IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වජිරගේ කැබිනට් සංදේශය දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම යෝජනාවට අද පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

සංවර්ධන කමිටු සභාපතිධූර දරන මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා පළාත් පාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන  මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මෙම කැබිනට් පත්‍රිකාව මීට සති කිහිපයකට පෙරද අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එහිදීද ජනාධිපතිවරයා ඊට දැඩි විරෝධය පළකර තිබිණි.

සංවර්ධන කමිටුවල සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙකුට මෙම දීමනාව ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තාවේ.

එම යෝජනාවට විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා මේ අවස්ථාවේ එවැනි දීමනාවක් ගෙවීමේ හැකියාවක් නැතිබවත් එවැන්නක් ගෙවීමෙන් රාජ්‍ය නිලධාරීන්ද කලබල විය හැකි බවත් පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති වජිර අබේවර්ධන මහතා සංවර්ධන කමිටු සභාපති ධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට ඉකුත් වසරේ ඔක්තෝම්බර්  මාසය වන විට තෙක්ම මෙම දීමනාව ගෙවා ඇති බව සඳහන් කර ඇත.



අදහස් (22)

වජිරගේ කැබිනට් සංදේශය දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි

Raveendra Tuesday, 10 September 2019 05:15 PM

නැවතත් අපට සඳහන් කිරීමට ඇත්තේ මීට පෙර මෙම නිවට ක්‍රියාව සඳහා දැක්වූ අදහස්මය. මේ "ඇමතියා" රෙද්දක් ඇඳගෙනද මේවගේ ඉල්ලීමක් කරන්නේ? මිනිසුන් කන්න නැතිව දුක්විඳිනව‍ා. මේ අයට වාහන ගන්න සංදේශ ඉදිරිපත් කරනවා. අනේ මේවගේ කාලකන්නිද අහිංසක මිනිසුන් මහජන නියෝජිතයන් හැටියට පත්කරගෙන තියෙන්නේ?

:       0       5

Perers Tuesday, 10 September 2019 06:27 PM

ඉල්ලීම දුන්නේ නැති නිසා වැඩ වර්ජනයකට ගිහින් උද්ඝෝෂණයක් කරන්න.

:       0       0

nihal Tuesday, 10 September 2019 08:02 PM

කමිටු සංවර්ධන සභාපති?... රට මෙතරම් ණය ගොඩක තියෙද්දී.. මොවුන් කරන සංවර්ධනය මොකක්ද? කමිටුවද? රටද? මේ සිංහල රට ඉදිරියට ගෙනයාමට හිතක යන්තමින් වත් නැති කාලකන්නි...

:       0       25

ලුම්බිණි Wednesday, 11 September 2019 12:24 AM

ඇමැති වජිර අබේවර්ධන මහතා හදන්නෙම කීයක් හරි වියදම් කරන්න. ගිය වතාවේ පරාද වෙච්ච මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී වාහන අරන් දෙන්න හැදුවා. මේ වතාවේ දැනටමත් පඩි ගනිමින් ඉන්න අයට තව ගෙවන්න කියනවා.

:       1       181

Buddika Wednesday, 11 September 2019 12:26 AM

මේවා ප්‍රබල ලෙස ජනතා අප්‍රසාදයට ලක්වෙන යෝජනා. මේවා නිසා වෙන්නේ එජාපය ජනතාවගෙන් ඈත්විමයි. ඒ ඇතිවීමට ප්‍රබලම වගකිව යුත්තේ අගමැතිවරයා සහ ඔහුට සමීප ඇපැති පිරිසයි. චන්දෙයක් පෙනි පෙනී මේ වාගේ යෝජනා ගෙන්නේ එජාපය තවත් වලපල්ලට යවන්නද

:       0       279

ranjith Wednesday, 11 September 2019 12:44 AM

දුප්පත් මිනිසු ඉන්න රටක කරන මහා අපරාද නේද මේවා

:       0       290

Bamunuarachchi Wednesday, 11 September 2019 12:47 AM

ඇමැති වජිර අබේවර්ධන මහතා? මහතා? මේ ගොයියා හිතාගෙන ඉන්නේ එයාගේ අප්පාගේ වතුවලින් එන සල්ලි කියලා. මේවා මහජන මුදල්. සංවර්ධන කමිටුවල වලින් වැඩකර ගන්න තමයි තමු සෙලාව පාර්ලිමේන්තු යැව්වේ. නැතුව කැන්ටිම හිස් කොරන්නේ නොවෙයි. මේවා බල බල තවත් මේ කාලකන්නි හැතිකරයට ඡන්දෙ දෙන්න හදන හරක් අපි අතර ඉන්නවානේ.

:       1       605

athuraWednesday, 11 September 2019 05:41 AM

ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න අය ආවහම ඕව නවත්වනවද ?

:       4       141

Amila Wednesday, 11 September 2019 12:49 AM

වහාම මොහු ඇමතිධූරයෙන් නෙරපනු. එහෙම නැත්තම් විරුද්ධ පක්ෂය මොහුට විරුද්ධව විශ්වාස භංගයක් ගේනු.

:       0       0

වජිරා Wednesday, 11 September 2019 01:05 AM

ඇමතිතුමෝ නුඹට අබමල් රේණුවක තරම්වත් මොළයක් නැද්ද? රටේ අනාගතය භාරගැනීමට සිටින සිසුන්ගේ අධ්‍යාපනය නතරවෙලා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් සම්බන්ධ ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් දින නියමයක් නැතිව වර්ජනය කරන නිසා. සියළු උපභෝග, පරිභෝග සම්පත් භුක්තිවිඳින. පරිපාලන සේවයේ උන්දැලාත් පඩිමදි කියමින් වර්ජනයේ යෙදෙනවා එහෙම තිබියදී. තමාගේ හෙයියන්ට සැලකීමට වඩා රටේ දැවෙන ප්‍රශ්න ගැන සිතා ඒවා විසඳීමට කටයුතු කළොත් නරකද? ජනාධිපති තුමාට ජයවේවා!!!

:       0       19

lion Wednesday, 11 September 2019 01:52 AM

මොන වැඩද? කොල්ලෝ ටික දැනටමත් ගණන් හදාගෙන ඇති සල්ලි කොහොමද? වියදම් කරන්නේ කියලා තමුන්ගේ වැඩවලට... ඔය සල්ලි වලින් සතයක්වත් රටේ වැඩවලට යෙදෙන්නේ නැහැ. එ්කයි සත්‍ය...

:       0       44

Wasudewa Wednesday, 11 September 2019 02:06 AM

මේ වජිර එජාපය වලපල්ලට යවන තවත් එක ඇමති කෙනෙක්. මහජන මුදල් ගසා කාලා... ගසා කාලා මේ දෙගොල්ලොම රට මහා විශාල ට්‍රිලියන 12ට වැඩි ණය උගුලක හිරකරලා දැන් තියෙන්නේ. හැබැයි මේ ගොල්ලන්ට දෙන දඬුවම මහජනතාව අතේ තියෙන්නේ. එ්ත් මේ රටට වෙන මහා විනාශය දැක දැක මේ අයට ඡන්දෙ දෙන මහජනතාවම තමයි ගොන්නු...

:       0       41

ශිරාල් Wednesday, 11 September 2019 02:18 AM

සංවර්ධන කමිටු මන්ත්‍රීවරුන් එම කමිටුව කටයුතු කරන ආකාරය පිළිබඳව දන්නේ නම් දීමනා නොව ගල් මුල් වලින් තමයි සැළකිය යුතුයි.

:       0       26

සානිකා Wednesday, 11 September 2019 02:38 AM

වජිර ඔයාගේ අමතර ආයාදම් වලින් ඔය ඹ්න ගෙවීමක් කර ගන්න. මහජන මුදල් නැතුව. මොකද සංවර්ධන කමිටු වල ඉන්න අයව පත්කළේ ඒක කරන්න තමයි. එක වැටුපක් ගෙවනවනේ. වැඩේම සල්ලි ගෙවන්න ආණ්ඩුවට බල කරන එකමනේ. සංවර්ධන යෝජනා , ජනතා සේවය ඒවට යෝජනා නෑ. මිනිස්සුන්ගේ සල්ලි වලට විදින්න තමයි අදහස් ගලන්නේ. ඡන්දෙකට ආවම සලකන්නම් හොඳට .

:       0       6

නිමල් බදුල්ල Wednesday, 11 September 2019 02:53 AM

රුපියල් 25 න් දාහක් විතර ඉල්ලූව නම් සාධාරණයි. දැනටමත් පඩිය ලක්‍ෂ 4 ක්ලූ.

:       8       28

කරුණාවති Wednesday, 11 September 2019 02:55 AM

යූ .එන්. පි. යේ යහපාලනයේ වංචා ගැන කියකොට සමහරු පළාතකවත් නෑ.

:       1       0

Akila Wednesday, 11 September 2019 03:14 AM

එත් සුපුරුදු පරිදි අපේ රටේ දෙවන පුරවැසියානම් එයාගේ ගෝලයෝන්ගේ මෙවැනි යෝජනා කිසි දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ .

:       0       17

ධම්ම Wednesday, 11 September 2019 03:41 AM

මට හිතාගන්න බැහැ ඇයි මේ යෝජනාවට මිනිස්සු විරුද්ධ කියලා. මන්ත්‍රීකමක් ගන්නේ මොන තරම් අමාරුවෙන්ද.

:       119       347

vidya Wednesday, 11 September 2019 03:48 AM

පුත්තලම. අනුරාධපුර පැත්තේ පාසැල් දරුවන්ට බොන්න පිරිසිදු වතුර ට්කක් නැහැ . හරියට වැසිකිළියක් නැහැ . මේක නිකම් හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටිලා වගේ .

:       0       4

wishwa Wednesday, 11 September 2019 06:51 AM

වජිරට මොකද වෙලා තිබෙන්නේ ?

:       0       30

chandima Wednesday, 11 September 2019 08:23 AM

රටේ මිනිස්සු කන්න බොන්න වත් හරියට නැතිව ඉද්දි මෙයා මේ කරන්න හදන්නේ මොන තරම් නොගැළපෙන වැඩක්ද? මේ වගේ ගොන් හරක් නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.

:       0       124

thilakasiri Wednesday, 11 September 2019 08:38 AM

ජනතාව මත බදු පනවමින් මැති ඇමතිවරුන්ට වාහන ගෙවල් පඩි වැඩිකිරීම් හා අනෙකුත් දීමනා හා වරප්‍රසාද ගැන කලකිරී සිටින ජනතාව පාන්පිටි මිල ඉහළ යවමින් ජනතාවගේ මුදල් මෙහෙම බෙදන්න ගියාම ඒ ජනතා අප්‍රසාදය තව තවත් වැඩිවෙන බව මේ ඡන්දේ කටේදිවත් වටහාගන්න බැරිද ? මොවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව පෙළ ගැසෙනු ඇත. මෙවර ජනපතිවරණයෙන් කිසිවෙකුට නියමිත ඡන්ද ප්‍රමාණයක් නොලැබෙන බව පැහැදිලිය. ජනතාවට 225 ම එපා කරවලා තියෙන්නේ මේ වගේ අය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7085 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3716 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3061 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11736 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8007 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site