(විනීතා එම් ගමගේ)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම වළකාලමින් බලපෑම් කරන විදේශ රාජ්‍යය කුමක්දැයි රටට හෙළි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
මේ වනවිට සවිකිරීම සඳහා ගෙන්වූ ග්රැන්ටි දොඹකර තුන පර්යන්ත ගත කිරීම ප්‍රමාද කරමින් තිබෙන බව පෙන්වා දෙන එම සංගමය වහා මෙම ප්රශ්නය සඳහා මැදිහත්වීමක් සිදුකරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
එම ග්රැන්ටි දොඹකර මේ වනවතුරුත් පර්යන්ත ගත කරගත නොහැකි වීම නිසා ඉකුත් 20 වැනිදා සිට මේ දක්වා දිනපතා එක් දිනකට රුපියල් 90 ලක්ෂයකට ආසන්න මුදලක් බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට වරාය අධිකාරියට සිදුව ඇති බැවින් මෙකී ප්‍රශ්නයට වහා විසඳුමක් අවශ්‍යව ඇතැයි ද ඔවුන් දන්වා යවා ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගැඹුරින් වැඩි විශාල නෞකා මෙහෙයවිය හැකි එකම පර්යන්තය පුද්ගලීකරණයට පිඹුරුපත් සකස් කෙරුණේ පසුගිය රජය සමයේ බවත් මේ සම්බන්ධන් මුල සිට තම සංගමය විරෝධය පළ කළ බවත් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසීය.
මේ අතර වරායේ සේවක වෘත්තීය සමිති 23 ම එක්ව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් වරාය අධිකාරිය යටතේ ඉදිරි පැය 48 දී නැගෙනහිර පර්යන්තය වැඩ ආරම්භ කළ යුතු බවත් වරායේ වෘත්තිය සමිති කියා සිටිති.
එසේ නොවුන හොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹීමට මේ වනවිට සියලු වෘත්තීය සමිති එකඟතාව පල කර ඇති බව වරාය ස්වාධීන වෘත්තීය සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා පැවැසීය.
යම් විසදුමකට පැමිණීමට දින දෙකක් කල් දෙන ලෙස වරාය පාලනාධිකාරිය වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර ඇති බැවින් තවමත් වෘත්තිය සමිති යම් ධනාත්මක විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ බංගමුවගේ මහතා එසේ වුවත් කිසිදු විදේශ රටකට නැගෙනහිර පර්යන්තය පවරා දීමට වෘත්තිය සමිති ඉඩක් නොතබන බව ද සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන මෙන් ඉල්ලා වරායේ සේවකයෝ ඉකුත් වසර පහ තිස්සේ ම අරගල කරන බව ද ඔහු කියා සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වරාය පොදු සේවක සංගමයෙන් ජනපතිට ලිපියක්
Sachin Friday, 26 June 2020 10:49 AM
ඉන්දියාවෙන් ණය ගත්තේ ඉතින් ඕක දෙන්න නේද?
silvaFriday, 26 June 2020 12:46 PM
ණය ගත්තේ නැහැ. ආණ්ඩුවට 51% ඉන්දියාව, ජපානයට 49% කොටස් සහිතව, සාමූහික ආයෝජනයක් සමග... ඒකාබද්ධ සමාගමක් ලෙස වැඩිදියුණු කිරීමටයි ගිවිසුම් අත්සන් කළේ.. දැන් ආණ්ඩුව කරන්නේ චීනයේ වුවමනාව මත මෙය නොකර හම්බන්තොට වැසියා යවන්නයි.
Palitha Friday, 26 June 2020 10:55 AM
මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට කිසිසේත්ම නොදිය යුතුයි. ඉන්දියාව සමග අපට ඉතිහාසයේ සිටම සම්බන්ධතා තිබුණද? උඩින් මිතුරු, යටින් හතුරු රටක් ලංකාවට..
silvaFriday, 26 June 2020 12:43 PM
චීනාට දෙමු නේද?
Black Friday, 26 June 2020 11:48 AM
කිසි ලෙසකින්වත් මෙය ඉන්දියානුවන්ට නොදිය යුතුයි. රටට ආදරයක් නැති මිනිසුන්, කොන්ද පණ නැති මිනිසුන් පාලකයන් නොවිය යුතුයි. රට විකිණීමෙන් අනාගත දරුවන්ට මොනවද ඉතිරි වෙන්නේ...? මේ ආණ්ඩුව ජනතාව පත්කරේ මේවා නවත්තන්න...