IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෙඩිතැබීමකින් තායිලන්තයේ පිරිසක් මරුට

තායිලන්තයේ හමුදා නිලධාරියකු විසින් දිගින් දිගටම වෙඩි තැබීම නිසා බැංකොක් නුවරට ඊසාන දිගින් පිහිටි නගරයක වැසියන් බොහෝ දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔහුගේ මෙම වෙඩි තැබීම අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කෙරෙමින් තිබූ බවට වාර්තා වන බවද පොලිසිය කියයි.

“තුවක්කුකරුවා ස්වයංක්‍රීය ගිනිඅවියක් යොදගනිමින් හතර අතේ අහිංසකයන්ට වෙඩි තිබ්බා... විශාල පිරිසක් තුවාල ලැබුවා. සමහර අය මැරුණා” යයි පොලිස් ප්‍රකාශකයෙක් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණ. මියගිය පිරිස 12 කට වැඩිවන බව කියැවෙන නමුත් ගණන තවමත් තහවුරු කර නැත.

බැංකොක් නගරයට ඊසාන දෙසින් පිහිටි කොරාට් නගරයේදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ. තුවක්කුකරුවා සැරයන් මේජර් ජකාපනාත් තොම්මා යයි හඳුනාගෙන තිබේ. හමුදා වාහනයක් සොරාගත් ඔහු යුද ඇඳුමෙන් සැරසී එහි ඡායාරූප සහ වීඩියෝ ද අන්තර්ජාලයට මුදාහැර තිබේ.

වීඩියෝපටවලින් දක්නට ඇත්තේ වෙඩිතැබීමෙන් මහත් කලබලයට පත්වන මිනිසුන් හතර අතේ දිවයන ආකාරයයි. කෙසේ වෙතත් වෙඩි තැබූ තැනැත්තා තවමත් අත්අඩංගුවට ගෙන නැත.

පෞද්ගලික ගිනිඅවි සන්තකයේ තබාගැනීම අතින් ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් හිමි රටවලින් එකක් ලෙස තායිලන්තය සැලකේ. එහෙත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කරමින් මෙවන් ආකාරයේ වෙඩිතැබීම් වාර්තා වන්නේ කලාතුරකිනි.

 



අදහස් (5)

වෙඩිතැබීමකින් තායිලන්තයේ පිරිසක් මරුට

mihira Saturday, 08 February 2020 01:48 PM

අපේ පාර්ලිමේන්තුවට ඔයවගේ කෙනෙක් එන්නේ නැහැ.

:       167       192

නන්නාදුනන හාදයාSunday, 09 February 2020 12:14 AM

මටත් තියෙන දුක ඕකමයි. ඒ වාසනාව දකින්න අහන්න අපිටත් දවසක් උදාවේවා ! 225 ටම ඩිශුම්.....ඩිශුම්.. ඉන්පසු රටට වාසනාවන්ත යුගයක්.

:       1       59

JayaSunday, 09 February 2020 03:40 AM

ආවත් ඉතින් ඉස්සෙල්ලම ඔයාට වෙඩි තියලා තමා එන්නේ.

:       16       2

karu Saturday, 08 February 2020 06:12 PM

අපේ රටෙත් ඔය වගේ නීති විරෝදී ආයුධ තියෙන අය බොහෝමයක් ඉන්නවා. පස් , වැලි ජාවාරම් කාරයෝ ළඟ ඕවා වැහි වැහැලා. ඡන්ද වලදී දේශපාලකයන්ට අත දිග ඇරලා වියදම් කරන නිසා අල්ලන්නේ නැහැ. පොලීසියත් දන්නවා. නමුත් අල්ලන්නේ නැහැ.

:       0       4

ලාල් Saturday, 08 February 2020 07:22 PM

මානසික රෝගීන් හමුදාවට බැඳීම අපරාධකරුවන් පාර්ලිමේන්තුවට තෝරා ගැනීම හා සමානයි. අහිංසක ජීවිත විනාශ වීම.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 138 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 367 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1109 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2560 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1707 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1007 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site