(මනෝප්රිය ගුණසේකර)
ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැතිව තිබු නියෝජ්‍ය සභාපති තනතුරක් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවෙන් තමා නිදහස් කරන්නැයි ඉල්ලමින් පවරා ඇති ප්රතිශෝධන ඇයැදුමේ නියෝගය ලබන සැප්තැම්බර් 12 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (26) නියම කළේය.
ප්රතිශෝධන ඇයැදුම් පත්‍රය සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 5 වැනිදාත් ඒ සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් 10 වැනිදාත් ඉදිරිපත් කරන ලෙස පෙත්සමේ පාර්ශවකරුවන්ට විනිසුරුවරයා නියම කළේය.
කුමාර වෙල්ගම මහතා ප්‍රවහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැතිව තිබු නියෝජ්‍ය සභාපති තනතුරක් කුමාර වෙල්ගම මහතා ප්‍රවහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිර්මාණය කර නියෝජ්‍ය සභාපති තනතුරට පත්වූ අයට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුමාර වෙල්ගම මහතාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.
එම නඩුව සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් එම චෝදනාවන්ගෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරයා එම මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීමට තීරණය කළේය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයාගේ තීරණය ප්‍රතිශෝධනය කර තමන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගෙන තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම ප්රතිශෝධන ඇයැදුම්පත ඉදිරිපත් කර තිබිණි.
එම ප්රතිශෝධන ඇයැදුම් පත විභාග කළ විනිසුරුවරයා අදාළ නියෝගයන් නිකුත් කළ අතර මෙම පෙත්සම ලබන සැප්තැම්බර් මස 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෙල්ගමගේ ප්රතිශෝධන ඇයැදුමේ නියෝගය සැප්තැම්බරයේ
ගල්කටස් Monday, 26 August 2019 10:06 AM
ඕකෙන් දැන් ඉතිං එයා නිදහස්... හේතුව දන්නවනෙ...
සෙනෙවි Monday, 26 August 2019 01:45 PM
ඒක තමයි මොහු ආණ්ඩුවට කඩේ යන්නේ...
samTuesday, 27 August 2019 05:44 AM
බලලා මල්ලෙන් එලියට පනියි.