IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වයඹටම පොලිස් ඇඳිරිනීතිය

පස්වරු 5.35

තරිඳු ජයවර්ධන

ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම පිණිස වයාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටම   බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය කියයි.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ හමුදාව කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.


තරිඳු ජයවර්ධන
 
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ කුලියාපිටිය, දුම්මලසුරිය, බිංගිරිය සහ හෙට්ටිපොළ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) අලුයම හතර වන තෙක් යළි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
 
නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ රස්නායකපුර සහ කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) පෙරවරු 4 තෙක්  ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය පවසයි.

ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මෙලෙස පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 



අදහස් (42)

වයඹටම පොලිස් ඇඳිරිනීතිය

sarath Monday, 13 May 2019 09:21 AM

රටේ පාර්ලිමේන්තුව පිස්සු කෙලින කොට මිනිස්සු නීතිය අතට ගන්නවා, සරලයි. මේ ගොන්නු 225 1 නැවක දාල මුහුදට තල්ලු කරන්න ඕනේ

:       27       833

මුණසිංහ Monday, 13 May 2019 09:27 AM

ඉතින් මෙයාලා අපිට කියනවා ළමයි ඉස්කා්ෙලේ යවන්න කියලා. පිස්සුද?

:       104       1003

ගල්කටස් Monday, 13 May 2019 09:33 AM

මෙහෙම ගියොත් රටට වෙන්නේ කුමක්ද..? වැඩ බැරි ටාසන්ලා වහා ගෙදර පලයව් අපට රට ඉතිරි කරලා...

:       456       1016

Ruwan Monday, 13 May 2019 09:52 AM

රටේ ආරක්ෂාව ගැන මිනිස්සුන්ට විශ්වාස නැහැ. පරිපාලන සේවාත් කඩාවැටෙයි. තාමත් මුහුණු වහගෙන කොටසක් පාරවල් වල... පොදුස්ථාන වලට එනවා. ඒවා නවත්වන්න ආණ්ඩුවට තම බැරිවුණා. ආණ්ඩුවට, පොලිසියට මේවා නවත්වන්න බැරිය නිසා මිනිස්සු ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙළ ගැසෙනවා. රට සොහොන් පිටියක් වෙච්ච් වෙලාවක මගුල් කන නායකයෝ ඉන්න එකේ මිනිස්සු පාරට නොබැස්සත් පුදුමයක් නොවේ..

:       865       1204

JCN Monday, 13 May 2019 10:02 AM

චීනෙටම වෙලා ඉන්න............

:       0       316

ruwan Monday, 13 May 2019 10:04 AM

එදා වේල හොයාගෙන ජීවත්වන අපි කොහොමද ජීවත්වෙන්නේ? මෙහෙම වෙනකොට... පාලකයන්ට ප්‍රශ්නයක් නැහැ.. ඒ ගොල්ලෝ වෙඩි නොවදින වාහන ගෙන්න ගන්නවා. සුපුරුදු පරිදිම දිවිගෙවනවා.

:       227       464

KapMonday, 13 May 2019 12:39 PM

එදා වේල කාගෙන ඉන්න කෙනෙක්ට ලැප් ටොප්, ස්මාට් ෆෝන් එකක් තියෙන එක ගැන අපිට අාඩම්බරයි..

:       11       118

Athula kMonday, 13 May 2019 03:10 PM

මම මුදලට සේවාවක් සපයන්නෙක්. ගෙදර කාර්යාලයක් තියෙනවා.. පරිගණක මුද්‍රණ යන්ත්‍ර සමග. වැඩක් අාවොත් විතරයි මුදල් ලැබෙන්නේ... මේකත් එදා වෙලා වගේ...

:       0       8

kapTuesday, 14 May 2019 06:25 AM

තමන්ගේ බිස්නස් එක ප්‍රවර්ධනය කරගන්න දැනගන්න ඕනේ... ඔයාගේ කස්ටර්මස්ලා මුස්ලිම් අයද?

:       0       0

saman Monday, 13 May 2019 10:06 AM

226ම ජනතාවට තිත්ත වී ඇත. කරුණාකර ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩනොදී රට අරාජික නොකර මිනිසුන් ලෙස ඉල්ලා අස්වෙන්න.

:       0       317

Anuradha Monday, 13 May 2019 10:08 AM

දරුවන්ව ඉස්කෝලේ යවන්න කියන අධ්‍යාපන ඇමතිගේ ආසනයේම ඇඳිරි නීතිය. ඉතින් කොහෙද?

:       287       748

ගල්කටස් Monday, 13 May 2019 10:25 AM

එයාට පිස්සු අනේ...

:       266       184

චන්ද්‍ර Monday, 13 May 2019 10:09 AM

තාමත් අර දෙන්නා ජනපති, අගමැති පුටුවල ඉන්න හැටි. ලැජ්ජා නහර පිහිටලාම නැහැ. සරත් ෆොන්සේකා වගේ දක්ෂයෝ සත්තු රකින්න දාලා මිනිස්සුන්ට සත්තු වගේ මැරෙන්න සිද්ධකළා.

:       804       889

ChamMonday, 13 May 2019 11:01 AM

අනේ මහත්තයා තවම ෆොන්සේකාගේ ඇගේ එල්ලිලා හරි ගොඩ යන්න බලනවා නේද?

:       525       431

Kamal Monday, 13 May 2019 10:20 AM

225 ට ඔක්කොම බනිනවා එතකොට එයාලට ඡන්දෙ දීල තියෙන්නේ පිටසක්වල ජීවියෝද?

:       12       429

Goyya Monday, 13 May 2019 10:32 AM

වැඩ නැති ඔස්තාර්ලා..... මුහුණ පොතේ වීරයෝ කරන වැඩ .. ජාති වාදය අවුස්සා ඉන්න මිනිසුන්ගේ ජිවිතය නැති කරන එකයි වැඩ .. ලංකාව තවත් කළු ජුලිය වෙන එක සත්‍යයි......

:       0       281

Rayan Monday, 13 May 2019 10:38 AM

ජනතාව ස්ථිර විසඳුමක් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නෙට අනිත් එක මේකට වග කියන්න ඕනෑ එවුන් එළිපිට ඉන්නවා. ඉතින් ඔහොම වෙද්දී රටේ මහජාතිය නොසන්සුන් වෙන එක අහන්න දෙයක්ද? ආණ්ඩුව මේ වෙන දේවලට වග කියන්න ඕනෑ. අනික රටේ දැන් ඉන්න ජනාධිපති ආයේ කවදාවත් මේ රටේ ඡන්දෙකින් දිනයි කියලා හිතන්න බැහැ. ඉතින් එහෙම එකේ මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් ඇතිකරලා දෙන්න. මෙයාට පුළුවන් ඔබලාගේ ඡන්ද මට ඕනෑ නැහැ කියලා.. එහෙම වුනොත් මෙයාව මිනිස්සුන්ට හැමදාම මතක තියෙයි.

:       227       312

Asanka Monday, 13 May 2019 10:44 AM

කීවට අහිතක් හිතන්න එපා මේ වෙලාව තමයි අපි කවදත් විශ්වාස කරන අපේ ත්‍රිවිද හමුදාව හමුදා බලයෙන් පාලනය අල්ලාගෙන රට කරන්න ඕන අවස්ථාව , තවදුරටත් අපට තෝරාගැනීමට සුදුසු එක නායකයෙක්වත් කොහෙවත් නැහැ . ගරු හමුදාපතිතුමනි මේ මුසල දේශපාලුවන් සහ උන්ටම සරිලන ව්‍යවස්ථා රැකීම පසෙකලා අප රැකගන්න.

:       197       527

sumithTuesday, 14 May 2019 06:54 AM

මම කියන්නෙත් ඔය ටිකම තමා, සමහර ජඩ දේසපාලුවෝ බලාගෙන ඉන්නවා තව ටික දවසකින් අපේ වාරේ එනවා කියලා, ඕකුන්ට හතර වරිගෙටම කන්න බොන්න රට සවාරි යන්න පුළුවන් කියලා, ඔය එක්කෙනෙකුටවත් බලයට එන්න දෙන්න හොද නැහැ මින් මතුවට

:       0       18

sisira Monday, 13 May 2019 10:54 AM

ජාතීන් අතර සාමය තියන්ඩ ඉස්සර වෙලා මහජාතිය සමගි වෙන්න ඕන අද වෙලා තියන්නේ මහජාතිය කඹ අදිනවා

:       80       172

Thilina Monday, 13 May 2019 10:57 AM

මේ ආණ්ඩුව ගේන්න කඩේ ගිහින් වැරදුනාම කියන අලුත්ම කතාව තමයි 225 එලවන්න ඕනේ කියන කතාව. මර බියෙන් හිටපු යුගයක් අවසන් කරපු නායකයෝ තවම මේ රටේ ඉන්නවා කියලා අමතක කරන්න එපා

:       2157       1884

sampath Monday, 13 May 2019 11:01 AM

ජනතාව නීතිය අතට ගැනීම ඉතාමත් භයානකයි...... වහාම අදාල ලොකු ලොක්කන් අත්අඩංගුවට ගෙන ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියා කරන්න

:       9       66

duminda Monday, 13 May 2019 11:08 AM

සැකයට බෙහෙත් නැහැ, මෙච්චර මෝඩ මිනිස්සු ඉන්න රටක් දැකල නැහැ,

:       17       118

sirimal Monday, 13 May 2019 11:11 AM

ගිණි තියන කොටනම් පොඩි සතුටක් එයි. ඒ ගින්න නිවන්න තව පරම්පරා ගණනක් දුක් වෙන්න වෙයි. මේ වෙලාවේ ආණ්ඩු වෙනස් කරනවාට වැඩිය මොලේ පාවිච්චි කරලා වැඩ කරන එකයි වටින්නේ. හමුදාපති කියන දේ අහනවා නම් තමා හොඳ.

:       0       205

මොහමඩ් රිස්වාන් Monday, 13 May 2019 11:15 AM

ඉකුත් නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ වටිනාකම බිලියන ගණන් වලට ඉහළ ගියා. එසේ නම් එක ඡන්ද දායකයෙක් ලක්ෂ කීයක් වටිනවද? එමනිසා මේ නාකි සීයලා ටික අයින් කරලා තරුණ පරපුරක් පාර්ලිමේන්තුවට යවමු. රටේ සිටිනා සියලු තරුණයන් එකතු වුණොත් මේ දෙය කළහැකිය.

:       0       195

duminda Monday, 13 May 2019 11:16 AM

මෝඩ සිංහලයා, ඔච්චරම රටට ආදරේ නම් වගා කරපල්ලා. අලුත් දෙයක් හදපල්ලා. රටට විදේශ විනිමය ගෙනැල්ලා රට දියුණු කරපල්ලා. කැති, පොලු අරගෙන නටපුවාම හම්බවෙයි..

:       69       856

මේ අපේ රට Monday, 13 May 2019 11:37 AM

මේ යන විදිහ නම් හොඳ නෑ. මේ රටේ නායකයෙක් නෑ අපිට අපේ දරුවො ගැන හිතෙනකොට මහා බයක් දැනෙනවා. අපිට ආරක්ෂාවක් නෑ. ආර්ථිකයත් කුඩු පට්ටම් වී ගෙන යනවා. මිනිහෙකුට හිඟා කන්නවත් සුදුසු තත්වයක නෙවෙයි රට දැන් ගමන් කරමින් ඉන්නේ. 1983 ට කලින් LTTE සාමාජිකයින් සුළු පිරිසකගෙන් තමයි වැඩේ පටන් ගත්තේ... දැන්මම පාලනය නොකළහොත් 2040 වෙනකොට මගේ සිංහල රට තවත් අරාබිකරයක් වෙනවා නියතයි. අපේ දරුවෝ සිංහල දරුවො කියයි අපේ තාත්තලාට කොන්දක් තිබිලා නෑ කියලා. එක්කො වරදාන, වරප්‍රසාදවලට ජාතිය, රට සියල්ල පාවා දීලා කියලා. නැත්තං ඔක්කොම කුඩු, අබිං, ගංජා ගහලා බුදියගෙන ඉඳලා කියලා. අපිටත් රුසියාවේ පුටින් ජනාධිපතිවරයා වගේ සුපිරි දිගු කාලීන දැක්මක් සහිත නායකයෙක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි. දැන්නම් මගේ රට ගැන මාර දුකක්, දරා ගන්න බැරි වේදනාවක් එනවා. ඒත් ඒ දුක අහන්න කවුරුවත් නැති නිසා ජාතියක් විදිහට තව දුරටත් අප නිර්වින්දනය කරමිනුයි පවතින්නේ... ඇත්තටම අපි අසරණයිද? නැත්නම් විකල්ප තියෙනවද?

:       41       569

ගල්කටස් Monday, 13 May 2019 12:30 PM

විකල්පයක් ඇත සහෝදරයා. දුක් නොවන්න. අපි සිංහල බව අමතක නොකරන්න. මේ අය හරියට වැඩෙ කරන්නෙ නැත්නම් නියම වෙලාවට අපි එනවා ඔබලත් සමග ගමනක් යන්න. ඉවසන්න තව ඉවසන්න. දැන් අපි කලබල උනොත් අපිමයි අමාරුවේ වැටෙන්නෙ. ඉවසන්න සන්සුන් වෙන්න ..

:       724       74

sirimalMonday, 13 May 2019 01:58 PM

ඔය ගමන යන්න හදන්නේ "ගල්කටස්" එහෙම අරගෙනද? මාධ්‍ය වල පෙන්වන දේවල් විශ්වාස කරලා වෙන්න ඕනෑ ඔය ගමන යන්න කැසපට ගහන්නේ.... එහෙම හිතුවට අපි නම් දන්නවා ඉස්ලාම් අන්තවාදීන් පෝෂණය කලේ කවුද කියලා... ඒ ගොල්ලෝ එක්ක ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම් එ්ක නිකම්ම නිකන් බොල් සිහිනයක් පමණයි.. අපේ රටේ මිනිස්සු ඔය හිතන තරම් ජාතිවාදිත් නැහැ. මෝඩත් නැහැ... විශේෂයෙන් තරුණ පරම්පරාව...

:       18       555

NamalMonday, 13 May 2019 12:44 PM

ඔය ඉවසීම පැනපු මිනිස්සු එළි බැහැලා තියෙන්නේ ඔබ වගේම හැඟීම් තියන නිසා තමයි. සිංහල අපි හැමෝටම අපේ දරුවෝ වෙනුවෙන් රටක් ඕනෑ. මුස්ලිම් අයට ඔුනෑ තරම් මුස්ලිම් රටවල් තිබ්බට අපට මේ පුංචි ලංකාව විතරයි තියෙන්නේ. ඒක තමයි මිනිස්සු පාරට බහින්නේ... මේක තමයි තියන පිළිතුර...

:       484       100

කිම්Monday, 13 May 2019 01:45 PM

ඉතින් කඩ කුඩු කරාම හරියනවද? ඔය වැඩ වලින් වෙන්නේ ඒගොල්ලෝම වාසි ගන්න එකයි.

:       1       86

Dasuni Monday, 13 May 2019 12:01 PM

මිය ගිය මිනිස්සුන්ගේ රෝහල්වල ඉන්න අය තමන්ගේ වේදනාවල් දරාගෙන ඉද්දි අනිත් අය කලබල ඇති කරන්නේ කාගේ වුවමනාවල් වලටද කියලා හොයලා බලන්න ඕනෑ..

:       7       149

duminda Monday, 13 May 2019 12:05 PM

මේ වෙලාවේ අපි හැමදෙනාම කළ යුත්තේ පවතින රජය ස්ථාවර කරන එක, රජය කෙරෙහි, හමුදාව කෙරෙහි විශ්වාසය තබා සුපුරුදු රටවටා නැවත පැමිණෙන එක... රජය මාරු කිරීමත්, තමන්ගේ දේශපාලන කියවීම අනුව නව රජයක් පත්කර ගැනීම දෙවනුව කළ යුතුයි. පවතින අස්ථාවරත්වය දඩමීමා කරගෙන ආණ්ඩු පෙරලන්න ගියොත් රට සක්කරයා ආවත් ගොඩගන්න නම් බැරි බව මේ මෝඩ මිනිස්සු තේරුම්ගත යුතුයි.

:       194       247

ruwan Monday, 13 May 2019 12:20 PM

අනේ මගේ මාතෘ භූමියට මොකද වෙන්නේ මේකේ අවසානයක් පෙනෙන්න නැහැ. පාලකයෝ ගැන විශ්වාසය නැති වුනාම මිනිස්සු නීතිය අතට ගන්නවා

:       34       11

smith Monday, 13 May 2019 12:32 PM

එජාපයට ඕනි රටේ අස්ථාවර බවක් තියනවා කියලා.. පෙන්නලා ඡන්ද කල්දාන්න, ජනතාව මර්ධනය කරන්න අලුත් පනත් ගේන්න, විදේශීය හමුදා රටට වද්දවාගන්න සහ ඇමරිකන් කාරයින්ට රටේ හමුදා බලකොටු හදන්න ඉඩදෙන්න. එජාපයේ මේ උගුලට අහුවෙන්න එපා.

:       343       92

Chandana Monday, 13 May 2019 12:45 PM

රට 83 ජූලි කරන්න එපා. ආරක්ෂක හමුදාවන්ට රට බාර දෙමු එයාලගේ වැඩේ කරන්න. ආවේගශීලීව කටයුතු කරලා දුක් වෙන්නයි වෙන්නේ...

:       0       215

sarath Monday, 13 May 2019 12:49 PM

පාර්ලිමේන්තුවක් තියෙනවා. එ්කේ අම්බරුවන් 225ක් ඉන්නවා. මිනිස්සුන්ට නීතිය අතට ගන්න දීලා බලන් ඉන්නද මේ අම්බරුවන් ඉන්නේ? දවස් 22යි.. මේ රටේ තත්වේ මෙහෙම වෙන එකට එකෙක්වත් නැතිද වගකියන්න. මහ කෙනා චීනෙට ගියා.

:       0       56

GaminiMonday, 13 May 2019 01:18 PM

83 ත් හිටියේ මේ ආණ්ඩුවද ? මේක මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ ප්‍රශ්නයක්

:       1       104

sarath Monday, 13 May 2019 12:50 PM

පාරට බැහැලා නීතිය ගන්න අයට වෙඩි තියන්න ඕනේ.. !

:       28       332

Liya Monday, 13 May 2019 01:01 PM

දසුනි ඔයා වෙනම අපි වෙනම ජීවත් වෙන්නේ නැහැ. මේක පොදු ප්‍රශ්නයක්. හැම එකටම දේශපාලනය ගාවගන්න එපා. ඒ අය නිදාගෙන ඉන්නේ සැපට.

:       66       1

prabas Monday, 13 May 2019 01:25 PM

මෙය වහාම නවත්තන්න ඕනේ. පාලකයෝ නිවැරදිව රටට වෙලා තියෙන දේ ගැන මීට වඩා සලකා බලන්න ඕනේ. කියන්න දුකයි මම ඇත්තටම දුක් වෙනවා මේ රටේ ඉපදුන එක ගැන. මගේ විවාහ උත්සවය මේ මාසේ 25 පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කරලත් තාමත් මම කල්පනා කරනවා එදාට එය පවත්වනවාද නැද්ද කියලා.. මම වගේ මිනිසුන් කී දෙනෙකුගේ සිහින මේ වෙනකොට විනාශ වෙලා ඇතිද??

:       0       9

Sudara Thursday, 16 May 2019 12:49 AM

තමන්ගෙ දේශපාලන ඉලක්ක සපුරගන්න අහිංසක ජීවිත එක්ක සෙල්ලන් කරන එක නන් තිරිසන් වැඩක්. නිල් පාට කොල පාට රතු පාට කවුරු උනත් මේ වෙලාවෙ අපේ ලංකාව ගැන හිතලා වැඩ කරොත් වටිනවා. ඊලග ඡන්දෙ බලාගෙන මේ වෙච්ච දේ අවුස්සන්න දගලන අය ගැන නන් දෙවියො බලා ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6674 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3713 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3057 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11726 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7996 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site