තර පොලිසිය හරහා ඔවුන්ට නිල නිවේදන ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (6)

විශාලතම මත්කුඩු තොගයේ මහමොළකරුවන් ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’

Mahee Friday, 01 March 2019 07:30 AM

ඇත්තටම මහා මොළකරුවෝ මොවුන්ද? අපි නම් විශ්වාස කරන්නේ මහා මොළකරුවෝ මොවුන් කියලා, ඒ කවමදාවත් නම් ප්‍රසිද්ධ වුනේ නැහැ කියලයි අපි. හිතන්නේ ඒවා රාජ්‍ය රහස් නේද?

:       2       83

Manjula Friday, 01 March 2019 08:00 AM

මෙහෙම කාලකණ්ණින්ට මහ මොලකරු කියන්න එපා. මේ අය මහ තක්කඩි...

:       0       1037

de silva berlin Friday, 01 March 2019 08:59 AM

නිතරම කුඩු තොග ඇල්ලුවහම කියන්නේ මේවට වගකියන්න ඕනේ කොස්ගොඩ සුජි , මදුෂ් , කන්චිපනි ඉම්රාන් , අංගොඩ ලොක්ක , වැනි එමිරේට් රටේ හැංගිලා ඉන්න මිනිස්සුන්ගේ නම් නමුත් මේ වනතුරු ලංකාවේ පොලිසිය මොවුන්ට ලංකාවේ අධිකරණ වල තිබෙන වරෙන්තු ඉන්ටෙර්පොල් හරහා එමිරේට් රටට භාරදීමට කටයුතු කර නැහැ , හැමදාම කියන්නේ භාරදීමට කටයුතු කරනවා කියල පමණි , දැනට පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ ජනාධිපති තුමා යටතේ , කුඩු ජාවාරමට විරුධව දේශීයව සහ විදේශීයව ප්‍රසිධියේ කතාකරන එතුමා වත් පොලිසියට නියෝග කර නැහැ මෙම වරෙන්තු නීත්‍යනුකූල එම රටවල් වලට භාරදෙන්න කියල , එම නිසා මට සාධාරණ සැකයක් ඇතිවෙනවා මෙම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ලොකු දේශපාලකයන්ගේ සහ ඉහල පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධය තිබෙනවා කියල , සමහරවිට ඔවුන් පතල නායකයන්ගේ නම් භාවිත කරමින් තනිවම මෙම ජාවාරම කරගෙන යනවා ඇති , එහෙම නැත්නම් පාතාල නායකයන් කරන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් මොවුන්ට කොමිස් එකක්ක ඇති

:       0       169

de silva berlin Friday, 01 March 2019 10:09 AM

මේ අපරාධ කරුවෝ (මදුෂ්, කන්චිපාන ඉම්රාන්, අංගොඩ ලොක්ක) වැනි පුද්ගලයන් අපෝස / සාපෙළ වත් සමත් නැති පුද්ගලයන්..., මෙම විශාල ජාවාරම් මෙහෙයවන්නේ අනිවාර්යයෙන්ම තිරය පසුපස සිට වෙනත් පුද්ගලයන්.. ඔවුන්ගේ නම් ලංකාවේ ප්‍රසිද්ධ වුණාම ඔවුන් මෙහෙට දුරකතනයෙන් කතාකර කප්පම් ගැනීම්, කුලියට මිනීමැරුම් කොන්ත්‍රාත් ගැනීම වැනි අපරාධ කරනවා.. මොවුන් පිටුපස ඉන්න පුද්ගලයාට හෝ පුද්ගලයන් කණ්ඩායමට ලංකාවේ විශාල දේශපාලන, මුදල් බලයක් තිබෙනවා. ඔවුන් උගත්කම අතිනුත් ඉන්නේ ඉතා ඉහළ තලයක... එමනිසා ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවල මොනවා කිව්වත්, ලංකාවේ ආණ්ඩුව හරහා මෙම අපරාධකාරයෝ ගැන ඉන්ටර්පෝල් එකට දැනුම්දීමක් සිදුවෙන්නේ නැහැ.

:       0       55

sarath Friday, 01 March 2019 10:52 AM

මහමොලකරුවන් ඉන්නේ දියවන්නාවේ. කුඩා මොළ කරුවෝ තමයි මේ. මදුෂ්ට දුන්නේ නැති ඉන්ටර්පෝල් වරෙන්තු මෙයාලට දෙයිද? ඩුබායි පොලිසිය දන්නවද මදුෂ්, කන්ජිපානි ඉම්රාන් කියන්නේ මෙහෙ පාතාලයෝ කියලා තවම දන්නවද කියලවත් සුවර් නැහැ.

:       0       103

de silva berlin Friday, 01 March 2019 10:46 PM

අට පාස් නැති අපරාධකාරයෝ අතලොස්සක් එම්රේට් රටේ ඉඳගෙන මාසෙකට ලංකාවේ මිනිස්සු 10-15 මරනවා නම්, කෝටි 200-300ක මුදලක් කප්පම් වශයෙන් ගන්නවා නම්, කුඩු ටොන් එකක් විතර බිස්නස් කරනවා නම්, පොලිස්පති ප්‍රමුක පොලිස් නිලධාරීන්ට මේක නවතන්න බැරිනම්, පොලිස්පති සහ නීතිය සහ සාමය භාර ඇමති ඉල්ලා අස්විය යුතුය...

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 673 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 696 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 504 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 653 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 81 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 986 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site