IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විගණන නිලධරයෝ ජනපතිට ලියති

(විනීතා එම් ගමගේ)

 

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට හා රාජ්‍ය විගණනයේ විෂය පථයට විශාල හානියක් සිදුකර ඇති බැවින් රාජ්‍ය මූල්‍ය පාලනය ඉටුකිරීම පිළිබඳ යාන්ත්‍රණයට දැඩි හානියක් සිදුව ඇති බැවින් වහා එය නිවැරදි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා විගණන පරික්ෂක සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

එමෙන්ම එම සංශෝධන මගින් මහජනතාවට රටේ සමස්ත මූල්‍ය පාලනය පිළිබඳ දැනගැනීමට ඇති ශුද්ධවූ අයිතිය ද අහිමිකර ඇතැයි එම සංගමය යවා ඇති ලිපියෙන් පෙන්වා දී ඇත.

ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව මගින් විගණනයට භාජනය කිරීම සඳහා විණකාධිපතිවරයා වෙත පවරා තිබූ රාජ්‍ය අයවැයෙන් මුදල් වෙන්වන හා පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට යටත් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ආ) ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කොමිෂන් සභා, ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල විෂය පථයෙන් ඉවත් කර තිබීම ද ගැටළු සහගත යැයි එහි සඳහන් වෙයි.

එමෙන්ම සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති කොටස් ප්‍රාග්ධනයෙන් 50% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සංස්ථාවන් හෝ පළාත් පාලන ආයතනයක් විසින් දරන සමාගම් ද විගණන විෂය පථයෙන් ඉවත්කර ඇතැයි ද රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තු පාලනයෙන් මුළුමනින් බැහැර වීමට මේ තත්ත්වයන් හේතු වන බව ද එම ලිපියේ සඳහන් වේ.

50% වැඩි කොටස් හිමිකමක් ඇති රාජ්‍ය සමාගම් පිළිබඳ විගණනය විගණකාධිපති විෂය පථයෙන් බැහැර කිරීම හේතුවෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙලෙහි ප්‍රතිපත්තිවලට අනුකූලව එකී සමාගම් ක්‍රියාත්මක වන්නේ දැයි බැලීමට හැකි යාන්ත්‍රණය  බිඳ වැටෙන බව එම ලිපිය මගින්  පෙන්වා දෙන අතර සමහර සමාගම් මේ යෝජනා ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය විගණන යාන්ත්‍රණයෙන් ඉවත් වීමට පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වී ඇතැයි ද සඳහන් කර ඇත.

මෙකී සංශෝධන මගින් විගණකාධිපතිවරයා රාජ්‍ය නිලධාරියෙක් බවට පත් කරමින් ඔහුගේ ස්වාධීනත්වයට බරපතල ලෙස හානිකර ඇති බවත් එහි පැවැසේ.

ශ්‍රී ලංකා විගණන සේවා පරික්‍ෂක සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජේ සී තිසේරා මහතාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, සියලු මැති ඇමැතිවරුන් මෙන්ම සිවිල් සංවිධාන හා මාධ්‍ය වෙත ද යවා ඇත. 



අදහස් (14)

විගණන නිලධරයෝ ජනපතිට ලියති

විජිත් Monday, 07 September 2020 12:29 PM

ගරු මහත්මයාණෙනි, ඔබතුමන්ලා දක්වන අදහස සත්‍ය බව තර්කයකින් තොරවම පිළිගන්න වෙනවා. නමුත් ඔබතුමන්ලා කියන දේවල් කලොත් ... ආණ්ඩුවේ මැති ඇමතිවරු කොහොමද නිදහසේ, බියෙන්, සැකෙන් තොරව රාජ්‍ය දේපොළ කොල්ල කන්නේ...? දැන් මේ පනත සම්මත වුණාට පස්සේ ...69 ලක්ෂයක් වන ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දයෙන් පත්වුණ " හොරුන්ට" බියෙන් සැකෙන් තොරව හොරාකන්න පුළුවනි. 69 ලක්ෂයක ගෝත්‍රික ජනතාවට අවශ්‍ය වුනේ දියවන්නාවේ භූත මාලිගාවට යවා රට නැත්තට නැතිකිරීමටයි. මිනීමරුවන්, හොරුන්, දුම්රියේ චේන් කඩන්නන්, කැලෑපාලුවන් විසින් හිතුමතේ පාලනය කරන රටක, නීතියක් නැති රටක.. මොන විගණන නිදහසක්ද...?

:       15017       10121

බද්රානි Monday, 07 September 2020 02:17 PM

මේ රට හොර, තක්කඩි කල්ලියකට සින්නක්කර ලියලා දුන්නට පස්සේ ආයේ මොන විගණනද? කරන්න පුළුවන් වැඩක් ගැනද ඔය කතා කරන්නේ? අනික හොරු සමග එකතු වුණොත්නේ වාසි හා තනතුරු ගන්න පුළුවන්...

:       12228       2112

Ana Monday, 07 September 2020 02:27 PM

ඔයාලට නිදහසේ වැඩ කරන්න නොවේ දේශපාලකයින්ට නිදහසේ වැඩ කරන්න 2/3 දුන්නේ...

:       2139       726

Hafeel Monday, 07 September 2020 03:29 PM

බලනකොට මේ ව්‍යවස්ථා සංශෝධනය ජේ.ආර්. වත් පරද්දලා. 78 ව්‍යවස්ථාව අදටත් ජනතාව ජේ.ආර්.ට සාප කරනවා. මේ 20 සම්මත වුණොත් අනාගතයේ අලි සබ්‍රිටත් ජනතාව සාපකරාවි.

:       853       616

Tharindu PereraMonday, 07 September 2020 03:51 PM

ඇයි අලි සබ්රිට විතරක්? එයාගේ වුවමනාවට ගෙනාපු සංශෝධනයක් නෙවෙයිනේ මේ...

:       711       293

Hafeel Monday, 07 September 2020 04:30 PM

හරියට හරි. එයාගේ වුවමනාවට නොවේ.. දැන් තේරෙනවා නේද අලි සබ්‍රි රට වෙනුවෙන් සද්භාවයෙන් කරන වැඩක් නොවේ කියලා... නැතිනම් එයාටත් පැවැත්මක් නැහැ.

:       417       408

LAWRENCE Monday, 07 September 2020 07:39 PM

අයියෝ රටට ගිය කලක්... මිනිස්සු ඉවරයි...

:       66       24

de silva Monday, 07 September 2020 08:04 PM

තව ටිකකලකින් මේ ව්‍යවස්ථා සංශෝධනය අලි සබ්‍රි විසින් කරපු එකක් කියලා ඔහුටත් සහරාන් ලේබල් එකක් ගහලා, ඔක්කොම කුණු කන්දල් ටික ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ගිණුම්වලට දමලා, රාජපක්ෂලා, වීරවංශලා, ගම්මන්පිළලා ඇතුළු කණ්ඩායම හොඳ මිනිස්සු වේවි...

:       248       71

Ranjith Tuesday, 08 September 2020 01:10 AM

Likes සහ unlikes බලපුවම මෙතන සන්විධානාත්මක වංචාවක් වන බව පේනවා. තමන්ගේ බෙල්ල හිරකාරනවට කැමති පුරවැසියන් කොහෙද ඉන්නේ.

:       133       62

sigithi adahas Tuesday, 08 September 2020 03:27 AM

හොරකම් කරන්නේ විධායකය නම්... හොරකම් අල්ලන්න ඉන්නෙත් විධායකය නම්...

:       175       37

Keppetipola Tuesday, 08 September 2020 03:35 AM

මේ හදන්නේ මහා පරිමානයෙන් රට මංකොල්ල කන්න​. මේකටද සෞභාග්‍යයේ දැක්ම කියන්නේ? මේකටද වියත් මග කියන්නේ? මේකටද එලිය කියන්නේ? ජනාධිපති තුමාට හරිහැටි රට පාලනය කරන්න නොදී මෙවැනි යෝජනා සංශෝධන ගෙනෙන්නේ කවුද? මේවා හෙලි කිරීම ගැන විගණන නිලධාරීන්ට රටේ ජනතාවගේ උත්ථමාචාරය​. රටේ ජනතාව මෙවැනි අපරාධ හොරකම් වලට ඉඩ නොදිය යුතුයි.

:       31       527

Rata Perata Tuesday, 08 September 2020 06:15 AM

තවමත් මේ ව්‍යවස්ථාවේ භයානකකම තේරෙන්නේ නැති ඔලමොට්ටල ජනතාවක් ඉන්න රටක, හොරු මීට වැඩිය දේවල් කරයි. දැනටමත් ළමයෙක් බයක් නැතිව එළියට දාන්න බැහැ. කුඩු හැමතැනම... ඡන්දෙ දීපු හරක්ට තේරෙන කොට ඔක්කොම නැතිවෙලා තියෙයි.

:       61       47

shantha Tuesday, 08 September 2020 06:54 AM

විජිත්ට, බද්රානිට, හෆිල්ට ඇතුළු සියලුම සත්‍ය හෙලිකල අයට වැටිලා තියෙන නෙගටිව් කමෙන්ට්ස් වලින්ම හෙළිවෙනවා ශ්‍රී ලංකාවේ ජීවත්වන ගෝත්‍රිකයින්ගේ හීන නූගත් මානසිකත්වය. මේ පනතින් සිදුවන්නේ තමන්ගේ බෙල්ලේ තොණ්ඩුවක් දමාගැනීම බව මේ නූගත් මිනිසුන්ට වැඩිකල් නොගොසින්ම තේරුණුදාට ඡන්දෙට දුන්න ටකරම්, අරක්කු, වැනිදේ වමාරන්න සිදුවෙනවා ඒකාන්තයි.

:       216       113

chandana Tuesday, 08 September 2020 08:03 PM

විගණකවරුද මනුෂ්‍යයෝය. ඔවුන් දෙවිවරු හෝ සියල්ල දත්තවුන් නොවෙති. අවම වශයෙන් දේශපාලකයන් වැරදි කළවිට අවුරුදු 5කින් ගෙදර යැවීමට මහජනතාවට අවස්ථාවක් ලැබේ. එහෙත් ස්වාධීන යයි කියාගනිමින් බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන මොවුන් වැන්නවුන් වැරදි කළවිට ගෙදර යැවීමට මහජනතාවට නොහැකිය. ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රමවේද ඇතැයි කෙනෙකුට කිව හැකි නමුත් එය ප්‍රායෝගිකව දිගුකාලීන දුෂ්කර අසාර්ථක ක්‍රියාදාමයකි.

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 176 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 760 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 638 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 572 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 288 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 732 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site