(තිළිණි ද සිල්වා)
විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ විදුලි බලාගාර වෙනුවෙන් ඉන්ධන ගෙන්වීමේදී සිදුවී ඇති බව කියන මහ පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සඳහා කරුණු දැක්වීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට අද (02) සිදුවිය.
වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලේ විමර්ශන කටයුතු වෙනුවෙන් ආචාර්ය සුරේන් බටගොඩ මහතා කොමිසම හමුවට කැඳවන ලදි. බටගොඩ මහතා පැය හතරකට ආසන්න කාලයක් එම කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් දී තිබේ.
විදුලිබල මණ්ඩලයේ පසුගිය කාලය තුළදී සිදුව ඇතැයි කියන මෙම දූෂණ සහ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කමිටුවක් පත් කරන්නැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත්‍රිකාවක් මඟින් ඉල්ලා තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම දූෂණ සහ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැවරිණි.
2015 ජනවාරි 15 දින සිට 2018.දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ රජයේ ආයතන වල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් දූෂණ සහ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව කරුණු සොයා බලයි.
ඒ යටතේ විදුලිබල මණ්ඩලය සම්බන්ධ පැමිණිල්ලේ මූලික විමර්ශන සඳහා අවශ්‍ය විස්තර සහ තොරතුරු ලබා දීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා අද (2) පෙරවරු 9.00 සිට පැය 4 කාලයක් කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට තොරතුරු සැපයූ බවද එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
වත්මන් ආණුඩවේ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි පැවසේන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද පැමිණිළි කර තිබේ.
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදලේ රුපියල් මිලියන 23000 ක් මුදලක් එහි නිලධාරීන් විසින් වංචනික ලෙස අවභාවිත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කියයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා විජයදාස රාජපක්ෂ මහතා අනිද්දා (04) කොමිෂන් සභාවට පැමිණීමට නියමිතව ඇත.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි
rohan Tuesday, 02 April 2019 01:43 PM
මේ කෙනාට චෝදනා ගොඩක් එත් තවම මණ්ඩලේ වැඩ පුදුම රටක්.
Amila Tuesday, 02 April 2019 02:43 PM
මේ පුද්ගලයා ඉවත් කරලා වෙන මනුස්සයෙක් ඕකට දාන්න. මේ පුද්ගලයා තමා දන්න විදියට මූලිකම හේතුව අද රටේ මේ තියෙන විදුලි කප්පාදුවට. අනික පුද්ගලික ඩීසල් බලගාර රජයට පවරගන්න ඕන. නැත්තම් ඒවායෙන් කොමිස් ගහන්න බලන් ඉන්නේ මේ හොර නිලධාරීන් ටික.
sarath perth Wednesday, 03 April 2019 12:00 AM
ඉස්සර පේන ඇහුවේ හොරාගේ අම්මගෙන් එත් දැන් පේන අහන්නේ හොරා ගෙන්. කමක් නැහැ ඔහොම යං
jayath Wednesday, 03 April 2019 06:01 AM
මේ නාටකේ ප්‍රදාන චරිතය, අරාබි දඬුවම් දෙන්න ඕන හරිනම්. තව උප චරිත කරපු නළුවොත් ඉන්නවා නමුත් එකෙකුටවත් මොනවත්ම නොවෙන බවට මෙන්න කැට!