IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වනජීවියේ ප්‍රථම සමූද්‍ර කෞතුකාගාරය කල්පිටියේ ඉදිවෙයි

 

 

 

 

 

(පද්මා කුමාරී කංකානම්ගේ )

 

වනජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රථම සමුද්‍ර කෞතුකාගාරය කල්පිටිය කුඩාව ඉදිවෙමින් පවතින බව එම දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිළධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි.

මීට වසර දෙකකට ඉහත කුඩාව වෙරළ තීරයට පාව ආ තල්මසකුගේ සැකිල්ල කේන්ද්‍ර කරගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය වෙමින් පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් අඩවි ආරක්ෂක නිළධාරී මොරතැන්න මහතා මෙසේ පැවසීය.

"මිය ගිය තල්මසා අඩි 43ක් දිග පළල අඩි 15 ක් පමණ වෙනවා.  අපි තල්මසා මිහිදන් කළේ නැවත ගොඩ ගන්න හැකි විදිහට යි. මේ  සැකිල්ල අදියර කිහිපයක් යටතේ ගොඩ ගත්තා . මෙම සමුද්‍ර කෞතුකාගාරයට මුහුදු ක්ෂීරපායින් වන ඩොල්පින්, මුහුදු ඌරා, කැස්බෑවන් වැනි සතුන්ගේ සජීවී නිදර්ශක, ජලජ ශාක, කොරල්පර ආදී නිදර්ශක තොරතුරු එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙස් විදෙස් සංචාරකයින්ට දැනුම විනෝදය වගේම අධ්‍යාපනික මූලාශ්‍ර සපයන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීම අපේ අරමුණයි."

කුඩාව සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සහාපති සුගත්  එම්මානුවෙල් මහතා  මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

‘මීට දෙවසරකට ඉහත මෙම තල්මස් දේහය වෙරළට පැමිණි බවත් එය ගොඩ ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ගම්වාසීන්ට සිදු වුණා. අපේ ගම සංචාරක කර්මාන්තය මත යැපෙන ගමක්. ඒ නිසා අපි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මේ තල්මසා අපේ ගමේම රදවාගෙන සංචාරක කර්මාන්තයට පිටුවහලක් කර ගන්න. ඒ අනුව තමයි සමුද්‍ර කෞතුකාගාර සංකල්පය බිහි වෙන්නේ. මෙම ස්ථානය දෙස්  වීදෙස් සංචාරක ආකර්ශනය දිනා ගන්නා ස්ථානයක් බවට පත්වෙනු ඇතැයි මගේ විශ්වාසයයි. අපිට උදව් කළ වනජීවී දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ටත් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාටත් අපේ ස්තූතිය පුද කළ යුතු යි.’

 



අදහස් (5)

වනජීවියේ ප්‍රථම සමූද්‍ර කෞතුකාගාරය කල්පිටියේ ඉදිවෙයි

ආනන්ද පිටබැද්දර Tuesday, 08 September 2020 06:16 AM

ඉතාම හොඳ වැඩක්. අනාගතයේදී රටට ආදායම් මාර්ගයක් වේවි... රටේ දරුවන්ට මෙන්ම විදේශිකයින්ටත් මුහුදේ සැඟවුණු තොරතුරු දැනගන්න පුළුවන් තෝතැන්නකි. මෙය තවත් දියුණු කළ යුතුයි.

:       0       59

විජිත්. Tuesday, 08 September 2020 09:39 AM

හොඳ අදහසක්... හොඳ ආරම්භයක්... සුබ පැතුම්...!!!

:       0       135

Champa Tuesday, 08 September 2020 05:08 PM

දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් හොඳ අදහසක්...

:       0       0

prasanna Wednesday, 09 September 2020 01:55 AM

එන එන කෙනා ඔකේ එල්ලෙන්න පුළුවන් විදියට තිබ්බොත් නම් ඉතින් වැඩි කලක් ඕක පවතින එකක් නැහැ.

:       0       0

sharm warn Wednesday, 09 September 2020 08:33 AM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්. හරිම සතුටුයි මේ ක්‍රියාව ගැන... උණුසුම් සුබපැතුම්. ආසාවෙන් ඉන්නවා බලාගෙන ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 278 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 566 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 683 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 562 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 161 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1751 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site