IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වියන්ගොඩ-තේනුවරගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

මරණ තර්ජන ඇති බව පවසමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසිබල සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ද්විත්ව  පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමෙන් පසු තමන්ට මෙලෙස මරණ තර්ජන ඇති බව ඔවුන් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.
 
මීට පෙර   වාචිකව  මේ පිළිබදව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  කළ බවත් පසුව එය ලිඛිතව දැනුම් දුන් බවත් ඔවුහු සඳහන් කළහ.

නඩු කටයුතු ආරම්භ වීමෙන් පසු  දිගින් දිගටම සිදු කරන වෛරී ප්‍රකාශන,තර්ජන අඩුවනු ඇතැයි බලා සිටියද එසේ සිදු නොවු බවත් පැවසූ ඔවුන්  ආරක්ෂාව වෙනුවෙන්  මෙලෙස පැමිණිල්ලක් සිදු කළ බවත් පැවසීය .



අදහස් (48)

වියන්ගොඩ-තේනුවරගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

Deepal Nirosh Wednesday, 09 October 2019 06:28 AM

අනිවාර්යයයෙන්ම මේ මරණ තර්ජන ඒන්නෙ ගෝඨාගෙන් විය යුතුයි.

:       6247       5572

athura Wednesday, 09 October 2019 06:30 AM

අනිවා බලයට ආපු හැටියෙ කපෝති.

:       5358       4814

Cisco Wednesday, 09 October 2019 06:38 AM

මොවුන්ගේ ක්‍රියා කලාපය අනුමත නොකලත් සාමාන්‍ය පුරවැසියන් ලෙස නීතියේ පිහිට පැතීමට යාමේදී විරුද්ද පාර්ශවයේ මෙවන් හැසිරීම් අනුමත කිරීමට බැහැ. එම නිසා මෙවැනි සිද්දීන්ට වැට බැඳිය යුතුයි.

:       27       555

Raveendra Wednesday, 09 October 2019 06:41 AM

සමහරු උපන් දේශයට වින කරනවා.

:       19       196

Dilan Wednesday, 09 October 2019 06:41 AM

කොන්ත්‍රාත්තුව තවම ඉවර වෙලා නෑ වගේ. රාජපක්ෂවරු ඔහොම දෙයක් කලත් එයාලගෙ අවාසියට හිටින නිසා මේ වෙලාවෙ කරන්නෙ නෑ කියල ඕන කෙනෙකුට තේරෙනවා.

:       1034       1370

tharindu Wednesday, 09 October 2019 06:44 AM

දිනන්නත් කලින් කට්ටිය වැඩ පටන් අරන් වගේ කෝ ස්වාදීන මාද්‍ය වේදීන්ගේ සංගමය ...? මේකද රාජපක්ෂ ලාගේ මැර ප්‍රජාතන්ත්‍රවාදය .

:       1271       1051

sarath Wednesday, 09 October 2019 06:45 AM

මෙය පිටිපස්සේ ඉන්නේ රනිල් , මෙයාගේ වැඩ නිසා අපහසු තාවයට පත්වුණේ සජිත්

:       249       481

SuranimalaWednesday, 09 October 2019 07:18 AM

සහතික ඇත්ත... ඔය ඔක්කොම හොරු බේරුවේ රනිල් තමයි. ඒක මුළු රටම දන්නවා. සජිත්ට දැන් තියෙන්නේ ඔය අගමැතිව අයින් කරලා තනියම දිනන ගමන යන්න.

:       63       411

banuWednesday, 09 October 2019 07:28 AM

පක්ෂ නායකත්වය නැති නිසා එය කල නොහැක

:       209       26

isuru Wednesday, 09 October 2019 06:45 AM

දිනන්නත් කලින් කට්ටිය වැඩ පටන් අරන් වගේ ජනාධිපති අගමැනි පොලිස්පති නිහඩයි කැලා නිතිය රජවෙයි

:       716       1310

gobbaya Wednesday, 09 October 2019 06:47 AM

පවු අනේ, ඇයි මේ අහිංසකයන්ට ඔයවගේ තර්ජන කරන්නේ?

:       36       239

Kumar Wednesday, 09 October 2019 06:48 AM

පට්ටපල් බොරු.

:       73       432

kanthi Wednesday, 09 October 2019 06:48 AM

මේකද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මාද්‍ය බලධාරීන් නිහඩයි .......

:       188       630

p.d goonawardena Wednesday, 09 October 2019 06:48 AM

වැඩේ කරන්න ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච අයට කිව්වනම් හරිනේ බේරලා දෙන්න කියලා. කොපමණ තරමක් මිනිස්සුන්ව අපහසසුතාවයකට පත් කරාද ඔය දෙන්නා... කුම්බලා කරෝල කෑවානම් දුක විදපන් බලලෝ

:       382       868

jagath Wednesday, 09 October 2019 06:50 AM

දැන්ම රාජපක්ෂලා මෙහෙම නම් මැතිවරණය කරන හැටි හිතාගන්න පිළිවන් 2010 වගේ විය හැක .

:       1099       1414

Thenuwara Wednesday, 09 October 2019 06:54 AM

අනේ මන්ද මෙහෙමත් පච පිට පච. මුලින්ම ගෝටාබයට නඩුවක් දාල චන්ද කඩන්න බැලුව. ඒක හරි ගියේ නැති උනාම දැන් මරන තර්ජන කරනව කියල තවත් බොරුවක් ගොතනවද කොහෙද අනුකම්පාව ගන්න. ඕව කරා කියල මිනිස්සු රැවටෙන්නෙ නැහැ වියන්ගොඩ. ඔයා ප්‍රංශ පුරවැසියෙක්ලු නේද? ඔච්චර බොරු කරන්නෙ නැතුව යන්නකො ප්‍රංශෙට ඔයාගෙ එන් ජී ඕ නඩයත් අරගෙනම අනිත් මිනිස්සුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව.

:       1534       1656

සේන Wednesday, 09 October 2019 07:00 AM

උපන් රටට, ජාතියට එරෙහිව වැඩකරනකොට යන යන තැන අසූචි වදීවි. උගත්කම්වලින් වැඩක් තිබේද?

:       915       1107

මහීල් Wednesday, 09 October 2019 07:07 AM

බටහිර NGO ලොක්කන්ට පේන්න මොනවහරි කරන්න කියන්න එපායැ. තමන්ගෙ බොස්ලානේ

:       412       561

IMASH Wednesday, 09 October 2019 07:08 AM

ගෝඨා ගේ මැර පිරිස් වැඩ පටන් අරන් .

:       703       1310

Perera Wednesday, 09 October 2019 07:08 AM

මඩින් නැත්නම් ගොඩින් නේද. නඩු දාල කරන්න බැරිඋණු ඒවා බොරු කියල කර ගන්න හදනවා. මෙහෙමත් මිනිස්සු.

:       459       529

KAMALI Wednesday, 09 October 2019 07:09 AM

රාජපක්ෂ ලා නැවතත් කැලැ නිතිය පටන් අරන්

:       337       708

JAGATH Wednesday, 09 October 2019 07:11 AM

මෙන්න රට විනාශයි කැලා නිතිය පටන් අරන්

:       215       504

saali Wednesday, 09 October 2019 07:12 AM

මොවුන් ගේ ක්‍රියාවේ හරි වැරද්දක් දැන් නොතේරේ. යම් විදිහකින් දැඩි පාලනයකට යට වුනොත් එදාට තේරේවි.

:       129       509

ලක් වැසියා Wednesday, 09 October 2019 07:16 AM

අනේ යන්නකෝ ඔයාලගේ රට වලට අපිට පව් නොදී

:       17       351

rama Wednesday, 09 October 2019 07:32 AM

මරණ තර්ජන එනවා නම් එම නොම්මර ඔක්කොම දෙන්නකෝ සි අයි ඩී එකට එයාල හොයාවී

:       1       221

Yapa Wednesday, 09 October 2019 07:42 AM

පුනක්කු බොන අය මේවා විශ්වාස කරාට අපි නම් සතපහකටවත් මේවා විශ්වාස කරන්නෙ නෑ. නඩුවෙන් පරාද උනු නිසා ජනාධිපතිවරණෙ ඉවර වෙනකන් මේ වගේ වැඩ තව බලා ගන්න පුළුවන් වෙයි. මොකද ගෝඨාගේ ජන්ද පදනම කැඩීමට මෙය හොඳ සාක්ෂියක් නිසා. සමහරවිට මෙයාලගෙම කවුරුහරි දාලා ඔන්න උස්සන් ගියා කියල කියන්නත් බැරි නෑ... හැබැයි මෝඩ මිනිස්සු ඇන්දුවට බුද්ධිමත් අය මේවාට ඇන්දෙන්නෙ නෑ..

:       2       437

SK Wednesday, 09 October 2019 07:45 AM

ගැරඩියන් මරලා පව් පුරවා ගන්නේ මොකටද.

:       1       143

Ranabahu Wednesday, 09 October 2019 07:46 AM

මරණ තර්ජනය කරනවා විතරක් නොවේ ඊට පස්සේ තර්කයකුත් දානවා මේ වෙලාවේ තර්ජනය කෙරුවම ගෝඨාභය මහත්තයාට අවාසි නිසා මේක කරන්නේ එයා නෙවෙයි එයාගේ විරුද්ධවාදියෝ කියලා. එකෙන්ම පැහැදිලි වැඩේ කරන්නේ නිදහසට කරුනුත් ලැහැස්ති කරගෙන කියලා.

:       295       38

P. Ilangaratne. Wednesday, 09 October 2019 07:47 AM

මේ ගැරඩි මරන්නේ මොකටද? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය.

:       1       104

BANDARA Wednesday, 09 October 2019 07:52 AM

මේකත් ඉතින් බොරුවක් තමයි.කොතන හෝ වාසියක් ගන්න පුලුවන්ද කියල බලන වැඩක්. මිනිස්සු ඕවට දැන් රැවටෙන්නේ නෑ.

:       2       144

atthanayake Wednesday, 09 October 2019 08:06 AM

ගොටබය ලොක්ක ගැරඩි මරන්නේ නැතිබව ලෝකයම දන්නවා. හැබැයි හැප්පුනා ඇති දැන් නවත්වන්න. ලක්දිවට පුස්සක් වන ඔබල වැනි අය රටට අවශ්‍ය නොවේ.

:       18       276

Prabha Wednesday, 09 October 2019 08:19 AM

ඕක තමා ඊළඟ නඩු නිමිත්ත.

:       3       28

සේන Wednesday, 09 October 2019 08:22 AM

මට පුදුම මොවුන් කවුද කියා රටම දන්නා කල ඔව්න්ට සුදුහුණු ගාන අය සිටීමය. අසූචිත් සුවඳ යැයි කියනවුන් අන්ධව පක්ෂ බදා සිටින රටට , ජාතියට ලැදි නැතිවුන්මය.

:       88       129

mp Wednesday, 09 October 2019 08:36 AM

අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්තලු.

:       1       0

Wasantha Wednesday, 09 October 2019 08:36 AM

මෙයාල මිනිසුන්ට වත් රටට වත් ආදරේ මිනිස්සු නෙවේ . තමන්ගේ බඩ පුරවගන්න රටට කරන්න පුළුවන් ඔන ජරා වැඩක් කරනවා ඉපදුණ රටට වින කරන කාල කන්නි. මරණිය තර්ජන අපායෙන් වෙන්න ඇති

:       1       0

Wasantha Wednesday, 09 October 2019 08:36 AM

මෙයාල මිනිසුන්ට වත් රටට වත් ආදරේ මිනිස්සු නෙවේ. තමන්ගේ බඩ පුරවගන්න රටට කරන්න පුළුවන් ඕන ජරා වැඩක් කරනවා

:       1       0

ලුම්බිණි Wednesday, 09 October 2019 08:59 AM

මේ දෙපළට මරණ තර්ජන නැහැ කියනවා නම් ඒක බොරුවක්. ඒ කාලේ එක්නැලිගොඩ වගේ අයට වෙච්ච දෙයක් තවමත් දන්නේ නැහැ.මධුමාධව ෆේස් බුක් එකේ දාලා තිබුන දේම මරණ තර්ජනයක් නොවෙයිද?

:       0       1

Gamarala Wednesday, 09 October 2019 09:09 AM

මෙහි ඇත්තේ මරණ තර්ජනයක් නොව මැරෙන්න බියක් වෙන්න පුළුවන්.සමහර විට වැඩේ වැරදුන නිසා එයට යොමු කළ අයගෙන්ම සිදුවන්නක්ම විය හැකියි.ගැරඬි මරලා පව් ගන්න කාටවත් ඕන කමක් නැහැ.

:       1       40

BamunuarachchiWednesday, 09 October 2019 01:44 PM

හරියට හරි දැන් තිබෙන්නේ මැරෙන්න බියක්. මට නම් මේ දෙන්නා සමග තිබෙන්නේ මාර කේන්තියක්...

:       1       0

Mendis uk Wednesday, 09 October 2019 10:02 AM

අපේ ගමේ හිටියා නියම කොල්ලෙක්.මිනිස්සුන්ට මතකද දන්නෑ? මට මේ වෙලාවේ ඔහු මතක් වෙනවා.ඒ වගේ අය දැන් හොයාගන්න බෑ.

:       0       1

පිටිගල මිලානෝ Wednesday, 09 October 2019 10:20 AM

ජනාධිපතිවරණය ඉවර වනතෙක් මේ දෙන්නව රිමාන්ඩ් එකේ තියන්න පැනලා යන්න ඉස්සරවෙලා...

:       0       1

soma dubayi Wednesday, 09 October 2019 10:50 AM

ගරු වියන්ගොඩ හා තේනුවර වැනි ප්‍රබුද්ධ බුද්ධිමතුන් ඔක්කොම ඉල්ලා සිටින්නේ යහපාලන රජය දිගටම පවත්වාගෙන යාමටයි

:       0       0

BamunuarachchiThursday, 10 October 2019 06:01 AM

මේ නරුමයන් ඉල්ලන යමපාලනය රටට එපා වුනේ බැංකුව කොල්ල කාපු දවසේ සිටයි. 17 වෙනිදා වෙනකම් බලමු. එක්නැලිගොඩ වගේ මේ දෙදෙනාම රටින් පැනයනවා සිකුරුයි..

:       1       0

dilal Wednesday, 09 October 2019 11:18 AM

අපි කව්රුත් මේ දෙන්නට ස්තුති කල යුතුයි. කාට හරි ගෝටාභය මහතාගේ පුරවැසිභාවය ගැන සැකයක් තිබුනානම් ඒ සැකය නැතිකරගන්න මේ දෙන්න මාර්ගය සලසා දුන්න නඩුවක් දාලා.

:       0       1

පී දයානන්ද Wednesday, 09 October 2019 11:56 AM

මෙ රට අනාරක්‍ෂිත වෙලවෙ ජනතාවට ඕන ගෝඨාබය දිනවන්න. ඔහු දිනනවා. මෙවර ඔහුගේ අඩුලුඬුකම් හදාහගෙන රටට ගොඩගනියි, නම තියයි.

:       1       0

sayiman Wednesday, 09 October 2019 05:26 PM

බමුණුආරච්චි බමුණෙක් වෙන්න එපා.. මේ ඉන්නේ මහාචාර්යතුමෙකු හා අචාර්යතුමෙක් මේ දෙදෙනා මතුකලේ නීතිමය කාරණාවක් නොදන්නා දේවල් නොකියා ඉන්න...

:       0       1

BamunuarachchiThursday, 10 October 2019 05:56 AM

මහාචාර්ය පට්ටමින් අපිට වැඩක් නැත. දැන් මේ ගොල්ලෝ ක්‍රියාකරන විදිහ දැක්කාම මහාචාර්ය පට්ටමක් තියා පස්වෙනි ශ්‍රේණි පට්ටමක් තිබෙනවද කියා සැකයි. අවුරුදු 7ක් දේශපාලනය කළ රටේ ප්‍රශ්න තිබුණු කාලයේ දකින්නවත් නොසිටි මහජන මුදලින් පිනට දේවල් හදලා පූජාකරපු සරුවපිත්තල කතා කියන සජිත් වගේ ගොයියෙක් පසුපස යන උන්දැ මහාචාර්යවරයෙක් වෙන්න් කොහොමද හලෝ? මේ අය මොන පදනමක් මතද සජිත්ට සහයෝගය දෙන්නේ...? අපිට පදනමක් තිබෙනවා ගෝඨාභයට සහයෝගය දෙන්න. ඒ බාරගත්ත වැඩක් අකුරටම කරන කෙනෙක් හැටියට... යුද්ධය කාලේ සජිත් කොහෙද හිටියේ? යහපාලකයෝ රටට අහිතකර තීන්දු තීරණ ගන්න වෙලාවේ සජිත් කොහෙද හිටියේ? එහෙම නරුමයෙක් පසුපස යන මේ ගොබ්බයන් දෙදෙනාගේ මහචාර්යකම රෝල් කරලා ගහ ගත්තානම් නේද හොඳ? මහාචාර්යවරු දැනගෙන හිටියේ නැද්ද නඩුව පරදින බව...? අපි දැනගෙන සිටියා...

:       1       0

BamunuarachchiThursday, 10 October 2019 05:58 AM

නොදන්නා නීතිමය වැඩවලට අතදාලා කෙලවාගෙන දැන් පණබයේ ඉන්නේ ඔය මහා අාචාරියා...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 327 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1454 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 221 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 428 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site