IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලන්ච් ෂීට් නිෂ්පාදකයින්ට නව නීති

(රංජන් කස්තුරි)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආහාර එතුම් කොළ (ලන්ච් ෂීට්) නිෂ්පාදකයින් සඳහා නව නීති හඳුන්වා දී තිබේ.

ඒ අනුව ආහාර එතුම් පැකට්ටුවේ සන්නම් නාමය, උපරිම සිල්ලර මිල,නිෂ්පාදකයාගේ නම ලිපිනය,නිෂ්පාදිත දිනය හා ආයු කාලය ,භාවිතා කරන ලද ද්‍රව්‍ය,භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය , මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය , එතුමක ප්‍රමාණය පැකට්ටුවක හෝ බණ්ඩලයකට අඩංගු එතුම් සංඛ්‍යාව භාෂා තුනෙන්ම සැකසූ ලේබලයක් ඇතුළත් කළ යුතුය.

මෙම නව නීතිය 2020 වර්ෂයේ ජූනී මස 01 වැනිදා සිට බලපැවැත්වේ.



අදහස් (12)

ලන්ච් ෂීට් නිෂ්පාදකයින්ට නව නීති

Mahee Monday, 02 December 2019 01:07 AM

මම යෝජනා කරනවා ඔය ඔක්කොම දාපුවහම ඉඩ මදි නිසා ලන්ච් ෂීට් එක වර්ග මීටරයක් විතර එකක් විය යුතුයි කියලා. අනික, හදිසියේම අවදි වුණු පාරිභෝගික අධිකාරියේ ලාංඡනය, රාජ්‍ය ලාංඡනය, වෙළඳ ඇමතිගේ නම, පෞද්ගලික ලේකම්ගේ නම්, වාහන අංක හා පැමිණිලි කිරීමේ දුරකථන අංක ආදියද මුද්‍රණය කරන ලෙස නියම කල යුතුයි.

:       172       133

IndunilMonday, 02 December 2019 05:39 AM

මහියෝ ...... කොමෙන්ට් කොරන්න කලිං නිව්ස් එක කියෙව්ව නම් නරකද? .....

:       0       41

MOHANMonday, 02 December 2019 05:47 AM

ඔබතුමාට මේක හරියට වැටහිලා නැහැ වගේ . මේකේ කියල තියෙන්නේ ලන්ච් ශීට් එකේ ගහන්න කියල නෙමේ. ලන්ච් ශීට් සාමාන්‍යෙයන් අසුරන්නේ 100 ක් හෝ 500 ක් වශයෙන්. අන්න ඒ පැකට් එකේ තමා මේ විස්තර තියෙන්න අවශ්‍යය.

:       0       32

MaheeMonday, 02 December 2019 06:20 AM

වැරදීමක්. මොහාන්, ඔබට ස්තුතියි !

:       15       2

Akila Monday, 02 December 2019 01:53 AM

ලංකාවේ පරිසරයට එකතුවෙන අපද්‍රව්‍ය වලින් 90% කට වඩා තියෙන්නේ එක වරක් පමණක් පාවිච්චි කරලා විසිකරන, ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් බීම බෝතල්, කිරිපැකට් සහ ටොපි/බිස්කට් ආවරණ, මේවා දැන්ම තහනම් කලේ නැත්නම් අපේ රටේ දැනට වෙලා තියන පරිසර විනාශය කවදාවත් ආපහු ආපස්සට හරවන්න ලැබෙන්නේ නැහැ. අනාගත පරපුරට පරිසරය කියල ඉතුරු වෙන්නේ ප්ලාස්ටික් කුණු ගොඩවල් පමණයි.

:       0       112

lalithmMonday, 02 December 2019 02:43 AM

තව දේවල් තියෙනවා. ජෑම් බෝතල් සහ වෙනත් ආහාර ඇසුරුම් කල බෝතල් වර්ග ප්‍රතිචක්‍රියකිරීම නැවතිලා තියෙන්නේ ආපසු ගන්න කෙනෙක් නැති නිසා.

:       0       6

SLMonday, 02 December 2019 03:37 AM

ප්ලාස්ටික් වල මිල ඉහළ දැමිය යුතුමයි. සියලුම ප්ලාස්ටික් ඇසුරුම් නැවත නිෂ්පාදිතයාට භාරදිය යුතුය. ටොෆි කොළය එකවරයි. චොක්ලට් දවටනය එකවරයි. දත්බෙහෙත් දවටන එකවරයි. හැම ඇසුරුමක්ම එකවරක් භාවිතාවෙන් පසු වසර 20-30, 200 යන කාලයක් යනතුරු නොදිරන ප්ලාස්ටික් මිනිත්තුවෙන් පරිසරයට එකතු කරනවා. මේවා නැවැත්විය යුතුයි.

:       0       115

Perera Monday, 02 December 2019 02:12 AM

ඔය විස්තර ලයිස්තුවට අර හලාල් සහතිකෙකුත් ගැහුවනම් සර්වසම්පුර්ණයි.

:       0       27

Bandara Monday, 02 December 2019 02:26 AM

Mahee... උඩින් පල්ලෙන් බලන්නේ නැතිව හරියට කියවලා අදහස් දානවානම් හොඳයි.

:       2       2

Bamunuarachchi Monday, 02 December 2019 03:15 AM

අන්න හොඳ වැඩ. අපේ ආණ්ඩුවක්ම එන්න ඕන ලන්ච් ශීට් එක ගැන බලන්නත්.

:       1       12

Kamal Monday, 02 December 2019 06:00 AM

මෙය තහනම් කරන්න...

:       0       10

DILUM Monday, 02 December 2019 06:01 AM

මොන පිස්සු වැඩක්ද ? මීට වැඩිය පිළිගත් ක්‍රමවේදයක් හදුන්වා දෙන්න. මහලොකුවට නීතියක් ගෙනාවා. ඒක හරියට ක්‍රියාත්මක උනේ නෑ. ඒකෙන් උනේ මේවගේ මිල වැඩිවුන එක විතරයි. හදන්නේ පරණ අමුද්‍රව්‍ය දාලා. ඔය පාරිභෝගික අධිකාරියද මොකද්ද කියන එක නිදාගෙනද හිටියේ ?

:       21       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 190 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 397 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 479 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 491 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 150 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1693 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site