IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී


 
 
 
හර්ෂණ තුෂාර සිල්වා
 
 
විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥ පෙන්වා දෙන බවද රොයිටර් වාර්තා සඳහන් වේ.
 
මේ අතර නොවැම්බර් 14 වැනි දා වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී පැවැසීය.
 
ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක් වන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය. 
 
මේ අතර සඳුඳා (19) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් වාර්තා ගත ලෙස පහත වැටුණු අතර එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.26 ක් ලෙස දැක්විණි.



අදහස් (31)

විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී

Alex Tuesday, 20 November 2018 02:33 PM

මේ මිනිස්සු රට විනාශ කරනවා. උගතුනි පෙරට එන්න රට බේරගන්න.

:       0       2

sandy123 Tuesday, 20 November 2018 02:40 PM

ජයවේවා! ඔහොම යන්.. ඔහොම යන්..

:       0       2

vishaka Tuesday, 20 November 2018 02:41 PM

රටක් එකපාරට දියුණු කරන්නවත් එකපාරට වට්ටන්නවත් බැහැ සුළු සිදුවීමක් නිසා. රටක ආර්ථිකයක් වැටිලා ඒ ගැන විශ්වාසයක් නැති වෙනවා කියන්නේ ඒ රටේ ශක්තිමත් ආර්ථිකයක් තිබිල නැහැ කියන එකයි. ඒකට වග කියන්න ඕන පසුහිය කාලවල රටේ ආර්ථිකය හසුරුවපු පිරිසයි. ඒ පසුගිය අවුරුදු තුනේ විතරක් නෙමෙයි ඉන් පෙර සිටම බලයේ උන් උදවිය.

:       28       29

කමල් අසංක Tuesday, 20 November 2018 02:42 PM

බමුණුආරච්චි මහත්තයෝ කොහොමද ගැම්ම.

:       0       1

කරුණාපාල Tuesday, 20 November 2018 03:16 PM

ඉතාම හොඳ ප්‍රවණතාවයක්!! ඔහොම යං!!! ඔය විදේශ ආයෝජකයින්ව මොකටද? මේ ගෝත්‍රික යටත් වැසියන්ට... දෙන දෙයක් කාලා, රජ්ජුරුවන්ට වැඳගෙන සතුටින් අපි ජීවත් වෙනවා හැර අපිට වෙන සතුටක්ද?

:       0       2

Chandra mswala Tuesday, 20 November 2018 03:23 PM

ආණ්ඩුවක් නැති රටක නුගතුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන රටක මුදල් ආයෝජනය කරන්න තරම් ආයෝජකයො මෝඩ නැහැ.

:       0       3

channa Tuesday, 20 November 2018 03:43 PM

කව්ද මේ රටටම පිළිලයක් වෙලා තියෙන්නේ?

:       0       2

Amila Tuesday, 20 November 2018 03:44 PM

එළ එළ...

:       0       2

chandana Tuesday, 20 November 2018 04:05 PM

සිරිසේන රට විනාශකරලා ඉවරයි. රජකමට සුදුස්සන් පත්වෙන්න ඕනෑ.

:       0       3

iron Tuesday, 20 November 2018 04:30 PM

මහින්දගේ අගමැතිකමට ජයවේවා !!!

:       67       8

man Tuesday, 20 November 2018 04:31 PM

ජනාධිපති විසින් තමන්ගේ පුද්ගලික ප්‍රශ්න රටේ පොදු ප්‍රශ්න බවට පත් කිරීම මගින් මේ තත්වය උදා වී ඇත. රටේ ජනතාව මේ දෙස දේශපාලන කෝණයක් ඔස්සේ බැලීම තුළින් ප්‍රශ්නය උග්‍රවනු ඇත.

:       0       36

Sapumal. Tuesday, 20 November 2018 04:45 PM

පින්වන්ත රජවරුන් පහළ වූ විට රටට සෞභාග්‍යය උදාවී කිරියෙන්, පැණියෙන් ඉතිරේ. අද දක්නට ඇත්තේ එහි අනිත් පැත්තයි...

:       0       55

sam Tuesday, 20 November 2018 05:10 PM

මේ වගේ නිව්ස් රටේ බහුතරයකට තේරෙන්නේ නෑ. එයාලට ඕනේ එදා වේල කාලාඉන්න. එහෙම හිතද්දී අපේ රටේ ජනතාවගේ බුද්ධි මට්ටම ඉතාම පහළ අඩියක තියෙන්නේ...? සාක්ෂරතා අගය 98% කියලා හැමදාම රවට්ටන් ඉන්නේ... මිනිස්සු පක්ෂගාමී නොවී ස්වාධීනව රටට වෙලා තියෙන දේ දකින කම් අපි හැමදාම දියුණු වෙමින් පවතින (ලෝකෙට ණය වුන) ජාතියක් වෙයි.

:       0       53

රොමේෂ් Tuesday, 20 November 2018 06:26 PM

දැන් සැපද කියලා අපි අපෙන්ම අහගන්න ඕනෑ.. හාමුදුරුවනේ...!!!

:       0       56

Aruna Manipura Tuesday, 20 November 2018 06:28 PM

අතිවිශිෂ්ටයි ජනාධිපතිතුමනි, "මම පෙරට, රට අගතියට" ..

:       0       78

gayan Tuesday, 20 November 2018 06:37 PM

ඔබට සතුටුයිද දැන්, පාර්ලිමේන්තු පොරේ දැක්කම ඔලුවක් තියෙන කෙනෙක් ආයෝජනය කරනවද මේ රටේ.

:       0       49

BamunuarachchiWednesday, 21 November 2018 11:05 AM

පළමුවෙන්ම ආයෝජකයින් විදෙස් තැන්පතු ආපසු ගත්තේ බැංකුව කොල්ල කාපුදිනේ... ඒ සමගම රුපියල බාල්දු වුනා. එදා ඉඳන් රට අගාධයට ගියා... එජාප ගොයියෝ ඡන්දෙකට යන්නෙත් නැහැ.. ඒ අයට රට කරන්නත් බැහැ. පුළුවන් කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. මොන කාලකන්නි ටිකක්ද මේ...?

:       227       53

Lakmal Tuesday, 20 November 2018 07:42 PM

හරිම අගෙයි. ජය වේවා.!

:       0       58

රවින් Wednesday, 21 November 2018 12:11 AM

තව තව රටේ විරෝධතා , දේශපාලන අස්ථාවරභාවය , බලු පොර, රාජ්‍ය සේවයේ අස්තිරභව, පගාවට පිල් මාරුකිරීම් කලහම , කොටින්ම ලෝකයා ඉදිරියේ පාලකයින්ගේ නොමනාකම් ඉදිරිපත් කලාම ලෝකයේ ඉන්නා ආයෝජකයෝ ටික මේ රටට එයිද? වැට උඩ ඉඳගෙන ආයෝජනය කරන්නේ සමාජ විරෝධී කටයුතු කරන අය කලුසල්ලි නිත්‍යානුකුල කරන්න. අවොත් ආවා. ගියොත් ගියා කියලා හිතලා සුදූ ආයෝජන. එවැනි ව්‍යාපාර වල ස්ථිරත්වයක් නොමැත.

:       0       22

චමින්ද Wednesday, 21 November 2018 01:07 AM

පාලකයින් අනුවන තීන්දු ගැනීම නිසා ජනතාව පීඩනයට පත්වෙනවා සමගම රජය අස්ථාවරවීම නිසා ආයොජකයින් වෙනත් තැන්වලට යොමුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනෙවා.

:       0       16

Ruwan Wednesday, 21 November 2018 02:37 AM

ආ.. ඕවා නම් ප්‍රශ්නද...? මහින්ද ආවනේ... විදේශ ආයෝජකයින්ට රඟන්න දෙන්න බැහැනේ...

:       1       16

mohomed faizel Wednesday, 21 November 2018 02:42 AM

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා. අනේ මන්දා...?

:       15       2

Ruwan Wednesday, 21 November 2018 02:43 AM

ඒ අය යවන්නමයි ඕනේ... එනව මෙතන අපේ රටේ කඩ දාන්න....

:       5       0

Udrich Wednesday, 21 November 2018 02:59 AM

මේවා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ග්‍රාමසේවක කෙනෙක්ට නැහැ.

:       3       115

ranjith Wednesday, 21 November 2018 03:26 AM

දේශපාලකයන්ට අවශ්‍ය බලය විතරයි රටට ඕනදෙයක් වෙද්දෙන්...

:       2       2

Hafeel Wednesday, 21 November 2018 07:28 AM

එතකොට අර කුලියාපිටියේ තිබන වෝක්ස් වැගන් කාර් ගරාජයත් ඉවත් කරලද?

:       29       35

MGLFERNANDO Wednesday, 21 November 2018 09:41 AM

ආයෝජකයන්ට ආයෝජනය කරන්නට සුදුසුම දකුණු ආසියානු රට වුයේ ලංකාවයි. ඒ තත්වය කණපිට හැරුණේ 2015 -01 -08 දිනයේ සිට බව සාක්ෂරතාව අතින් ඉහල තැනක සිටින ශ්‍රි ලාංකීය ජනතාවට කියා දීමට අවශ්‍ය නොවේ. රට මේ තත්වයට ඇද වැටුණේ , රට සංවර්ධනය වීම හමුවේ ඔවුන්ගෙ ද්‍ෙශපාලන ජිවිය සෝදාපාලුවට ලක්වන බව වැටහුණු දේශපාලඥයින් සමග අත්වැල් බැඳගත් විදෙස් බලවෙග නිසයි.

:       69       2

චමින්දWednesday, 21 November 2018 02:41 PM

කවුද කියන්නේ සාක්‍ෂරතාවය අතින් ශ්‍රී ලාංකික ජනතාව ඉහල තැනක ඉන්නවා කියලා. එය පිළිගන්න බැහැ. එහෙම ඉන්නවානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට තේරුම්ගෙන රට අරාජික වෙන තීරණ ගන්නේ නැහැනේ.

:       0       14

BamunuarachchiThursday, 22 November 2018 12:18 AM

අනේ ඔබට තේරෙනවාද? ව්‍යවස්ථාව නොවෙයි ඒකේ තිබෙන වචනවල තේරුම් දන්නවාද?

:       0       0

Nirosh Wednesday, 21 November 2018 01:00 PM

ඔය කාලකණ්ණින්ට පුළුවන් ගැලරිය වහන්නයි, රෙද්ද වහන්නයි විතරයි.

:       0       110

Podaa Akbar Thursday, 22 November 2018 04:10 AM

හරිම කණගාටුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 6285 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7157 33

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3018 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10035 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7510 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


සුබ අලුත් අවුරුද්දක් වේවා
2024 අප්‍රේල් මස 13 266 3

ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site