(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
‘සිඟිති දැරියකගේ ජිවිතය බේරා ගනිමු‘ යනුවෙන් ව්‍යජ ලෙස මුද්‍රණය කල ටිකටිපත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කර මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සැප්තැම්බර් (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්.මැණිකේ මහත්මිය අද (14) දා නියෝග කළාය.
කහවත්ත වැල් අදුර ප්‍රදේශයේ පදිංචි 17 සහ 20 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අසාධ්‍ය තත්වයෙන් පසුවෙන 7 හැවිරිදි දැරියකට පිහිට වන ලෙස බලන්ගොඩ නගරයේදී මොවුන් විසින් ටිකට්පත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කෙරෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අද (14) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
එම ටිකට් පත් වල සඳහන් බැංකු ගිණුම් වල මුද්යණය කර ඇති නම් ගම් පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
මෙම සැකකරුවන් අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු තරුණයන් බවට පොලිසිය විසින් සිදුකළ මූලික පරික්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ. බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට