IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වාරකන් සමයේ මුහුදු යාම වළක්වන ස්වභාවික වාරණය පැන⁣වෙයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)   
                    
හලාවත මෝය මේ වන විට යෝධ වැලිපරයකින් වැසි ගොස් ඇති නිසා තමන්ට මසුන් මැරීම සඳහා  ඈත දියඹට යාමේ දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුව ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයෝ පෙන්වා දෙති.

දැදුරු ඔය සහ හලාවත කලපුව මහ මුහුදට පිවිසෙනුයේ හලාවත මෝය ඔස්සේය. හලාවත වෙරළ තීරය උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය දක්වා  ගල්වැටියක් විහිද පවතින නිසා කිසිදු යාත්‍රාවකට වෙරළ ඔස්සේ මුහුදට පිවිසීම දුෂ්කර වී ඇති බවත් ඔවුහු කියති. 

මේ නිසා ඈත අතිතයේ පටන් හලාවත නගර සභා සීමාවේ  ජීවත් වන සියලු ධීවරයින් මසුන් මැරිමට යොදා ගන්නා එක් දින හෝ බහු දින යාත්‍රා මහ මුහුද කරා පිවිසෙනුයේ හලාවත කලපුව ඔස්සේ මෝය හරහාය.

සෑම වසරක දිම වාරකන් සමය සක්‍රියවීමත් සමග මෝය යෝධ වැලි පරයකින් වැසි යන අතර ඒ අනුව වාරකන් සමය අවසන් වන තෙක් ප්‍රදේශයේ ධීවර යාත්‍රා දෙදහසකට පමණ මුහුදු යාමට නොහැකි වන බවත් එක් දින යාත්‍රා පමණක් එම වැලි පරය හරහා බලවත් පරිශ්‍රමයක් යොදා තල්ලු කර මහ මුහුද කරා ගෙන යා යුතු බවත් ධීවරයෝ කියති.

ධීවර අමාත්‍යාංශය හෝ හලාවත නගර සබාව මෙවන් අසීරු අවස්ථාවල දි බැකෝ යන්ත්‍රයක් යොදා වැලි පරය ඉවත් කිරීමට පියවර ගන්නා නමුත් මෙවර  එලෙස වැලි පරය ඉවත් කිරිමට කිසිවකු හෝ අවශ්‍යය පියවර ගෙන නැති බවත් මේ නිසා ප්‍රදේශයේ ධීවරයින් විසින් වැලි පරය කපා මෝය ඔස්සේ යාත්‍රා කිරිමට කටයුතු කරණු ලබන නමුත් එය සාර්ථක නොවේ. වැලි පරය ඉවත් කළත් මොහොතින් එම වැලි පරය යළි පැමිණෙන බවත් කියති. 

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ඇය මෙසේ කීවාය.

"වැලි ගෝනි යොදා මෝය රැක ගැනිමේ වැඩ පිළිවෙළ  සාර්ථක නොවන බව කියන්න පුළුවන්. ඊයේ පෙරේදාත් දමා තිබු වැලි කොට්ට මුහුදට ගසා ගෙන ගිහින් තිබුණා. දැනට  එම ව්‍යාපෘතිය නවත්වා තියෙන්නේ. මේ වන විට මෝය වැලිපරයකින් වැසි යාම ආරම්භ වෙලා කියලා වාර්තා ලැබී තිබෙනවා. මේ සම්බන්ධයන් පරික්ෂා කර බලා බැකෝ යන්ත්‍ර යොදා වැලි පරය ඉවත්  කිරිමට ඉදිරියේදී  පියවර ගන්නවා" යැයැි පැවසුවාය.



අදහස් (2)

වාරකන් සමයේ මුහුදු යාම වළක්වන ස්වභාවික වාරණය පැන⁣වෙයි

රවින් Thursday, 01 August 2019 08:41 AM

ඉස්සර නම් බටහිර පැත්තට වාරකන් තියනකොට නැගෙනහිර පැත්තට ගොස් ධීවරයින් තම රැකියාව කරනවා. අනික් විදියට කිව්වොත් ඊසාන දිග මෝසමට නිරිත දිගත්, නිරිත මෝසමට ඊසාන දිගත් ධීවර කර්මාන්තය කරනවා. දැන් එහෙම නැද්ද? ස්වභාවධර්මය වෙනස් කරනවාට වඩා ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙන එක හොඳ නැද්ද?

:       0       18

kolam boss Thursday, 01 August 2019 12:57 PM

රට වටේම මහා සාගරය.. ධීවරයින් බහුලව ඉන්න පැති ටිකේවත් තම ධීවර වරායවල් ටික හදාගන්න බැරි, රටක අපි මේ 21 වැනි සියවසේ ජීවත් වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 111 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 249 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1060 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 135 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 331 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site