IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විමල්ට එරෙහි නඩුව ජනවාරි 27කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද(27) නියම කළේය.
 
2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හතහමාරකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී කැබිනට් රැස්වීමට සහභාගී වන බව පවසමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් නඩුව කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.
 
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යනුකූල වත්කම් හා ලැබීවලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  අධිචෝදනා පත්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා කැඳවීමට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුනේත්රාව ජයසිංහ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය. විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (10)

විමල්ට එරෙහි නඩුව ජනවාරි 27කැඳවයි

ගමගෙ Wednesday, 27 November 2019 12:19 PM

නිදොස් කොට නිදහස් කරන ලදී. ඕක කියන්න මොන මගුලටද කල් ගන්නේ? බඩුත් හමුදුරුවන්ගේ, නඩුත් හමුදුරුවන්ගේ....

:       175       191

Nuwan Wednesday, 27 November 2019 12:26 PM

උත්තරේ දන්නවා.. කියන්න බයයි.. !!!

:       104       52

Keppetipola Wednesday, 27 November 2019 12:41 PM

ජනාධිපති ගෝඨාභයට ලැජ්ජා කරන්නේ නැතුව පැත්තකට වෙලා හිටියොත් කාටත් හොඳයි. කරුණාකරලා ගෝඨාභය ජනපතිට සුදුසුකම් තිබෙන අයව ඇමතිකම් වලට දමන්න ඉඩ දීලා විමල්ගේ වැඩක් බලාගන්න. හොරකම් කරපු අයට දේශපාලනය තහනම් කළ යුතුයි.

:       128       235

මිත්‍රපාල Wednesday, 27 November 2019 01:26 PM

මීළඟ මහ මැතිවරණයේදී මේ හොරුන්ට ඡන්දය නොදීම සඳහා සටන කරමු.

:       118       246

විජිත් Wednesday, 27 November 2019 04:04 PM

වැඩක් නැහැ මල්ලි... මම මේ පාර හොඳටම දුක් වෙනවා. ඡන්දෙ දාට දින 3කට කලින්ම ලංකාවට ආවා. බොරු කියන්න ඕනෑ නැහැ. මම ඡන්දෙ දුන්නේ පල්ලෙවත්ත මහත්මයාට. ඒ රට ගැන හිතලා. නමුත් ඒ මහත්මයාට ලැබුණු ඡන්ද ගණන දැක්කහම මට අායෙත් මතක් වුණා... මේ රටේ ඉන්නේ ඉල්ලලා දුක් ගන්න මිනිස්සු. ඒ අය කවමදාකවත් සැපක් කියන්නේ කුමක්ද , නිදහස කියන්නේ කුමක්ද, ඇයි අපි අපේ රටට ආදරේ විය යුතු.. අපේ රටට මේ හිටපු දෙගොල්ලන් අවුරුදු 70 පුරාවටම කරපු විනාශය කොතරම්ද...? වගේ දේවල් දන්නේ නැහැ. නැතිනම් හිතන්න කැමති නැහැ. එහෙමත් නැතිනම් දේශපාලන ඡන්ද අපේක්ෂක "හිඟන්නන්ට‘‘ බයක් තියෙනවා. මේ ගෝත්‍රිකයින්ට නොතේරෙන එකම දෙය තමයි ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත්වෙන දූෂිතයින් කරන එකම දේ ඒ ගෝත්‍රිකයින්ගේ අනාගත දරුවන්ගේ අනාගතය නැති කිරීම බව. මේ රට එක්කෝ ප්‍රබල විප්ලවයකින්, එහෙමත් නැතිනම් හමුදා මැදිහත්වීමකින්, එහෙමත් නැතිනම් ' කුලී හේවායන් මගින් රටේ පාලකයින් සහ පාලන බලය අල්ලාගෙන රටේ සිටින සියලුම දූෂිතයින්ව පැය 24ක් තුළ නඩු අසා මරණ දණ්ඩනය දී ජනතාවට හිතැති ජනතා නායකත්වයක් පත්කර ගැනීමෙන් පමණයි... රට නගා සිටුවිය හැක්කේ...

:       0       31

ChathuriWednesday, 27 November 2019 03:18 PM

මහින්ද කියලා තියෙන්නේ එයාලට කියාගන්න බැරිදේවල් මේ විමල්ට කියලා තමයි කරගන්නේ... ඒ නිසා, විමල්ට ඇමතිකම. බෝම්බ කීයක් පිපුරුවද? පාසල් සියල්ලම වසා තැබුවද? නූගත් වුණාම කවුරුත් අත කොලු වෙනවා.

:       0       8

sena Wednesday, 27 November 2019 01:28 PM

මහා බැංකු හොරකමත් එක්ක බලනකොට එතුමා හොරකම් කරා කියන්නේ කොච්චර සුළු ගාණක්ද? ඒක නිසා නිදොස්කොට නිදහස් කළයුතුයි.

:       2       103

Dasa PWednesday, 27 November 2019 03:59 PM

මට නම් රුපියල් දහයක් වුණත් හොරකම හොරකමමයි. සමහර විට මට එහෙම පේන්නේ මම ඔය කියන දේශප්‍රේමියෙක් නොවෙන නිසා වෙන්නැති...

:       0       5

Chathuri Wednesday, 27 November 2019 03:22 PM

මොනතරම් මාලිගා හදා ගත්තත් වැඩක් නැහැ. ඒවා යදින්නේ නැහැ කියන්නේ.

:       101       8

Mahee Wednesday, 27 November 2019 04:10 PM

නඩුව විසිකරන විට ඇඟේ වදින්න පුළුවන්. අහුලා ගන්න බලාගෙන ඉන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 70 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 293 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 568 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1005 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 705 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1559 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site