(*** සුජිත් හේවාජුලිගේ)
වැලිසර කඳවුරේ පැතිර ගිය කොරෝනා වසංගතය අවසන් හෙයින් ඒ කඳවුර සාමාන්‍ය කටයුතු සඳහා යළි විවෘත කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට ඊයේ (18) නිල වශයෙන් දැනුම් දී ඇත.
වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට සුරක්ෂිත කලාපයක් බවට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබූ අතර ඔහු ඒ බව නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.
වැලිසර නාවික රෝහල හැරෙන්නට වැලිසර කඳවුරේ සියලුම අංශ මේ අනුව විවෘත කළ හැකි බව ද දැනුම් දී ඇත.
වැලිසර නාවික හමුදා රෝහල පමණක් ලබන 25 වැනිදායින් පසුව විවෘත කරන්නැයි නාවික හමුදා ප්‍රධානීන්ට දැනුම් දුන් බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ‘ලංකාදීප’යට ඊයේ (18) පැවැසුවාය.
වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි කී ගමගේ මහත්මිය නාවික භටයන්ගෙන් සියයට අනුවකට වැඩි පිරිසකගේ නිරෝධායන කටයුතු ද අවසන් වී ඇතැයි ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධයෙන් අප නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ නිශ්චිත සෞඛ්‍ය නිර්දේශ ලැබී ඇති හෙයින් වැලිසර නාවික කඳවුර අද හෙටම විවෘත කිරීමට පියවර ගන්නා බවයි.
කඳවුර විවෘත කිරීමට පූර්ණ විෂබීජහරණයකට ලක් කළ යුතුව තිබෙන බව ද නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.
කොරෝනා පැතිර යෑමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කලාපයක් බවට පත් කෙරුණේ ඉකුත් අප්‍රියෙල් මස 23 වැනිදාය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැලිසර කඳවුරේ කොරෝනා ඉවරයි
MO77 Friday, 19 June 2020 07:43 AM
කඳවුරේ සියලුම දෙනාට පී.සී.ආර්. ටෙස්ට් එක කරලද තියෙන්නේ? ගමගේ මහත්මිය නාවික භටයන්ගෙන් සියයට අනුවකට වැඩි පිරිසකගේ නිරෝධායන කටයුතුද අවසන් වී ඇතැයි ප්‍රකාශ කළාය. එතකොට අනික් සියයට 10 ?
wijendra Friday, 19 June 2020 11:54 AM
මෙම ලිපියට අනුව නිරෝධායන මධ්‍යස්ථාන ඔවුන් සතුව තිබිය යුතුයි.
isuru Friday, 19 June 2020 12:21 PM
මෙයා දැන් පචවෙලා ඉන්නේ...