IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

(සිතුම් චතුරංග)

වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක්  ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඉපැරණි සඳකඩ පහනක් මත දේව ප්‍රතිමා තැන්පත් කර පුරාවිද්‍යා ස්මාරක සියල්ල ඩෝසර් කර ඇතැයි ද පුරාවිද්‍යා නිලධාරීන් ඕමන්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පැරණි ස්ථූප පාදම්, සිරිපතුල්ල ගොඩනැගිලි පාදම්, ගල් කණු, ගඩොල්, උළු  ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් ‍කිසියම් පිරිසක්  එලෙස ඩෝසර් කර ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බවට නම්කර තිබූ ස්ථානයක් මෙලෙස හානිකර ඇති බවද වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේය.

එම පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර හතකින් පමණ යුතු භූමිය පෞද්ගලික ඉඩමක් ලෙස වටකර ඇති බවත් ඒ අනුව කෝවිල ඉදිකිරීම් ආරම්භ කර ඇති බවද පුරාවිද්‍යා  නිලධාරීහු පෙන්වාදෙති.

ඕමන්ත මාලිගෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා  ස්ථානය විනාශ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම පමාවී ඇති අතර එම ස්ථානය විනාශ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම  ද පොලිසිය  පැහැර හරිමින් සිටින බව වවුනියාව  බෞද්ධ සංවිධාන පවසති.

බෞද්ධ සංවිධාන වැඩිදුරටත් පැවසූයේ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත නිලධාරීන් පැමිණිලි කළද මේ වනතෙක් විනාශය නැවැත්වීමට හෝ උත්සහයක් ගෙන නොමැති බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කර සති කිහිපයක් ගතවුවද මෙතෙක් පියවර නොගෙන ඇතැයි ද පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියෙන් සිදුකළ විමසීමකදී උසස් නිලධාරියකු පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.



අදහස් (52)

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

Thushan Thursday, 24 October 2019 11:26 AM

කවුරු කරත් මේවා හෙණ ගහන වැඩ.

:       14       522

ඉලයරාජා Thursday, 24 October 2019 11:43 AM

දෙවියෙක් නැති සිංහලයන්ට මොන නටඹුන්ද ?

:       2543       359

Rasika PradeepThursday, 24 October 2019 12:11 PM

මොකද මේ? ඔහොම හිතපු ඔයාලගේ ලොක්කා ප්‍රභාකරන් දැන් ඉන්නේ දෙයියෝ ළඟ මහත්තයා. ඒ හින්දා වැඩිය කලබල වෙන්න එපා. නිවිලා ජීවත්වෙන්න...

:       4       1526

ගන්ගය් අමරන් Thursday, 24 October 2019 12:59 PM

ඇත්ත කතාව. අලුත් අවුරුද්දත් දෙමල කට්ටියගේ... දෙවියෝත් දෙමල කට්ටියගේ. කතරගමත් දෙමල කට්ටියගේ. විහාරවල ඉන්න දෙවිවරුත් දෙමල කට්ටියගේ. එම නිසා දෙන දෙයක් කාලා සතුටු වෙලා ඉන්න..

:       459       71

සේනක Thursday, 24 October 2019 01:14 PM

ඔබලා ඉන්නකම් මේ රට අරාජිකත්වයට පත්වෙන එක නවත්වන්න අමාරුයි. අනිත් එක තමුන්නාන්සේලා නිසා තමයි සමනලයින්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ... එදා ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාට කරගන්න බැරිදේ අද මේ අය එක්ක කර ගන්නවා.

:       193       354

Rasika PradeepThursday, 24 October 2019 01:30 PM

අපිත් මේකට අහසින් පාත් උනානම් දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න තිබ්බා. ඔබතුමා නොදන්නවා උනාට මේක තුන් වරක් ගෞතම බුදුන් වහන්සේට පූජා කරපු රටක්. ඔය නටඹුන් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝත්නෙට පූජා කරපු වෙහෙර විහාර. ඒ බව අමතක කරන්න එපා. ජාතියේ කරුමෙට නිවට නායකයෝ ටිකක් රට කෑවට සිංහලයා කියන්නේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ජාතියක්. ඔබතුමා ටිකක් හිතන විදිය වෙනස් කරගන්න.

:       2       653

සේනThursday, 24 October 2019 02:37 PM

මතක තබා ගන්න. සුද්දා තේ දළු නෙලීමට ඉන්දියාවෙන් ගෙනා දෙමළ ජනයා තමයි සිංහල බෞද්ධ රටේ ව්‍යාප්ත වුණේ... නුඹලාට රටේ ඉන්න පුලුවන්... නමුත් ඉතිහාසය විනාශ කර සත්‍ය වසන් කරන මිත්‍යා දේවවාදය පතුරවන්න බෑ...

:       15       551

DilanThursday, 24 October 2019 03:05 PM

දෙමළ, මුස්ලිම් දෙගොල්ලම එකතු වෙලා සිංහලයට ගැහුවට මුස්ලිම්වරු දෙමළුන්ට ගහන්න ගත්තම දුවන්න පාර මදිවෙයි. සිංහලයා එක්ක ඉන්න බැරිනම් කා එක්කවත් බෑ...

:       12       394

Tharindu PereraThursday, 24 October 2019 04:51 PM

ඉලයරාජා ‌ලෙස ‌මෙහි අදහස් ප්‍රකාශ කර ඇත්තේ ‌දෙමළ ජාතිකයකු ‌නොව ජාතිවාදය ඇවිස්සීම සඳහා කටයුතු කරන අමනයකු බව බුද්ධිමත් ව අවබෝධ කරගන්න. ‌මොහුට අවශ්‍ය වූූ මතය ජනගත කිරීම සඳහා ඔහු අපව බළල් අත් ‌ලෙස ‌යොදාගෙන ඇත. රටක් ‌ලෙස අපට ඉදිරියට යාමට නම් ‌මෙවැනි ප්‍රකාශ පිළිබඳ ව අප ඉතාමත් අවබෝධයෙන් යුතුව කටයුතු කළයුතු බව සිහි තබාගන්න.

:       36       588

NishanThursday, 24 October 2019 11:35 PM

පාස්කු බෝම්බේ වගේ ඡන්දෙට රට සුදානම් කිරීමක් වෙන්න ඇති මේ.

:       520       613

ජහපාල Friday, 25 October 2019 04:19 AM

එජාප ආණ්ඩුවක් තිබුනා නම් සජිත්ට ජනාධිපතිකම නොවෙයි අඩුම තරමේ සංස්කෘතික ඇමැතිකමවත් තිබුනා නම් අනිවාර්යයෙන් මේවා වෙන්න දෙන්නේ නෑ. මේවා නවත්වන්නට සජිත් දිනවමු. එජාප රජයක් පිහිටවමු. පොහොට්ටුවට බලය තිබෙන වර්තමාන ආණ්ඩුව පන්නා දමමු. අගමැති මහින්ද එලවා දමා රනිල් අගමැති කරමු. සංස්කෘතික ඇමති බැසිල් රාජපක්ෂ වෙනුවට රන්ජන් රාමනායක සංස්කෘතික ඇමති කරන්නට සජිත් ජනපති කරමු. 2015 ජනවාරි 8 සිට රට පාලනය කරන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පන්නා දමා සජිත්ලා රනිල්ලාට බලය තිබෙන යහපාලන රජයක් බිහි කරන්නට නොවැම්බර් 16 සජිත් දිනවමු.

:       203       454

ලංකා Thursday, 24 October 2019 11:32 AM

ලංකාදීපයට ස්තුතියි. මෙවැනි දේවල් වලට මේ දවස්වල ප්‍රචාරය අඩුයි.

:       21       387

සලමි Thursday, 24 October 2019 11:40 AM

කෝ අර හාමුදුරුවෝ?

:       43       113

Prabha Thursday, 24 October 2019 01:43 PM

මොකද හාමුදුරුවෝ හොයන්නේ? දානේ දෙන්නද?

:       41       239

suneth Thursday, 24 October 2019 11:41 AM

සිංහල බෞද්ධයාගේ සියල්ල විනාශ වෙනවා. අනේ ඒවා රැකගන්න නායකයෙක් අපිට ලැබේවා. ගෝඨා අවොත් කොන්ද කෙලින් තියන් තීරණ ගන්න පුළුවන් බව පෙන්වා ඇති නිසා මේවා රකින්න පුළුවන් වේවි.

:       1545       2042

අනුරThursday, 24 October 2019 01:00 PM

දවල්ටද?

:       704       678

අප්පුහාමි මාමාFriday, 25 October 2019 04:18 AM

ඔව් දවල්ට තිබුනාම ඇති ඇයි රෑට රෑට එන්න කෙනෙක් ඉන්නවානේ

:       373       384

NishanFriday, 25 October 2019 10:33 PM

මේවා කරන්නෙත් එතුමා පඩි ගෙවපු අයද දන්නේ නැහැ. මතකයිනේ පාස්කු බෝම්බේ. ඡන්දයක් ලං වෙනකොට තමයි මේ ඔක්කොම වෙන්නේ.. විශේෂයෙන්ම සිංහල බෞද්ධයාව කුලප්පු වෙන වැඩ...

:       31       0

thushara Thursday, 24 October 2019 11:48 AM

කාට කියන්නද මේ අපරාධ? මේ විනාශ කරන්නේ නුපන් පරපුරක ඉතිහාසය. කොන්දක් නැති පාලකයෝ නිසා විනාශ වෙන අපේ ඉතිහාසය.

:       18       541

jaya Thursday, 24 October 2019 11:51 AM

හාමුදුරුවන්ට කලින් සිද්ධියට උසාවි යන්නත් වෙලාලු නේද? ඇයි මේවා බලධාරීන් ගණන් ගන්නෙ නැත්තේ? ඒකනේ පුදුමේ කියන්නේ.

:       0       132

රජින්ද Thursday, 24 October 2019 11:58 AM

ගෝඨාභය එන්න තව දවස් 23යි.. අන්තවාදියෝ, බෙදුම්වාදියෝ කරන ඔක්කොම විනාසේ මේ දවස් 23 ඇතුළත මේ රටට කරයි. ගෝඨා අනිවාර්යයෙන්ම ජනාධිපතිට ඇති බලතල නැවත ගතයුතුයි. ඊට සිංහල 2/3ක බහුතරයකින් මීළඟ ආණ්ඩුව පිහිටුවන්න වෙනවා. සිංහල බෞද්ධ අනන්‍යතාවය කිසිම විදිහකින්වත් කෙළෙසන්න ඉඩ නොදිය යුතුයි.

:       705       1451

මවුබිමේ අනාතයා Thursday, 24 October 2019 12:07 PM

මේක තමයි වෙනස. සිත කෝපකර නොගන්න වෙනස්ව සිතන්න පුරුදුවන්න නැත්නම් තව අවුරුදු 10කින් ගොඩාක් අමාරුවේවි..! වචනයේ පරිසමාප්තියෙන්ම " මවුබිමේ අනාථ වු අපි"

:       3       170

මුණසිංහ Thursday, 24 October 2019 12:19 PM

මේ අාණ්ඩුව තිබෙන දවසක් පාසා රට විනාශ මුඛයට යනවා. ඉක්මණින්ම නව රජයක අවශ්‍යතාව පේනවා. සංස්කෘතික අැමතියෙක් ඉන්නවද කියලා නැහැ. එයා තව ජනාධිපතිකමත් ඉල්ලනවා. දුන්නොත් කොහොමට හිටීද?

:       4       442

Asanka Thursday, 24 October 2019 12:48 PM

පුරාතන ලංකාවේ තිබූ බෞද්ධ විහාරවල ලැයිස්තුව හෙවත් නම් පොත හෙවත් විහාර අස්නෙහි සඳහන් වන වෙහෙරවිහාර වලින් අඩකටත් වඩා අද වෙනකොට කඩලා විනාශ කරලා ඒ මත අන්‍යාගමික පල්ලි, කෝවිල්, රජයේ ගොඩනැගිලි හදලා, පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය හැරුණු විට ද්‍රවිඩ හා මුස්ලිම් ජාති වාදීනුත් ඒකම කරනවා. කොන්ද පණ ඇති නායකයෙක් නැති සිංහලයින්ට ලඟදීම පනින්න මුහුදවත් ඉතුරු කරපල්ලා...

:       1       108

leel gunawardena Thursday, 24 October 2019 12:55 PM

ඉලයරාජා අදහස් දානවිට කල්පනාවෙන් ඉදිරිපත් කරන්න ඔහොම ගියොත් කෝවිල් ටිකත් එහි නටබුන් ටිකත් විනාශ වන්නට පුළුවන් තව ඉදිරියට... පෞරාණික වස්තුන්වල තිබෙන වටිනාකම දන්නේ නැති කෙනෙක් නිසා මට වෙන කියන්න දෙයක් නැහැ ඔබට...

:       3       273

Gamarala Thursday, 24 October 2019 12:59 PM

මේවා හෙන ගහන අපරාධ.. සිංහලයිනි, නැගිටිව් කියලා කිව්වට මම ජාතිවාදියෙක් කියලා නම් කරන්න එපා. මේ විනාශ කරන්නේ අපේ ජාතික වස්තු නේද...?

:       5       221

Gamarala Thursday, 24 October 2019 01:21 PM

සිංහලයා නිදාගන්නැති බව සියලුම සුලු උත්තමයින් දැනගෙන කටයුතු කිරීම යහපති.

:       4       116

wije Thursday, 24 October 2019 02:30 PM

හොඳ නායකයෙක් කවදා බිහිවේවිද මේ රටේ සිංහලයින්ට...

:       1       116

Azam Thursday, 24 October 2019 03:03 PM

සජිත් තීරණයක් ගන්න ඕනේ... ගෝඨාභයට සහාය දෙන්න රට ගොඩගන්න... මොකද ඒයා අරාබියට බය නිසා ඩයස්පෝරාවට කොහොමත් බයයි..

:       78       328

vijitha Thursday, 24 October 2019 03:05 PM

මේක අපේ රටද?

:       1       114

Gamarala Thursday, 24 October 2019 03:59 PM

මේ අපේ රටම බව හොඳින්ම සිහි තබාගන්න. පෙර කළ තම්බපන්නි නමින් වූ මේ ත්‍රිසිංහලය දැන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා (ශ්‍රීලංකා ද්වීපය) නමිනුයි. කිසිම සැකයක් කවුරුත් තබා නොගත යුතුයි.

:       0       11

Selfuc Thursday, 24 October 2019 04:14 PM

එක අතකට මේවා මෙහෙම වෙන එක හොඳයි මේවායින් අපේ ගෝඨා සර්ගේ ඡන්ද වැඩිවෙනවා

:       9       212

lanka Thursday, 24 October 2019 04:51 PM

මේවා මෝඩ අදහස් අපි ශ්‍රී ලංකන් වෙමු

:       148       6

nilu Thursday, 24 October 2019 05:34 PM

තඹලගමුව රජ මහා විහාරය තිබුණ තැනත් කෝවිලක් හදලා අල්ල ගත්තා. දැන් ගුරුකන්ද රජ මහා විහාරයත් අයින් කරන්න දගලනවා. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරමින් ඒ ස්ථාන වල කෝවිල් හදන්න හදනවා.

:       0       136

සමන්ත Thursday, 24 October 2019 07:00 PM

මේ දවස්වල ඔය වගේ වැඩ හරි හරියට වෙනවා.

:       103       50

Bandara Thursday, 24 October 2019 07:40 PM

මමත් බල බලා ඉන්නෙ ගෝඨාභය එනකල්. මොනවා හොරකම් කළත් කමක් නැහැ ජාතිවාදය නැවැත්විය යුතුයි.නැත්නම් අපට ලංකාවක් ඉතුරු නොවෙනු ඇති.

:       2       80

Appuhami Thursday, 24 October 2019 07:51 PM

යෝජනා 13 දැන්මම ක්‍රියා කරන්න වැඩ පටන් අරගෙන වාගේ කොහොම හිටී ද සජිත් ආවොත්

:       2       135

ෂංඉඳියා Thursday, 24 October 2019 07:56 PM

ඇයි මේ වෙලාවෙ මේ කතංදර අදින්නෙ? සංහිඳියාවට බාධා වෙනව නේ!

:       16       3

s perera Thursday, 24 October 2019 08:18 PM

යම් හෙයකින් කෝවිලක් කඩා පන්සලක් ගොඩ නැගීමට උත්සහ කළොත් අත්වැරදීමකින් ....ලෝකේ ඉන්න හත් මුතු පරම්පරාවම අවි අමෝරනවා ...!! යුද්දේ කාලේ කෝවිල් වලට මුවා වෙලා කරපු දේවල් මරු .. මේවැනි දේ වලින් මේ අය පෙන්වන්නේ බලය බෙදු පසු උඹලට දෙන්නම් පාර ... සියලු ප්‍රාදේශීය සභා පළාත් සභා අහෝසිකර බලය අවමකිරීමට ඔවුන්ම පෙන්වන හොදම සාධක තමා මේ..... නමුත් සැබෑ යථාර්ථය නම් අධ්‍යාත්මක ගුණ ඉස්මතු වූ දා මෙවන් අසමජ්ජාතින් බිහි නොවීමයි ...එසදහා උසස් සංස්කෘතික දැනුමක් සහිත සමාජයක් බිහිවිය යුතුයි

:       0       140

ධම්ම Friday, 25 October 2019 01:05 AM

ඉතිහාසය කන්නද? අපේ ලොක්කෝ අපට කිව්වේ එහෙමයි.

:       3       25

Bandara Friday, 25 October 2019 01:26 AM

අපිත් ශ්‍රී ලංකන් තමයි. නමුත් අප උරුමය වනසනවාට විරුද්ධවිය යුතුයි.

:       0       43

damith Friday, 25 October 2019 01:28 AM

වවුනියාවේ පොලිසියේ ඉන්නේ සිංහලද ?

:       0       119

P.Perera Friday, 25 October 2019 01:42 AM

ඉක්මණින්ම නව රජයක අවශ්‍යතාව පේනවා

:       1       130

Koba Friday, 25 October 2019 01:55 AM

ඉලෙයරාජා දෙමළ නමක් ගෙන ඉන්න සිංහල ජාතිවාදියෙක්, ඒ අයට ලේ දැක්කේ නැතොත් නින්ද යන්නේ නැහැ, සිංහල මිනිස්සු අවුස්සලා ඡන්ද කඩන්න තමයි ඔබ වාගේ අයට ඕනාකර තිබෙන්නේ, එයින් වාසිය කාටද, ආණ්ඩු කරන පක්ෂයට වාසියි ද? නැහැ, ඉතිහාසය බලන්න ලෝකේ කොතනත් ජාතිවාද ගැටුම් ආරම්භ කර තිබෙන්නේ ඔය විදිහට.

:       0       37

thiyagaraja Friday, 25 October 2019 02:49 AM

රටට හෙන ගැහුවත් යු එන් පී කාරයන් සදා නොවෙනස්

:       1       124

නිපුණ Friday, 25 October 2019 03:09 AM

මේ අයගෙ මුතුන්මිත්තන් අනුරාධපුර යුගය විනාශ කළෙත් ඔය විධියටම තමයි. ඒවයි පුරුද්ද

:       0       41

Anu Friday, 25 October 2019 03:16 AM

ඉතාම කනගාටු දායක ප්‍රවෘත්තියක්. පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ඉවත් වියයුතුයි. මොවුන් ගුරුකන්ද විහාරයට කරන්නෙත් මෙයමයි. ඇමති රට බාරගන්න පෙරුම්පුරනවා, නමුත් අමන්තංශයේ වැඩවත් හරියට කරගන්න බෑ වගේ පෙනෙන්නේ.

:       1       93

සමන්ත Friday, 25 October 2019 03:28 AM

මම කිව්වේ ඔහොම නෙමේ. අර පැලෝපීය නාලේ කේස් එක වගේ වැඩ මේ දවස්වල වැඩි වැඩියෙන් වෙනවා කියලා. ඔය ඔක්කොම ඡන්දේ බලාගෙන කරන වැඩ.

:       63       44

namalFriday, 25 October 2019 04:21 AM

ඡන්දෙ කාලේ සංස්කෘතික ඇමති ඕව බලන්නේ නැති බව ඒ ගොල්ල දන්නවා

:       0       11

vipula Friday, 25 October 2019 05:47 AM

දුර්වල පාලකයන් පත් කරගැනීමේ විපත. කොපමණ පුරා වස්තු ඩෝසර් කරාද? කිසිම කෙනෙකුට තවම නීතිමය පියවර ගන්න බැරිවුනා. මේවා කරන්නේ භූමිය අයිති කරගන්න. පුරාවිද්‍යා එකයි පොලීසියයි ඇස් වහන් ඉන්නේ. අපේ රටේ ඉදන් අපිවම විනාශ කරනවා.

:       0       38

lasantha Friday, 25 October 2019 06:19 AM

ඡන්දේ අස්සේ ජාතිවාදය අවුස්සන්න කමෙන්ට් දාන අයත් ඉන්නවා.

:       14       116

victor Monday, 28 October 2019 07:16 AM

නටබුන් තියෙන හැම තැනක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සටහන් වී නැහැ. ඒ හින්ද පොලිසියට එකපාර මුකුත් කරන්න බලයක් නැහැ.

:       7       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 5946 3

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3710 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3052 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11700 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7980 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site