IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘විපක්ෂනායක අර්බුදය පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර විස‍දෙයි’

(ඩයනා උදයංගනී)

           

විපක්‍ෂනායකධූරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විසඳනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා අද (29) පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති අපේක්‍ෂකවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමකට පැමිණෙනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

සාකච්ඡාමය විසඳුමක් සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද සූදානමින් සිටින බව හෙතෙම ප‍්‍රකාශ කළේය.

එහිදී පාක්‍ෂිකයින්ට සතුටු විය හැකි යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ද විජේපාල හෙට්ටිආරච්චි මහතා කීවේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

විපක්‍ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකු කතානායකවරයාට ලිපියක් බාර දී ඇතත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක යන මන්ත‍්‍රීවරුන් හා තලතා අතුකෝරළ මන්ත‍්‍රීවරිය ද රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළ බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පැමිණ තම පාර්ශවය හා සිටින ඇතැමුන් ද මේ දිනවල පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායකත්වය ගැන අදහස් දක්වන නමුත් ඔවුන්ට ඒ සඳහා කිසිඳු අයිතියක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (8)

‘විපක්ෂනායක අර්බුදය පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර විස‍දෙයි’

denin Friday, 29 November 2019 04:38 PM

මේක හරියට හොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා වගේ වැඩක්...

:       161       63

මුණසිංහ Saturday, 30 November 2019 01:43 AM

මෙයාටත් රතු එළි පත්තු වෙලා තියෙන්නේ... ඊළඟ වතාවේ ගෙදරම නවතින්න වෙන හැඩයි.

:       73       21

Suranimala Saturday, 30 November 2019 04:58 AM

ලක්ෂ 55 ක ජනවරමක් ලැබුණු සජිත් විපක්ෂ නායක වියයුතුමයි. ඔහු අවංක, වැදගත් දේශපාලනයෙන් එජාපය දිනන මගට ගෙනියයි.

:       43       177

රජින්ද Saturday, 30 November 2019 10:13 AM

මේ විජේපාලට නේද ගමේ මිනිස්සු බැනලා, හූ කියලා එලෙව්වේ...? ඔය එජාපෙ ආරම්භයේදී පැවැති තේජාන්විත ගැම්ම 2019 වෙනකොට ඔය පක්‍ෂය නියෝජනය කරන එකම එක්කෙනෙක් ගාවවත් නැහැ. හරියට විජේවීරගේ ජවිපෙ වගේ. ජාති මාමකත්වයක් නැති පිරිසක් බිහිවෙලා. බුදුදහම ඒ අයට මතක් වෙලා තියෙන්නේ ජනාධිපතිවරණෙන් පැරදිලා මහමැතිවරණය දිනන්න ඕනෑ හින්දයි. කිසිඳු ජාතිමාමකත්වය ගැන හරවත් දෙයක් ඔය පක්ෂයේ කාටවත් කියන්න බැහැ. අති විශාල දූෂිතයින් පිරිසක් මදිවාට බෙදුම්වාදීන් සහ අන්තවාදීන්වත් තුරුළු කරගෙනයි රනිල්ලා, සජිත්ලා දේශපාලනය කරන්නේ. මුලින්ම අවම වසර දෙකක්වත් අවංකවම රටේ මිනිස්සු වෙනුවෙන් පරණ ජාතිවාදයෙන්, අන්තවාදයෙන් සහ බොරු කෙප්ප මඩවලින් ජනතාව මුලා කරන ඒ පිළුණු වෙච්ච අයව සහමුලින්ම ඉවත් කරගන්න. ඉන්පස්සේ අලුත්ම අලුත් පිරිසක් හදාගන්න. එහෙම වුනොත් 2025 ජනාධිපතිවරණයේදී පුංචි හරි සැනසීමක් ගන්න හැකිවෙයි.

:       111       122

lankasri Saturday, 30 November 2019 01:38 PM

රනිල් මෙච්චරකල් කරපු කෙන්ගෙඩියක් නැහැ. සජිත් තමයි දැනට ඉන්න සුදුස්සා.

:       20       0

vidya Saturday, 30 November 2019 09:51 PM

රනිල් නිකම් සෙරෙප්පුවක ඇනුණු කොට ඇණයක් වගේ... ඔහේ ඇණි ඇණී තියෙනවා. මෛත්‍රී පළාත් එක්ක එකතු වෙලා පොළොන්නරුවේ ගිහිල්ලා ගොවිතැන් කරන්න ගියා නම් හොඳයි.

:       0       0

ranjith Saturday, 30 November 2019 10:00 PM

නායකත්වය වෙනස් කරගෙන හොරු ටික ඒවත් කරලා ගොවියන්ට වින කරපු ප්‍රතිඅපනයන හොරකම්වලට උදව් කරපු අය ඒවත් නොකර එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩගන්න බැරිය..

:       0       0

Bamunuarachchi Sunday, 01 December 2019 05:54 AM

ඔයගොල්ලන්ගේ ඔය ප්‍රශ්නය අපිට ප්‍රශ්නයක් නොවෙයි. ඔයගොල්ලෝ ඕක විසඳාගත්තත් එකයි, නැතත් එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 582 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 334 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 472 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 308 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1604 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 792 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site