IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වන්නියේ පුරන් කුඹුරු අස්වද්දා අස්වනු නෙලති


(රොමේෂ් මධුෂංඛ)
 
යුද්ධය සහ නියං තත්ව හේතුයෙන් වන්නියේ  ගොවිතැන් කරගත නොහැකිව, වසර 30කට අධික කාලයක් පුරන්ව තිබූ කුඹුරු අස්වද්දා එම කුඹුරුවල අස්වනු නෙළීමේ ප්‍රධානෝත්සවය අද (17) වව්නියාව ඇටඹගස්කඩ වෙල්යායේදී පැවැත්විණි.
 
උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි උපප්‍රධාන සංඝනායක පූජ්‍ය ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන්, වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි යන අයගේ ප්‍රධානත්වයෙන් කුඹුරුවල අස්වනු නෙළීම ඇරැඹිණි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පයට අනුව, පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි.
 
මෙම අවස්ථාවට වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් ජානක මහතා, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතවරු මෙන්ම ප්‍රදේශවාසීහු ද සහභාගී වී සිටියහ.



අදහස් (23)

වන්නියේ පුරන් කුඹුරු අස්වද්දා අස්වනු නෙලති

siri Monday, 17 February 2020 10:02 AM

ඇවිල්ල මාස තුනයි. " ‘සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පයට අනුව, පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරුනානම් කොහොමද අප්පා කුඹුරු වල ගොයම් මාස තුනෙන් පැහුනේ ?

:       471       430

ගගන Monday, 17 February 2020 10:13 AM

අර කොළඹ නගරයට ආසන්නවම තියෙන පැලවත්තේ අකුරේගොඩ සහ අමරගොඩ පාර මැදිව තියෙන බලෙන් පුරන් කරලා තියෙන කුඹුරුත් අස්වැන්න නෙලන්න කටයුතු කරන්න. මොකද ගොවිජන එකේ ඉන්න කට්ටියම මඩ ඉඩන් ගොඩ ඉඩම් වෙනකන් බලන් ඉඳල වැඩි මුදලකට ඉඩම් විකුනනන්න සෙට් වෙලා ඉන්නවා.

:       2       417

SL Monday, 17 February 2020 02:00 PM

ඒ හරිය නම් කියල වැඩක් නැහැ.සති දෙක තුනකට කලින් පාර කාර්පට් කළා මේ සතියේ පතහ වල් වගේ වලවල් දෙකක් කපල තියෙනවා . මේවට වගකියන්න ඕනේ මොනර කොලේට වහ වැටිච්චි රජයේ සේවකයන් ...මිසක් මැති ඇමතිලාම නොවේ

:       0       214

hemaTuesday, 18 February 2020 04:41 AM

ටයි ඇඳගෙන සපත්තු දාගෙන කුඹුරට බැහැපු මහත්වරු.

:       0       17

menna Monday, 17 February 2020 02:43 PM

හේන් ගොවිතැනටත් දැක්මක් ඕනේ.

:       0       16

Chathuri Monday, 17 February 2020 03:35 PM

කවුද ටයි සපත්තු මේස් දාගෙන ගොයම් කපන්නේ තමන් මේ වැඩේට එන්නේ කියලා කලින් දන්නවනේ සරමක් අදින්න ලැජ්ජද මේ ගොල්ලෝ එන නිසා කුඹුර ඒ සි කරන්න ඇති. රටේ දේශගුණය දන්නේ නැති කට්ටිය.

:       0       25

jinasiri Monday, 17 February 2020 08:13 PM

ඔය තණ කොලත් එක්ක නේ කපන්නේ.

:       12       11

thilak Monday, 17 February 2020 08:16 PM

ඡන්දෙට කලින් පිටරට පටවයි වගේ, අධි අස්වැන්න සුභ අනාගතයක්...

:       0       29

vidya Monday, 17 February 2020 09:14 PM

වැඩේ නම් හරිම හොඳයි. නමුත් දිග කලිසන් අන්දලා ටයි පටි දාගෙන ගොයම් කපන හැටි දැක්කම විහිළුවක් වගේ .

:       1       110

sunil gikiyange Monday, 17 February 2020 09:21 PM

ඒකත් ආශ්චර්යක් පුරන් කුඹුරුවල අස්වැන්න නෙලන්න පුළුවන් එක. ලංකාවේ අනෙක් කුබුරු ඔක්කොම පුරන් වෙන්න ඇරලා අස්වැන්න නෙලමු.

:       1       26

vidyavidya Tuesday, 18 February 2020 02:20 AM

දැන් කොහෙද ඔය ගොවිතැන කල ගොවියෝ. එම උදවිය නේද ගොයම් බුතයගෙන් කපන්න ඕන. මේ නිකම් විහිළු වැඩක් වගේ. අපේ ගම්වල ටයි දාගෙන ගොයම් කැපුවොත් කොල්ලෝ හූ කියාවි.

:       1       42

Karu Jayasundara Tuesday, 18 February 2020 02:49 AM

මේක නම් බොරු සෝබන. කුබුරේ අස්වැන්න කපන්න එනබව දැනගෙන හිටලත් ටයි එක ( අඩුගානේ ගලවලා එන්නට බැරි ) නම් අමතක බැරි උණු රජයේ සේවකයෝ. මෙහෙම රටක් කවද හැදේද ?

:       1       40

Hemantha Tuesday, 18 February 2020 03:38 AM

පුරන් වූ කුඔුරක් අලුතින් අස්වද්දල මේවෙනකොට ගොයම් කපන්න මාස 1 1/2 කින් පීදෙන වී වර්ගයක් තිබිය යුතුයි. මේකත් අට පට්ටමට දාන්න වටිනා දෙයක්. අනික ටයි ඇදල සපත්තු දාල කුඔුරු වලට බහින එකත් පුදුම දෙයක්.

:       0       76

Ravi Sene Tuesday, 18 February 2020 07:38 AM

වර්ෂයේ විහිළුම ඡායාරූපය.

:       7       59

isurandi Tuesday, 18 February 2020 10:33 AM

ඒක තමයි කියන්නේ සහෝ මේක අරුම පුදුම ලංකාවක් කියලා .ඔක්කොම ජිල් මාට් අතේ පත්තුවෙන වැඩනේ තියෙන්නේ.

:       0       22

Kumar Tuesday, 18 February 2020 02:29 PM

මම දන්නා තරමින් සමහර කුඹුර අතහැර දමා තිබෙන්නෙ ගොවි පනත නිසයි. තමන්ට වැඩ කරන්න බැරිනම් කරන්න දෙයක් නැහැ. කෙනෙකුට එක ගමනක් වැඩකරන්න දුන්නොත් ඉඩම් හිමිය අමාරුවේ වැටෙනවා.

:       0       35

සරනපාල Tuesday, 18 February 2020 06:19 PM

ඇත්තටම මේවාගේ මෝඩ, බොරු සෝබන වැඩවලින් මහජනතාව කලකිරෙනවා කියලා මේ අයට තේරෙන්නේ නැද්ද ?

:       0       17

laal Wednesday, 19 February 2020 03:52 AM

බලන්න එපාය ටයි දාල ඉන්න මහත්තුරුන් ගොයම් කපන ලස්සන... මාරයි.. ගොවියන්ටත් එහෙම ඇඳලා කපන්න උගන්වන්න ඕන.

:       0       6

Mahee Wednesday, 19 February 2020 06:47 PM

ඔය ගොයම් ඉක්මනට පාගල පිදුරු ටික ගත්තොත් හොඳයි.

:       0       1

vidya Thursday, 20 February 2020 06:23 AM

මට මතකයි 1977 ඡන්දෙ ඉවරවෙලා මන්ත්‍රී වරුන්ට, ඇමතිවරුන්ට මල් මාලා දමා පිළිගන්න උපහාර විකාරයක් පටන්ගත්ත. තරුණයෝ පිරිසක් එකතුවෙලා , මහරගම හරි හෝමාගම පැත්තේ පාරේ හිඟමන් යදින යාචක තුමෙකුට මල්මාලා දාල උපහාර දක්වල පිළිගැනීමක් කරාට පස්සේ කට්ටිය වහාම එය නැවැත්තුවා. අවුරුදු 43 කට ඉස්සරත් ඔය වගේ විහිළු ගොන් වැඩ තිබුනා. මේවා ඉතින් තුන්වන ලෝකයේ ආශ්චර්යමත් දේවල්නේ.

:       0       4

sumith Thursday, 20 February 2020 08:27 AM

ගොයම් කපන හැටි බලන්නකෝ..................

:       0       5

දිමුත් Thursday, 20 February 2020 10:16 AM

ටයි දාගෙන ගොයම් කපනවා දැක්කමයි.

:       0       1

chandima Thursday, 20 February 2020 06:23 PM

සුද්දෝවත් ටයි දාගෙන අස්වනු නෙලන්නේ නැහැ. මේක නම් පිට රට පත්තරේකම දාන්න වටිනවා. ඉතින් රටක් සංවර්ධනය කරන්න පුලුවනිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 305 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1023 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2460 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1663 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 974 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2251 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site