(ඩයනා උදයංගනී)
සිංගප්පූරු ගිවිසුම හා හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය කළ ප්‍රකාශ අසත්‍ය ඒවා බව මේ වන විට ඔප්පු වී ඇතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.
හම්බන්තොට වරාය චීනයට විකිණූ බවට ඒකාබද්ධ විපක්ෂය කළ චෝදනා සත්‍යනම් එහි ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව ලැබී ඇත්තේ කෙසේදැයි තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රශ්න කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම සිංගප්පූරු ගිවිසුම මේ වන විට මාස 11ක් තිස්සේ ක්‍රියාත්මක වන බව කී නලීන් බණ්ඩාර මහතා ඒකාබද්ධ විපක්ෂය කී කුණු කඳු හෝ මෙරට රැකියා සඳහා සිංගප්පූරු වැසියන් පැමිණීමක් මෙතෙක් වී නැතැයි ද ප්‍රකාශ කළේය.
එමෙන්ම එම ගිවිසුම සම්බන්ධ පසු විපරමක් ලබන මැයි මාසයේ සිදුවන බවත්, ගිවිසුමේ අඩුපාඩු ඇත්නම් එහිදී ඒවා නිවැරදි කළ හැකි බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාද සංශෝධන ඉදිරිපත් කර ඇතැයි කියා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වත්මන් රජය සියලූ දේ කරන්නේ මනා විනිවිද භාවයකින් බවත්, පසුගිය රජය මෙන් අතයට ගනුදෙනු නොකරන බවත් නලීන් බණ්ඩාර මහතා කීවේය.
හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුව ඉදිකෙරෙන්නේ ද හම්බන්තොට වරාය ඔස්සේ එම තෙල් අපනයනය කිරීමේ අරමුණින් බව කී නලීන් බණ්ඩාර මහතා හම්බන්තොට වරාය චීනයට විකුණා ඇත්නම් ඉන්දියාවේ මව් සමාගම පිහිටා ඇති සිංගප්පූරු සමාගමක් සහ ඕමාන සමාගමක් හරහා එම ආයෝජනය කිරීමට අවස්ථාව නොදෙන බව ද කියා සිටියේය.
ඒ අනුව මේ වන විට රාජපක්ෂවරුන් රජයට විරුද්ධව කළ සියලූ චෝදනා එකින් එක බිඳ වැටෙමින් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘විපක්ෂය රජයට නැගූ චෝදනා අසත්‍ය බව දැන් ඔප්පු වෙමින් තිබෙනවා’
Hafeel Friday, 05 April 2019 01:54 PM
එහෙම නම් ජනතාව ඉදිරියට යන්නකෝ මොනවාද වේවිද කියල බලන්න..
චමින්දSaturday, 06 April 2019 12:59 AM
යනවා තමයි... අපි ජනතාව රැවටීමට වරින්වර එන්නේ නැහැ. නියමිත වෙලාවට එකවර එනවා .
SuddaSaturday, 06 April 2019 10:43 AM
අපි කියලා කිව්වේ, ඔයත් ඡන්දෙ ඉල්ලනවද ලබන පාර...?
Raveendra Friday, 05 April 2019 02:12 PM
දැක්කත් මුහුණ පණ්ඩිතයෙක් බව තේරෙනවා... කෙරුවොත් වැඩක් මොඩයා බව පැහැදිලියි... ඇරියොත් කට උම්බෑ නද පැතිරෙනවා... අනේ අපේ පිං ගොයියා වැජඹෙනවා..
Bamunuarachchi Friday, 05 April 2019 03:32 PM
මොකක්ද ඔප්පුවෙමින් තිබෙනවා කියන්නේ? "විපක්ෂය රජයට නැගූ චෝදනා අසත්‍ය බව ඔප්පු වුනා" කියලා කියන්න තරම් ඒක ගැන ඔහෙටත් ෂුවර් නැද්ද? හඳුන්නෙත්ති මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන මලික් සමරවික්‍රම කියනවා සංශෝධන කරන්න පුළුවන් කියලා. මේ හාදය කියනවා "ඔප්පුවෙමින් තිබෙනවා" කියලා. මේවා අහන 62ට මාර චූන් ඇතිනේද?
upali Friday, 05 April 2019 03:47 PM
බැංකුව කැඩුවේ මොන විනිවිද භාවයෙන්ද?
BamunuarachchiFriday, 05 April 2019 05:04 PM
බැංකුව කඩපු ගොයියන්ට තේ අක්කර 450 රුපියල් 8000 ක බද්දට දීම. මේ පාට හොරු ආවේ දූෂණ නැතිකර යහපාලනය කරන්න නේද?
ගොන් වස්සාSaturday, 06 April 2019 03:13 AM
අයවැය තෙවන වර ඡන්දෙනුත් මහින්දට බැහැ කියලා ඔප්පු වුණා..!
SuddaSaturday, 06 April 2019 10:46 AM
ගොන් වැඩම තමයි කරන්නේ.. ඇඳිවතට වැඩේ දුන්නත් හොඳයි කියාවි...
Chanak Los angelesSunday, 07 April 2019 05:08 AM
යහපාලනය කරපු නිසා තමයි උසාවිය මගින් පස්ස දොරෙන් පැනපු හොර අගමැතිව දොට්ට දමන්න පුළුවන් වුනේ .. ලෝකයේ කිසිම රටක ජනපති කෙනෙක් සම්පුර්ණ දුරය අවසන් වීමට පෙර පැරදිලා ගෙදර යන්න සිදුවෙලා නැහැ අනේ ලැජ්ජයි ලංකාවේ එහෙම වුනා . දැන් අර වියෝවුර්ධ දේසපාලන නායකයාගේ විපක්ෂ නායක කම පික්පොකට් ගහගෙන රට වටේ බොරු කිය කියා යනවා .තවත් ඕනෙද ? .
මනෝමයා Friday, 05 April 2019 07:18 PM
හම්බන්තොට වරාය බන්කරින් පහසුකම් සැපයීම සිදු නොකරන තුරු ඒ ආදායම් සිංගප්පූරුව වෙත ඇදී යයි. නොකරන මගුලක් අටවා තරගකාරිත්වය නැති කිරීමට කටයුතු යොදා ඇති බව අප රටේ වගකිව යුතු අය දනිත්. ඒ තවත් අවක්‍රියාවක් වැසීමට දූන් ගෙවීම විය හැක.
Chanak Los angeles Friday, 05 April 2019 08:03 PM
එකනේ අපි කීවේ ඕවා සම්මත කරගන්න එක කිරි කජු කනවා වගේ කියා .
Chanak Los angeles Friday, 05 April 2019 08:07 PM
බැංකු කැඩුවා කියන පදේ ඉතින් හැමදාම කියනවා..... කප්පරක් රටේ දේවල් හොරකම් කරගෙන තිබියදීත් .
neel Saturday, 06 April 2019 05:59 AM
ETI ගත්තේ ලයිකා මොබයිල් කුණු කොල්ලයට. තේවතු බද්දට අැලෝශියස්ලාට දුන්නේ කුණු කොල්ලයට. ශ්‍රී ලන්කන් එයාලයින්ස් පාඩුවෙන්න ඇරලා විකුණන්න හදන්නේ ලයිකා මොබයිල් එකට. හම්බන්තොට තෙල් පිරිපහදුව අයිති සිල්වර් පාර්ක් ලියාපදිංචි කරලා තියෙන්නේ 2019 පෙබරවාරි සිංගප්පුරුවේ... අයිති තමිල්නාඩු DMK දේශපාලකයෙක්ට. අර්ජුන් ඇලෝෂියස් ඉන්නේ සිංගප්පුරුවේ. ඉතින් පුදුම විනිවිදභාවයක් තියෙන බව පේනවා.
Sumith Saturday, 06 April 2019 11:33 AM
ජනතාවට අවස්ථාව දෙන්න. ඇපත් නැති වේවි කට්ටියට..
නලින් බණ්ඩාර Saturday, 06 April 2019 03:43 PM
එනවා තමයි..අපිට සුළු ජාතික ජන්ද 100% තියෙනවා ..ඒ නිසා අපි පොඩ්ඩක් වත් භය නැහැ