IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විදුහල්පතිවරු විරෝධතාවයකට සැරසෙති

(නිමල කොඩිතුවක්කු)
 
උසස්වීම් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් විදුහල්පතිවරුන්  4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට ලබන 6 වැනිදා පෙරවරු 10.00 ට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්  මහතා සඳහන් කරයි.
 
2009 න් පසුව විදුහල්පති සේවයට එක්ව සිටින 4000 කට ආසන්න පිරිසක් සඳහා උසස් වීම් වලට ප‍්‍රධාන බාධාවක් බවට පත්ව ඇත්තේ දෙමල භාෂාව සමත් වීම බවත් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන බවට රජය එකඟ වූ නමුත් එයට අදාල චක‍්‍රලේඛ නිකුත් නොකිරීම නිසා මෙම විරෝධතාවය ක‍්‍රියාත්මක කරන බවත් ස්ටාලින් මහතා පැවැසීය.
 
දෙමල භාෂාව සමත්වීමට සහනයක් ලබාදෙන බවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය  මනෝ ගනේෂන් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් එකඟතාවය පලකර ඇති බවත් ඔහු පැවැසීය.
 
එහෙත්  එයට අදාල චක‍්‍රලේඛය මෙතෙක්  නිකුත් නොකිරීමෙන්  විදුහල්පතිවරුන්  4000ක් සඳහා පළමු පන්තියට උසස් වීම් ඇණ හිට ඇති බවද හෙතෙම සඳහන් කළේය.
 
මේ හේතුවෙන් එම පිරිසට වෙනත් උසස්වීම් සහා ඉදිරිපත් විමට නොහැකිවීමේන් බලවත් අසරණතාවයකට පත්ව ඇති බවද ජොෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (6)

විදුහල්පතිවරු විරෝධතාවයකට සැරසෙති

sandy123 Thursday, 31 January 2019 02:20 PM

මේවා ඔක්කොම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දගලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා. දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉදීවි. ඡන්ද කොල්ල කන්න. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහ නරක විදිහට. හැම දෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට. රටක කොදු නාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?

:       0       0

Prabha Thursday, 31 January 2019 05:00 PM

සිංහල හරියට බැරි මිනිස්සු කොළඹත් ඉන්නකොට... අනේ මට තේරෙන්නේ නෑ

:       0       0

Sapumal. Friday, 01 February 2019 03:13 AM

ඉස්සර දොස්තරවරුන්ට මිනිසුන් සැලකුවේ දෙවිවරුන් හැටියටයි.සමාජයේ ඉහළ පහළ කිසිම කෙනෙකු දොස්තරවරයකුට කටක් ඇරලා වචනයක් කිව්වේ නැහැ.ඒත් දොස්තරවරුන්ව ස්ට්‍රයික් කරවලා ඒ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැතිකර දැම්මා.මිහිබට දෙවිවිවරුන් වන ගුරුවරුන්ව හා විදුහල්පති වරුන්ව ස්ට්‍රයික් කරවලා ඒ බලයද සැහෙන ප්‍රමාණයකට මේ ගුරු සංගම් විසින් විනාශ කරනු ලැබුවා.ඉතිරි ටිකත් විනාශ කරන්නයි මේ අප්‍රතිහත උත්සාහය.

:       0       55

Sapumal. Saturday, 02 February 2019 04:24 AM

අනේ ඔන්න "ස්ට්‍රයික් " යන වදන මෙහි ලිව්වේ තේරුම නොදැන එහෙම නොවෙයි. ඒ වදන ඒ තරමටම අපේ රටේ ජනතාව අතර සන්නිවේදනය වෙන අප්‍රිය වදනක්. එය ඒ අාකාරයෙන් දැක්වීම සන්නිවේදනයේදී වඩාත් පහසුවෙන බව කරුණු කාරණා දන්නෝ දනිති. සිහළ බසට පර භාෂාවන්ගේ වචන එකතුවීම නිසා බස පෝෂණය වුණා. අනෙක් භාෂා සඳහාත් මේ තත්ත්වය එසේමයි. සිරිතක් හැටියට අප "මං අද පාපැදියෙන් ගමනක් ගියා" කියා කියන්නේ නැහැ. ඒ වෙනුවට යොදන්නේ බයිසිකලය කියයි. "මං අද දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගත්තා " වෙනුවට මං අද ටෙලිපෝන් එකෙන් (ටෙලිපෝනයෙන්) කෝල් එකක් ගත්තා යන්නත් යෙදෙනවා. භාෂාවේ පෝෂණයට පර භාෂාවන් උපකාර වන බව භාෂාව ගැන ගැඹුරට හදාරා ඇත්තෝ දනිති.

:       0       28

ලසන්ත Saturday, 02 February 2019 08:10 AM

රජයේ නිළධාරින්ට දෙමළ භාෂාව ඉගෙනගන්න කිව්වේ මුලින්ම එක්දහස් නවසිය අසූ ගනන්වල කියල මතකයි.නමුත් වැඩිදෙනෙක් එයට කැමැත්තක් තිබුනේ නැහැ.භාෂා කීපයක් උගතාට මිස එහි වටිනාකම මෝඩයන්ට තේරෙන්නේ නැහැ.තව දෙයක් කියන්න වෙනවා සමහරක් ගුරුවර /ගුරුවරියො ඉගෙනගැනීම පැත්තක තියල උසස්වීම් ගන්න ඡන්ද වැඩ කරනවා. එහෙම කරල උසස්වීම් ගත්ත අයත් ඉන්නවා කොහොම වුනත් 2007 න් පසුව රාජ්‍ය සේවයේ පත්වීම් ගත් අයට දෙමළ සමත්වීම අනිවාර්ය බව තියන්න ඕන

:       0       0

චමින්ද Sunday, 03 February 2019 02:00 AM

වෘත්තීය සමිතියක වගකීම විය යුත්තේ පිකටින් කිරීම නොවේ. තම සංගමයේ සාමාජිකයින් දැනුමෙන් පරිපූර්ණ කර අවසානයේ උසස්වීම ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමයි. මොහු මොනවද කරන්නේ? දේශපාලකයින් ඔවුන්ගේ හෙයියන්ට උසස්වීම් දෙනවිට නිහඬව ඉන්නවා. සුදුස්සාට සුදුසු තැන ලැබෙන ලෙසට උසස්වීම් දීමට විභාග ක්‍රමයක් ඉල්ලන්නේ නැහැ. රටේ අනාගත පරපුරම දියුණු කිරීමට සිටින ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුක්‍රම ගැන කථාකරන්නේම නැහැ. අන්නිමට නුසුදුස්සාට උසස්වීම් දෙන්න කියලා විරෝධතා කරවනවා. (මොහු සිතනවා ඇති ගුරුවරුන් දැනුවත් වුනොත් ලැබෙන ප්‍රතිලාභ නැතිවේවි කියලා)

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1103 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 222 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1212 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1228 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1469 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1337 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site