IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වතුකම්කරු වැටුප වැඩිකරන ගැසට්ටුව පළ කිරිම අත්හිටුවයි

රංජන් කස්තුරි

 

වතුකම්කරුවකුගේ දෛනික දීමනාව රුපියල් 855 ක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අත්සන් කළ සාමුහික ගිවිසුම රජයේ ගැසට් පත්‍රයේ පළකිරිම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දමිළ ප්‍රගතශීලි සන්ධානයේ නායකයෝ පැවසුහ.

වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000 ක් ලබාදිය යුතු බවත් රුපියල් 855 පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කරමින් දමිළ සන්ධානයේ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් පී.දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරු අද (01) අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වුහ.

එම සාකච්ඡාවේ දී ගැසට් නිවේදනය නිකුත් කිරිම අත්හිටුවීමට තීන්දු කළ බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය  පී. දිගම්බරන් මහතා කීය.



අදහස් (25)

වතුකම්කරු වැටුප වැඩිකරන ගැසට්ටුව පළ කිරිම අත්හිටුවයි

Raveendra Friday, 01 February 2019 02:35 PM

හෙණ ටෝක් දුන්නට පුංචා බය වුණා පුටුවට ඇඩ්රස් නැතිවෙන්න යන්නේ කියලා. කෙසේ වෙතත් අප මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. "කවුරු බලයේ සිටියත්" මේ අහිංසක මිනිසුන්ගේ වැටුප වැඩිකළ යුතුයි යන්න අප තදින්ම විශ්වාස කරනවා...

:       523       541

LIYANAGE Friday, 01 February 2019 02:45 PM

වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000ක් ලබාදීම කළයුතුම දෙයකි. ඉතාම දුක්ඛිත ජීවිත ගතකරන ඔවුන්ගේ ජීවනරටාව ඉහළ දැමීමට රජය ක්‍රියාකළ යුතුයි.

:       145       124

කරුණාපාල Friday, 01 February 2019 03:37 PM

රවීන්ද්‍ර මහත්තයත්, හීන් නුලෙන්ම වැඩේ ගොඩ දා ගන්න හදන කෙනෙක් වගෙයි පේන්නේ? ගහ දන්නා අපිට නිකන් කොලේ වහලා ගහලා පෙන්නන්න එපා මිත්‍රයා. අපිට ඕනා කරන්නේ මොකා මොන විදිහකින් හෝ මේ අහිංසකයින්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් ගෙවීමට ක්‍රම වේදයක් ඇති කිරීමයි. වතු කම්කරුවන්ගේ ශ්‍රමය සුරාගෙන කාපු එක තමයි මෙතෙක් කල් මේ තේ වතු හිමිකරුවන් කළේ.

:       123       316

RaveendraFriday, 01 February 2019 04:40 PM

කරුණාපාල මයා වෙත.., ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. අප කිසිවිට හින් නූල් භාවිතා නොකරන්නෝය. අප සැමවිටම හොඳදෙයට හොඳයි කීමට ශක්තියක් තිබෙන අතර වැරදි දෙයට වැරදියි කීමටත් පසුබට නොවන්නෝය. මක්නිසාදයත් අප කිසිඳු පක්ෂයකට ගැති නොවන්නෝය. ඔබට දියවන්නා ඔයේ 225 වෙන වෙන විදියට පෙනෙනවා වියහැකියි.. ඒ ඔබ පළඳින " දියතරිප්පු යුගලෙහි වර්ණය අනුව... අපට නම් මේ 225ම එකම පට්ටියේ ගවයන්ය ". මෙම වතු කම්කරුවන්ගේ ජීවන රටාව අප හොඳින් දැක ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගතකරන්නේ ඉතාම කටුක ජීවිතයක් බව නොරහසකි. ඔබට සූත්තර පුංචා හෝ පතෝල මුදලාලි හෝ රතු ඇම්ඩන්ලා විශේෂයක් ඇත. අපට නම් ඔය සියල්ලන්ම එක වල්ලේ ඇම්ඩන්ලාය.

:       425       314

කරුණාපාල Friday, 01 February 2019 07:48 PM

තාරාවගෙයි, පාත්තයගෙයි වෙනස හඳුනන අපිට, ලුලා නැති වලේ පිනුම් ගහන කණයි දකින අපිට, ගොනා හැරෙන්නේ, පොල් පැලේට කියන දේ, ඇස් දෙකින් දැකලා තේරුම් ගන්න එකත් වැඩක්ද රවීන්ද්‍ර මහත්තයෝ? අනික සිංහහම පොරවා ගෙන සිටින බොහෝ අය බඩගින්නට කන්නේ තණකොළ බව අපිට නම් රහසක් නෙමේ, රවීන්ද්‍ර මහත්තයෝ.

:       1       46

RaveendraSaturday, 02 February 2019 03:55 AM

සහතික ඇත්ත... ඔබ වැන්නන් දියවන්නා ඔයේ දේශපාලකයන් මෙන් "නහය නැත්නම් සුනඛ වසුරුත් ගිලදමන්නන් බවට " ඔබගේම අදහස්වලින් මනාව පැහැදිලි වන්නේද?

:       27       11

RaveendraSaturday, 02 February 2019 04:59 AM

කෙනෙකුගේ අපහසුව නොපෙනෙන ඔබට... සැමවිට පෙනෙන්නේ පක්ෂක්ග්‍රහිව නොවේද ... අනිකා ගැන කිසිවිට නොසිතන උලමාට.... කන්නට වෙන්නේ වසුරු හැර වෙන කිමද ....

:       41       19

RaveendraSaturday, 02 February 2019 05:08 AM

නැගුනත් ඉර නැගනහිරින් සැමදිනම... පක්ෂය නිසා පෙනුනේ බටහිරින් බව... හරිදේය හරිලෙස නොතේරෙන හරකුන්ට.... කන්නට වෙන්න පමණයි " වසුරු" වෙන කිමද ....

:       52       25

RaveendraSaturday, 02 February 2019 05:29 AM

නම නම් කරුණාපාල ලෙස පෙනුණාට.. නැත කරුණාවක් අනිකාගේ දුක දැක්ම.. ගොට්ටෙක් නිසා පක්ෂෙක ළඟ මෙමාට.. කවදා දකියිද හරිදෙය හරිලෙසට...

:       29       13

කරුණාපාල Saturday, 02 February 2019 09:07 AM

"වසුරු" පිළිබඳ මනා අවබෝධයක් ඇති රවීන්ද්‍ර කවි සංකල්පනා අගය කරන අතරම, ඔබතුමා කර ඇති මුල්ම ප්‍රකාශය ගැන නැවතත් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. පක්ෂ, පාට, ජාතිය කුමක් වුවත්, වතුකරයේ දුප්පත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ එම මන්ත්‍රීවරුන්ට ගරු කරන අතරම, ඔවුන් විසින් කළ සාධාරණ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා හෝ ඕනෑම යකෙකු අහුන්කම්දී, එම ජනතාවගේ වැටුප් වැඩිකිරීමට පියවර ගන්නේ නම් එය ඉතාම සාධාරණ බව තමයි මගේ හැඟීම. විශේෂයෙන්ම ජාතික නිෂ්පාදනයකට හවුල් වී, රටේ ජාතික අදායමට ඉහළ දායකත්වයක් සපයන අසරණ කම්කරුවන් හට යකෙකු උවද පිහිටක් වේ නම්, ඒ යකාගේ පැටිකිරිය මට අදාළ නැත. රටට කිසිඳු සේවයක් නොකර, පින්බත් ගිලිමින්, දේශපාලකයින්ට ආවඩමින් මේ රට ජරාජීර්ණ තත්වයකට පත් කොට ඇති, නිකමුන් ඉදිරියේ, නම්බු නාම නැතත්, මේ වතු කම්කරුවන් රටට වැඩදායක පුරවැසියන් බව කිව යුතුයි. හීන් නූලෙන්ම, ඔබටත්, හොරාම, ආත්ම වංචාවක යෙදෙන ඔබ, එය, අන් අයට ආදේශ කිරීමෙන් වළකින මෙන් ඉල්ලමි...

:       0       14

මෙත්Saturday, 02 February 2019 11:01 AM

දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත්, රවින්ද්‍ර මහතා ගැන, කරුණාපාලගේ සිතේ සියුම් ඊර්ෂ්‍යාවක් මෝදු වීගෙන එන බවක් හැඟීයයි.

:       12       6

de silva Friday, 01 February 2019 03:53 PM

රුපියල් 855 කින් කොහොමද දරු පවුලක් දිනකට නඩත්තු කරන්නේ ? අහිංසක මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න

:       85       363

liyanageFriday, 01 February 2019 05:32 PM

මාසෙකට රුපියල් 2500 කන්න දෙන්න පුළුවන් කියලා ගිය ආණ්ඩුවේ මුදල් ඇමති කිව්වා නේද, සිල්වාට අමතක වෙලා වගේ

:       24       126

Rupasinghe thennakoon Friday, 01 February 2019 04:50 PM

අහිංසක වතු කම්කරු ජනතාවට රුපියල් 1000ක වැටුපක් ලැබෙන එක සාධාරණයි.

:       49       19

soma dubayi Friday, 01 February 2019 05:23 PM

වතු කම්කරුවෙකුට දිනකට 500 හොදටම ඇති,යහපාලන රජය හොද වැඩි,

:       233       121

jayantha Friday, 01 February 2019 06:00 PM

ඔය අහිංසක මිනිස්සු ටික සහ මැද පෙරදිග ඉන්න අය තමා රටට කන්න දෙන්නේ ඒ නිසා වතු වල වැඩ කරන අයට ඉල්ලන පඩිය තව වැඩි ක‍රන්න ඕන. නිකන් ඉන්න අය කොපමණ සල්ලි ගිලිනවද

:       0       131

දොරටුපාල Friday, 01 February 2019 07:11 PM

ලංකාවෙ තේ කර්මාන්තයේ අවසානය ලඟයි...

:       54       7

Sumith Saturday, 02 February 2019 12:47 AM

ඇමැතිල වැඩි කරන්න යනවා

:       0       128

උදය Saturday, 02 February 2019 01:33 AM

1000 ක් වැඩිකරන්න පුළුවන්කම තිබියදී බොරුවට 855ක් කරලා මනෝ ගනේෂන් පී.දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් බොරු වීරයෝ කරලා ඔවුන්ගේ මාර්ගයෙන් වතු ඡන්ද ටිකත් ළඟ එන ඡන්දයෙදි බාගන්න හදන්නේ කියලා හිතෙන්නේ මට විතරද? "ඔන්න උඹලා ඉල්ලපු 1000 අරන් දුන්නා. උඹලගේ ඡන්දේ අපි කියන කෙනාට. හා ද?"

:       0       152

sandy123Saturday, 02 February 2019 06:59 AM

උදය පැහැදිලිවම ඔබ යථාර්තය දැක ඉතා අවංකව ඔබට හැගෙන ඔබේ අදහස් ප්‍රකාශ කර ඇත. සහතික ඇත්ත. මේවා දේශපාලන සෙල්ලම්. එකවර දුන්නානම් මොවුන්ගේ පැවැත්මට කුමක්ද වෙන්නේ? මේවා ආණ්ඩුවේ වගේම පී. දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් බොරු වීරයෝ කර ඡන්ද වැඩි කරන්න ගන්න සම්‍යප්‍රයෝග. මොවුන් දෙදෙනාත් මෙයට හවුල්. දේශපාලකයින් ගැන දන්නා අපිට මේ නරුමයන්ගේ දේශපාලන ගේම් අපි නොදන්නවැයි.. අපේ රට ගැන හිතන අවංක පුද්ගලයන් මේ මඩ ගොහොරුවට බහින්න සුදානම් නැහැ. අපේ කාලකණ්නි කමත් එයයි. මේ ජනතාව කියන්නේ පිදිය යුත්තන්... කොහොමත් හොර තක්කඩි අපේ දේශපාලකයන් පිදිය යුත්තන් පුදන්නේ නැහැ...

:       0       57

Sure Saturday, 02 February 2019 03:37 AM

ඊ.පී.එෆ්. සමග රුපියල් 855යි. අවසානයේ ඔවුන් ගන්නේ රුපියල් 750 යි. කලින් වැටුපට එකතු වී ඇත්තේ රුපියල් 20කි.

:       0       9

Prince Seneviratne Saturday, 02 February 2019 06:50 AM

වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000ක් ලබාදීම කළයුතුම දෙයකි. ඉතාම දුක්ඛිත ජීවිත ගතකරන ඔවුන්ගේ ජීවනරටාව ඉහළ දැමීමට රජය ක්‍රියාකළ යුතුයි.

:       62       2

Amila Saturday, 02 February 2019 11:29 PM

අන්තිමට අතට ලැබෙන්නේ 700ක් වගේ... මෙතන 1000ට වැඩි කරොත් වතු අස්තාවර වෙනවා ඒවගේම මේ මිනිස්සුන්ට 700කින් ජීවත් වෙන්න අපහසුයි පවතින ජීවන වියදමත් එක්ක. (වසර අවසානයේ ලොකු ලාභයක් තියෙනවනන් වතු වලට පුලුවන් බෝනස් මුදල් දෙන්න) ආණ්ඩුව කළ යුත්තේ සතොස හෝ සමූපකාර හරහා තොගමිලට අත්‍යාවශ්‍ය අහාර මේ මිනිස්සුන්ට ලබාදීම... එතකොට ඔය පවතින ගණන්වලම තියාගන්න පුළුවන්... මේ වෘත්තීය සමිතිකාරයෝ තමයි රටකන්නේ..., අහිංසක මිනිස්සු අමාරුවේ දලා.

:       0       0

බිස්වා Sunday, 03 February 2019 12:53 PM

මේ අයට ලයිට්, වතුර නිකන් ලැබෙනවා. ගෙවල් කුලී නැහැ. ආහාර අඩු මිලට... ආශ්‍රිත ගම්වල සිංහල මිනිස්සුන්ට මුකුත්ම නැහැ..

:       0       6

රවිඳු Sunday, 03 February 2019 03:38 PM

ජාතිය, ජන්මය, ආගම කුමක් වුවත් වැඩක් නැහැ. මේ ලෝකෙට ජාතක කළ මව්පියන් හැරදමා යන තැන අතරමං කර පලාගොසින්? හිතන්න මේ ලෝකෙට වැඩදායක මනුෂ්‍යයෙක් වෙලා ජීවත් වෙන්න. අනුන්ගේ ගින්නෙන් බඩ පුරෝගන්න නරුමයෙකු නොවී..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 59 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 783 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 90 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 259 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 247 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site