ඩී.ජී.සුගතපාල
නගර සභාව විසින් ටෙන්ඩර් කිරිමෙන් පසු වසර තිහක බදු පදනම මත ලබාගත් ඉඩමක් නගර සභාවට අයත් නොමැති එකක් බවට අනාවරණය වි ඇති බැවින් තමාට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් පහළොස් කෝටියක වන්දියක් ඉල්ලා ගාල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් ගාල්ල මහ නගර සභාවට එන්තර වාසියක් යවා තිබේ.
ව්‍යාපාරිකයා ස්වකිය නිතිඥ ප්රසිත වල්ගම මහතා මගින් යවන ලද එන්තරවාසියෙන් කියා සිටින්නේ 2015 ඔක්තෝබර් මස 01වනදින නගර සභාවට අයත්යයි කියනු ලැබු අංක 3 කඩවිදිය කොට්ඨාසයෙහි පිහිටි රන්ජන් ගොඩැල්ල නමැති ඉඩම වසර 30ක කාලයක් සඳහා බදු ගැනිමට බදු ගිවිසුමකට එළඹුණ බවයි.
ඒ සඳහා රුපියල් ලක්ෂ 70ක මුදලක් ගිවිසුම අත්සන් කල අවස්ථාවේ නගර සභාවට ගෙවු බවත් මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකොට එහි ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම අරමුණවු බවත් වසර දෙකක් තුල ගොඩනැගිල්ල ඉදිකොට අවසන් කිරිමට ගොඩනැගිලි සැළැස්මක් ඉදිරිපත් කර එයට නගර සභාවේ අවසරය ලබාගත් බවත් ව්‍යාපාරිකයා කියා සිටි.
එහෙත් එම ඉඩම නගර සභාවට නොව රජයට අයත් ඉඩමක් බවට තොරතුරු හෙලිවි ඇති අතර පසුව නගර සභාව විසින්ද එය පිළිගෙන ඇති බවත් ඒ අනුව සභාවට අයත් නොවු ඉඩමක් බදුදි රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ මුදලක් ලබා ගැනීමෙන් සහ එම ගිවිසුම මත ඉදි කිරිමට සැළසුම් කර තිබු ගොඩනැගිල්ල ඉදිකිරිමට නොහැකිවිමෙන්ද මේ දක්වා රුපියල් පහළොස් කෝටියක පමණ අලාභයක් සිදුව ඇති බවත් ව්‍යාපාරිකයා ස්වකිය නිතිඥවරයා මගින් දන්වා තිබේ.
වසර 30ක බදු කාල සිමාවකට ගිවිසුම් ගත වුවද මේවනවිට එම කාල සිමාවෙන් වසර පහක් දැනටමත් ගතවි ඇති බවද සභාවේ නොසැළකිල්ල මත ගොඩනැගිල්ල ඉදි කිරිම දිනෙන් දින ප්‍රමාද වන බවද එම ප්‍රමාදය නිසා දිනකට රුපියල් ලක්ෂ පහක අලාබයක් සිදුවන බවද එනිසා සිදුව ඇති අලාබය වෙනුවෙන් රුපියල් පහළොස් කෝටියක වන්දියක් ලබාදෙන ලෙසද ව්‍යාපාරිකයා ඉල්ලා සිටි.
එයට අමතරව සභාවට නීත්‍යානුකුල අයිතියක් නොමැති ඉඩමක් බාහිර පාර්ශවයකට බදු දිමේ නෛතික හැකියාවක් නොමැතිවිම සහ විෂයගත ඉඩම බදු දිමට බලයක් නැතිව තිබියදි එසේ බදු දිම සාපරාධි වරදක් බවද ඒ සම්බන්ධයෙන්ද ඉදිරි කාලයේ නගර සභාවට එරෙහිව නිතිමය පියවර ගත්නා බවද ව්‍යාපාරිකයා ස්වකිය නිතිඥවරයා මගින් වැඩි දුරටත් නගර සභාව වෙත දන්වා තිබේ.
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ව්‍යාපාරිකයෙක් ගාල්ල මහ නගර සභාවෙන් රුපියල් කෝටි 15 වන්දියක් ඉල්ලයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 May 2020 10:22 AM
ඔන්න.. තමුන්ට අයිති නැති දෙයක් බදුදීලා.. එක්තරා මහා නගර සභාවක් ඉල්ලගෙනම කන්න හදනා අපූරුව...
අප්පුහාමිThursday, 28 May 2020 12:28 PM
මෙම කාරණයේදී එම කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ වරියත් රජයේ ඉඩමක් අන්සතුවීම නොසලකා තමාට අයත් රාජකාරිය කිරීමේදී නොසැලකිල්ල හා අනවධානයෙන් කටයුතු කිරීමෙන් ආයතන සංග්‍රහයට අනුව දැඩි වරදක් කර තිබෙන බවක් පෙනේ.
lanka Thursday, 28 May 2020 11:09 AM
නගර සභාවේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්... ඔය කෝටි 15න් 10ක් ජනතා මුදලින් සහ ඉතුරු 5 නගර සභා මන්ත්‍රී සහ සේවකයන්ගේ පුද්ගලික මුදලින් ගෙව්වොත් තමයි වඩා හොඳ... මොකද එම සේවකයන් වගකීමක් නැතුව වැඩ කරනවට දඬුවමක් තිබිය යුතුයි...