IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් ලන්ඩන් යන්න හැදූ ලාංකික යුවළක් චෙන්නායිහිදී අත්අඩංගුවට

 

(තිළිණි ද සිල්වා)

ව්‍යාජ ගුවන්ගමන් බලපත‍්‍ර භාවිතා කොට චෙන්නායි සිට ලන්ඩන් බලා ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යුවළක් චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව ‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා ’’ පුවත් සේවය අද (18) වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නිකුලම් ප‍්‍රදේශයේ පදිංචිව සිටින විජයාන් සහ යසෝධා නැමැති ලාංකික යුවළකි.

මෙම යුවළ ව්‍යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන් ගමන් බලපත් මාර්ගයෙන් ලන්ඩන් බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී චෙන්නායි ගුවන්තොටුපළ බලධාරීන් සිදුකළ සෝදිසියකදී මෙම යුවළ අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික යුවළ 2009 වසරේ දී ලංකාවේ පැවති සිවිල් යුද්ධයට සම්බන්ධ වූවන්ද යන්න ගැන චෙන්නායි ත‍්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුරටත් සොයා බලමින් සිටින බවද ටයම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වාර්තාවේ දැක්වේ.

තමන් ලංකාවේ සිටින සංචාරක නියෝජිතයෙකු හරහා මෙලෙස ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් සකස් කොට චෙන්නායි සිට ලන්ඩනය වෙත බලා ගුවන්ගත වීමට සැලසුම් කළ බව එම ලාංකික යුවළ චෙන්නායි ආගමන විගමන බලධාරීන්ට දැනුම් දී ඇත.

වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා ලාංකික යුවළ චෙන්නායි ආගමන විගමන බලධාරීන් බාරයේ රඳවා සිටිති.



අදහස් (2)

ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් ලන්ඩන් යන්න හැදූ ලාංකික යුවළක් චෙන්නායිහිදී අත්අඩංගුවට

sirimal Monday, 18 February 2019 03:05 PM

ලංකාවේ සිට යුරෝපයට යන බොහෝදෙනා දැන් භාවිතා කරන්නේ මේ උපක්‍රමය බව ඉරිදා බ්‍රිතාන්‍ය රුපවාහිනි වර්තාවක පෙන්වාදී තිබුනා. එසේ පැමිණෙන බොහෝ දෙනෙකුට හරි හමන් රස්සාවක් සොයා ගන්නට බැරි කමත් කිසිදු පිටස්තර උදව්වක් නොලැබීමත් හේතුවෙන් කර කියාගත හැකි දෙයක් නැතුව අගුපිල් ගානේ රස්තියාදු වෙමින් දහ දුක් විඳිමින් දුක්බර ජීවිත ගෙවන්නට සිදුවී ඇති බවයි එම වාර්තාවට අදහස් දැක්වූ කාන්තාවක් කීවේ.

:       0       64

aravindaTuesday, 19 February 2019 11:00 AM

බොහෝවිට එංගලන්තයේ අගුපිල් වල සිටීම, ලංකාවේ අරමුණක් නැතිව ජිවත් වෙනවාට වඩා හොඳ යයි මේ අයට සිතෙන්නට ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 511 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 425 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 425 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 234 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 666 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1152 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site