IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ

(ඩයනා උදයංගනී )
 
ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති නමුත් ඔවුන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු ඒ වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
ජීවිත ගණනාවක් අහිමි කළ කොළොන්නාවේ කුණු කන්දටත් වැඩි කුණු කන්දක් මහ බැංකු මංකොල්ලය හරහා ආණ්ඩුව ඇඟට දමා ගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නොමැති නම් ඔහු ගෙන්විය නොහැකි බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් සෙවූ කොමිසම මගින් වෝහාරික විගණනයක් කරන ලෙස නිර්දේශ කර ඇතත් එවැන්නක් තවම ආරම්භ වී නැතැයිද ජනාධිපතිවරයා කීවේය.
 
රටට ලැබිය යුතු විශාල ආදායමක් දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා කිහිපයක් විසින් රටට අහිමි කරන බවත් ඒවා රජයටවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්ජනාධිපතිවරයා කීවේය.
 
එම ආයතනවල සිදුවන දූෂණ අක‍්‍රමිකතා පාලනය කරන්නට යන විට ඔවුන් වෘත්තීය සමිතිවල බලය පෙන්වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී අද (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
 
වාර්ෂික අයවැය පරතරය පියවීම සඳහා විදේශීය, දේශීය ණය හා රාජ්‍ය බැංකුවල මුදල් සූරාගන්න සිදුව තිබෙන්නේ ආයතන කිහිපයක් විසින් රාජ්‍ය ආදායම් අහිමි කරන නිසා බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
රටේ එක් කොටසක් අවංකව සේවය කරද්දී තව කොටසක් හොරකම් කිරීම ඛේදවාචකයක් බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා වංචා කරන දේශපාලඥයාගෙන් බැහැරව මේ රටේ රාජ්‍ය ආදායම අහිමි කරන ආයතන ගැන කවුරුත් කතා නොකිරීම කණගාටුවට කරුණක් බව ද  කීවේය.
 
(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (37)

වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ

ravi Wednesday, 27 February 2019 12:10 PM

නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක රජය තුළ සැඟවී සිටින හොරුන්ට, දූෂකයින්ට කළහැකි දෙයක් නොමැත ..!!! ඇමෙරිකාවේ, බිල් ක්ලින්ටන්ටවත් අධිකරණය ඉදිරියට ගෙනැල්ලා වරද පහදාදීලා, දඩත් ගහලා.. තමයි ගෙදර ඇරියේ.. තව හුඟක් රටවල් දිහා බලනකොට ඒ හැම රටකම නීතිය ක්‍රියාත්මක වෙනවා.. ඇයි අපේ රටේ විතරක් නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ.?

:       0       199

RaveendraWednesday, 27 February 2019 01:02 PM

හා ...හා... රවී මයා ඔබ මේ මොනවද දොඩවන්නේ? දියහබරල පැළ සිටවා හුලංකීරිය අල අස්වැන්නක් ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඔබ උගතෙකි. බුද්ධිමතෙකි. නුවණැති මිනිසෙකි. 225ක් වූ ගවරෑනක් පාලනය කරන රටක මීට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිද?

:       3       122

AsankaWednesday, 27 February 2019 01:22 PM

අපි දැක්කා බොරැල්ලේ පොලිස් ඕඅයිසිව යටකරපු මහින්දානන්ද ඇමතිතුමාගේ පුතාට නීතිය ක්‍රියාත්මක වුන හැටි. ඔය සිද්ධියම සාමාන්‍ය මිනිහෙක් අතින් වුනා නම් කොහොම නීතිය ක්‍රියාත්මක වෙයිද, මේක තමයි ලංකාවේ 2500 ක අභිමානය

:       80       697

smnWednesday, 27 February 2019 03:49 PM

ඔවා දෙනු පරහට... තමා සම්මතෙහි පිහිටා සිට... දුසිරිත් දනන් දෙන... ඔවා වැද්දන් කියන බණ වැනි... නැද්ද අසංක ?

:       76       254

MaheeWednesday, 27 February 2019 05:11 PM

රවී ඔබ තමයි වැදගත්ම ප්‍රශ්නය මතුකරන්නේ. 'ඇයි අපේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන්නේ'? නාගානන්ද මේ ප්‍රශ්නයට ඉතාම පැහැදිලි උත්තරය දිගින් දිගටම පෙන්වා දෙනවා. පුද්ගලයා නොව නීතිය ඉස්මතු කෙරෙන, නීතිය කඩන්නා නොව නීතිය රකින්නා ඉස්මතු කෙරෙන, කොටින්ම නීතියේ ආධිපත්‍යය රජකෙරෙන රටක් බිහිකිරීම හැර වෙන කිසිම විකල්පයක් නැත.

:       123       97

Sanath KandyThursday, 28 February 2019 07:50 AM

දැන් එතකොට කලින් ආණ්ඩුවේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉවරද? අපි මැරිලා ඉපදුනා කියලා මෙයා හිතාගෙන ඉන්නේ..............

:       0       14

MO77 Wednesday, 27 February 2019 12:20 PM

පසුගිය රජයේ අල්ලස් චෝදනාවලට දඬුවම් දුන්නාද?

:       84       313

BamunuarachchiThursday, 28 February 2019 05:28 AM

කවුද අනේ අල්ලස් චෝදනා වලට අසු උනේ මම දන්නේ නැති නිසයි අහන්නේ. අනික් අය කව්ද ඔය අල්ලස් වලට අසු උනේ

:       132       0

C.K.Lankaputhra Wednesday, 27 February 2019 12:22 PM

හොරු ආරක්ෂා කරන කෙනෙක් වූ ඔබතුමාට, හොරු ගැන කතා කරන්න සදාචාරත්මක අයිතියක් නැහැ. අපි ඔබතුමා හිතන තරම් මෝඩයෝ නෙවෙයි.

:       47       970

BamunuarachchiThursday, 28 February 2019 04:57 AM

ඔබ කියන හොරු කව්ද? තිබෙන සාක්ෂි මොනවද? කියා කීවොත් අපි අල්ලස් කොමිසමට කියමු. එතකොට ඔබේ පණ්ඩිතකම ඉස්මතුවී පෙනේවි...

:       0       0

Sapumal. Wednesday, 27 February 2019 12:48 PM

කතාව ඇත්ත. ඒක අප පිළිගන්නවා. ඒත් ඔබතුමා වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ කොහොමද? ඔබතුමා එකතුවෙලා ඉන්නේ ඊටත් වඩා කප්පරක් වැරදි තියෙන වැරදිකරුවන් සමගනේ... මොනවද මේ රට හිනස්සන කතා?

:       24       645

පාල ගාල්ලගේ Wednesday, 27 February 2019 01:45 PM

ඔබතුමා බලය ඉල්ලුවෙ රාජපක්ෂල කරපු වැරදි ජනතාවට කියමින් හොරු අල්ලන්න නේද?

:       1       424

chathuri Wednesday, 27 February 2019 01:50 PM

හොරකමේ ලොකු පොඩි කියලා දෙයක් නැහැ. පක්ෂ දෙකම කෙරුවේ වංචාව... දැන් මහින්ද එක්ක එකතු නිසා මහින්දගේ වැරදි කිසිවක් කියන්නේ නැහැ.. හොර නඩේත් එක්ක එකතුවෙලා ඊළඟ මැතිවරණය කරන්නත් ලෑස්තියි... දැන්ම පොතක් අරන් ලියාගන්න රනිල්ගේ වැරදි බෙරිහන් දීලා කියන්න මෙදා පාර හොඳ ගුණ්ඩුවක් අඹරනවා කියලා ජනතාවට කිව්වේ... මහින්දව ආව ගමන් හිරේ දාන විදියට හරි මහන්සි ඇති නේද? හොරු අල්ලලා, ඔබත් යන්න. මහින්දගේ පා ගමනට. ඉවසුව ඇති කියලා බෝඩ් උස්සන් එක්සත් ජාතික පක්ෂය කරපු ලොකුම ගොන්කම තමයි ඔබව ලංකරගත් එක... නමුත් ඔවුන් තමන්ගේ පක්ෂේ කෙනෙක් විදියට සැලකුවේ... ඔබ කෙරුවේ කොන්ද පණනැති දියයටින් ගින්දර ගෙනියපු, සක්කිලි වැඩ....

:       191       1016

ප්‍රියන්ත Thursday, 28 February 2019 04:30 AM

යූ.එන්.පී ඇතුළු මහින්ද විරුද්ධ අයගේ චන්ද අරගෙන හොරු අල්ලන්න ඇවිල්ල හොරුන්ගේ පැත්තේම රින්ග ගත්ත ඔබ වැනි පාවාදීමක් කල අයකු අපි මීට පෙර අසා නැත

:       0       32

sandy123 Wednesday, 27 February 2019 02:07 PM

මේ ටික දෙනා මේ දෙතුන් දෙනාගේ පිට කස කස ඉන්නවා හැරෙන්න වෙන මොකුත්ම නැහැ. අපි ජීවතුන් අතර සිටිනකම් මේ කිසිම හොරෙක් කුඩු රජෙක් මිනිමරුවෙක් කුඩුවකට යන්නේ නැහැ. එකතුවෙන කට්ටියත් එහෙම තමයි. ඒ නිසා සත්වයා වෙනස් වුනාට චක්‍රය ඒකමයි. මේක 100% කෝටියක ලාභයක් උපයන්න පුළුවන් සුදුවක්. දේශපාලනය කියන්නෙම සුදුවක්.

:       0       6

Buddika Wednesday, 27 February 2019 02:18 PM

හරිනේ... එතකොට බරපතල වංචා විමර්ශන කොමිසමෙන් වැරදිකරුවන් ලෙස හඳුනාගෙන, ප්‍රජා අයිතිය පවා අහෝසි කළ යුතු බවට නිර්දේශ කළ, චෝදනාවලට ලක්වූ අය එක්ක සංධාන හදලා ආණ්ඩු කරන්න හදන එක හරිද?

:       0       454

Bamunuarachchi Wednesday, 27 February 2019 02:24 PM

ජනාධිපතිතුමනි, කතාව කිව යුත්තන්ට කීමෙන් ඔබ ඔබේ කාර්යය ඉටුකර ඇත. ස්තුතියි! නැතුව ඔය කතාව සමෘද්ධි ලාභීන්ට කියා වැඩක්, ප්‍රයෝජනයක් නොමැත. දැන් මෙතනටත් ගොන්තර්ක ඕනෑතරම් එ්වි. කියවා රසවිඳිමු.

:       564       180

RattaWednesday, 27 February 2019 03:15 PM

මන් බැලුවා මොකද නැත්තේ කියලා. මේ ඉන්නේ

:       1       353

BamunuarachchiThursday, 28 February 2019 06:13 AM

මී කතුරක් ගන්න ගිහිල්ල බස් එක වැරදුනා එකයි පරක්කුව.

:       1       0

athuraThursday, 28 February 2019 09:45 AM

කතුරට මීයා අහුවුණාවත්ද?

:       0       0

BamunuarachchiFriday, 01 March 2019 02:42 AM

හාඩ්වෙයාර් එකට දුවල කීව මට බස් එක අල්ලන තිබෙනවා ඉකමනට මී කතුරක් දෙන්න කියලා කඩේ ළමය කීවා එච්චර ලොකු මී කතුරු නැහැ කියලා ඒකයි පරක්කුව

:       0       0

චමින්ද Wednesday, 27 February 2019 02:35 PM

සහතික ඇත්ත 2015දී එම වැරදිකරුවන් එකතුවෙලා ඔබතුමා පත්නොකළා නම් තත්වය කොහොම වෙයිද?

:       16       217

BamunuarachchiThursday, 28 February 2019 04:54 AM

බැංකුව කොල්ල කාලා කටත් පිහදාගෙන තුහ් කියලා කෙල පහරකුත් ගහගෙන යාවි අපි දන්නේ නැතුව... දීගේ කැඩුණු නිසා හොරකම් එළියට ආවා. මේ සැරේ ශුවර් කියලා ලොක්කා මුට්ටිය නැතිව අගමැතිකමට කෙලින්ම ඔලුව දැම්මොත් බෙල්ල ලඟින්ම යනවා ෂුවර්... එජාපයනි.. දැන්මම වෙන අතු සොයාගනිල්ලා එල්ලෙන්න.

:       0       0

ravi Wednesday, 27 February 2019 02:42 PM

සිද්දවෙන දේවල් දකිනකොට, අහනකොට.. ආණ්ඩුව හමුදාවට බාරදීමට හෝ හමුදාවත් සමග රජය පවත්වාගෙන යාමට කාලය පැමිණ ඇතැයි අපි විශ්වාස කරමු.

:       2       62

MaheeThursday, 28 February 2019 09:17 AM

මුණ එක්ක තරහට නහය කපාගන්නේ නැහැ නේද? ඔබ දන්නවා ඇතිනේ මිලිටරි ආණ්ඩු තියෙන රටවල ජනතාව වහල්ලු බවට පත්ව ඉන්න හැටි. අපි පත් කර ගම්මු නාගානන්ද වගේ කෙනෙක්.

:       0       0

Bishan Wednesday, 27 February 2019 03:11 PM

වෙලාව ආවම අපි නියම තීරණය ගන්නම්.

:       0       221

saliya Wednesday, 27 February 2019 03:54 PM

රට්ටු රවටන්නේ මොකටද? කොමිසම් පත් කරකර. ඔය කොමිසම සම්පූර්ණ වාර්තාව එළියට දාන්න. දේශපාලන සූදු කෙලින්නේ නැතිව...

:       1       55

chandima Wednesday, 27 February 2019 05:35 PM

ඒ කියන්නේ ඒකත් කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්.

:       0       4

sirimal Wednesday, 27 February 2019 07:37 PM

මහ බැංකු කොමිසන් වාර්තාව එලියට දාන්න බය මොකද? ඔය කියන අන්දමට කලින් හිටපු කට්ටිය එක්ක අලුත් ආණ්ඩුවක් හැදුවොත් ඒ කාලයේ උනා කියන වැරදි වලට දඬුවම් කරන්නත් බැරිවෙයි නේද?

:       0       114

Nishan Wednesday, 27 February 2019 09:34 PM

පහුගිය ආණ්ඩුවේ බිලියන 981 ක බැදුම්කර වංචාවක් ගැන කතා කරලා පසුව ඔවුන් එක්කම සන්ධාන හදන්න හදන ජනාධිපති කෙනෙක් තමයි මෙහෙම කියන්නේ.

:       47       309

සෙනෙවි Thursday, 28 February 2019 01:59 AM

දින 50 ආණ්ඩුව හැදුවෙ ඒකටද?

:       21       24

hira Thursday, 28 February 2019 03:00 AM

ජනාදිපති ගේ අසරණකම මේ වචන වලින් මනාව ඔප්පුවෙනවා. 2020 කොන්ද පන ඇති කෙනෙක් පත් කර ගනිමු.

:       0       166

hemantha Thursday, 28 February 2019 03:02 AM

මේ මහතා කියන කිසිවක් අප ගණන් ගත යුතු නැහැ. ජානදිපති වෙන්න කලින් වේදිකා වල කියපු එක දෙයක් වත් කලාද?

:       0       206

තරස්තයා Thursday, 28 February 2019 04:45 AM

2015 ඉදන් පැවතෙන ආණ්ඩුවේ නායකයා කව්දැයි කියල ජනතාවට තවම කියල නැහැනේ . කිසිම කෙනෙක් මේ බව දන්නේත් නැහැ , හරි පුදුමයි . ඒ කියන්නේ රාජ්ජය නායකයෙක් නැති ශ්‍රී ලංකාවක් .

:       0       136

vipula Thursday, 28 February 2019 05:21 AM

ජනතාව ඔබට ඡන්දෙ දුන්නේ රටට අවශ දේ කරන්න. තැන තැන රටේ තිබෙන තත්වය ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ . ඒවා ජනතාව දන්නවා . කරුණාකරලා වැඩ කරන මිනිස්සු තේරුම් අරගෙන ඒ අය සේවයට යොදවල වැඩ ගන්න . ඉන්පසු තම කල වැඩ හා වෙනස් කල තත්වයන් පිළිබද කතාකරන්න .

:       0       80

Rata Perata Thursday, 28 February 2019 07:36 AM

රටක මුලික නීතිය වත් දන්නේ නැතුව ඉබාගාතේ වැඩ කරන මිනිහෙක් එක්ක මොන රට පාලනයක් ද? කයිවාරු විතරයි. 2015 දී කරපු කතා ඇහුවොත් අපිට හිතෙන්නේ මෙයා මොලේ මාරු කරපු කෙනෙක් කියල.

:       0       156

රවින් Thursday, 28 February 2019 08:54 AM

ආණ්ඩුව? කැබිනට් ඇමති ධුර කීයක් දරනවද? දැන් එතකොට ඔබතුමා ඉන්නේ කොතැනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 2 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 648 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 185 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1586 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 723 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 375 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1652 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site