IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විජයදාසට බැණ තර්ජනය කළ ගුරුවරයාට ඇප

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කළ නඩු විභාගය අතරේ ලබාදුන් විවේකයේ ජනාධිපති නීතීඥ  විජයදාස රාජපක්ෂ මහතාට බැණ තර්ජනය කළ උපකාරක පන්ති ගුරුවරයකු අධිකරණ බාරයට ගෙන පසුව රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (1) නියෝග කළේය.

මෙලෙස ඇප නියම වූයේ නුගේගොඩ උපකාරක පන්ති ගුරුවරයකු වූ විමල් රෝහණ කෝදාගොඩ නැමැත්තාටය.

එසේම එම උපකාරක පන්ති ගුරුවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් ලබන 27 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිට නියෝග කළේය.

නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව උපකාරක ගුරුවරුවරයකු හා පියකු ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නා  අතරතුර පෙරවරු 11.30 ට ලැබු කෙටි විවේකයේ දී අදාළ පුද්ගලයා ජනාධිපති නීතීඥ රාජපක්ෂ මහතාට බැණ තර්ජන කරන ලදී.

ඉන්පසුව ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඬුල්ලට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.

 



අදහස් (5)

විජයදාසට බැණ තර්ජනය කළ ගුරුවරයාට ඇප

ලංකාපුත්‍ර Thursday, 01 August 2019 12:29 PM

ඇත්තටම මේ කාලේ පැවැත්වෙන්නේ උපකාරක පංතිද අපකාරක පංතිද කියා සිතෙන්නේ පසුගිය දිනක විද්වතුන් පිරිසක් කල රූපවාහිණී සාකච්ඡාව ඇසුවාට පස්සේ. එහිදී මනෝ වෛද්‍ය විශේෂඥතුමෙකු එතුමාගේ අත්දැකීම් විස්තර කිරීමට අනුව මෙම පංති පවත්වන ක්‍රමයෙන් දරුවන් දැරියන් දැඩිම මානසික පීඩාවන්ට පත්වෙනවා. රජය අධ්‍යාපනයට වෙන්කරන මුදලින් කිසිවක් වෙන්නේ නැතිද කියලත් හිතෙනවා. එකිනෙකා මරාගෙන කරන මෙම පංති ක්‍රමය වහාම මෙරටින් තුරන්කල යුතුමය

:       0       0

Sameera Thursday, 01 August 2019 01:05 PM

විජේදාසට බනින්න නෙවෙයි ඕනේ... තව මොනවා හරි කරන්න. විජේදාසගේ පුතා එහෙම ඉරිදා පන්ති ගිහිල්ලා නෙවේලු ඉගෙන ගත්තේ... එදා පන්සල් ගියාලු නේද? අනේ මගේ කට... විජේදාසගේ පුතාට උගන්වපු ටියුෂන් ගුරුවරයෙක් කියලා තිබුනේ. විජේදසගේ පුතාට ටියුෂන් දුන්න කියලා ඉරිදා දවස්වල. ඔක්කොම දැන් මහා ලොකු කෙරුම්කාරයන් වෙලා. අතීතය අවුස්සලා බලන්න ඕනේ කුණු ගඳගහන හැටි බලන්න.

:       0       0

Bamunuarachchi Friday, 02 August 2019 02:57 AM

කාලා වරෙන් පුතා. දැන් ප්‍රයිවට් ගුරාලානේ මිනිසුන්ට ජාති දමන්නේ...

:       0       0

රවින් Friday, 02 August 2019 03:51 AM

උපකාරක පන්ති ගුරුහොරු තමයි අලුත්ම චණ්ඩි කොටස. පහුගිය දවස්වල හැමෝම දැක්කනේ නිට්ටඹුව පැත්තේ මහපාරේ එකෙක් සෙල්ලම් දාපු හැටි.

:       0       0

Bamunuarachchi Saturday, 03 August 2019 11:29 AM

ගුරාලා, චණ්ඩිවෙලා ඉස්කෝල කොල්ලෙකුගෙන්ම පාර හම්බවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 139 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 359 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 915 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1193 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 411 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 195 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site