IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලතා මංගේෂ්කාර් සුව අතට

භාරතයේ ගීත කෝකිලාවිය වන, ලතා මංගේෂ්කාර් පසුගිය සඳුදා දිනයේ මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණද, ඇගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
 
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ඇයව රෝහල් ගතකෙරිණි. ඇය මේ වනවිට 90 හැවිරිදි වියේ පසුවන්නීය.‍
 
රෝහල් ගතකිරීමෙන් පසු රෝහල් ආරංචි මාර්ග සඳුදා පැවසුවේ ඇගේ තත්ත්වය බරපතල බවයි.  කෙසේවෙතත්, එම පවුලේ සාමාජිකයන්ගේ ප්‍රකාශයකු පැවසුවේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බවයි.
 
“ලතා මහත්මියට දැන් සෑහෙන්න සුවයි. ඔබ සියලුදෙනාගේම ප්‍රාර්ථනා සහ යාච්ඥාවන්ට ස්තූතියි. ඇය උපරිම සුවය ලබාවී කියායි අපි බලාගෙන ඉන්නේ. එවිට ඇයට ඉක්මණින් නිවසට එන්න ලැබේවි. අප සමඟ මේ අවස්ථාවේ සිටීම සහ අපගේ පෞද්ගලිකත්වයට ගරුකිරීම ගැන ස්තූතියි” යැයි පවුලේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ලතා මංගේෂ්කාර් මහත්මිය නියුමෝනියාවෙන් සහ හෘදයේ වම් කෝෂිකාවෙහි ක්‍රියාකාරීත්වයෙහි මතු වූ ගැටලුවක් හේතුවෙන් පීඩා විඳිමින් සිටියාය.
 
පවුලේ සාමාජිකයන් ඉන්පසුව සඳහන් කළේ, මංගේෂ්කාර් මහත්මියගේ සෞඛ්‍ය තත්වය සැලකිය යුතු අන්දමින් සුව අතට පත්වන බවයි.
 
“ඇය එම රෝගී තත්වයෙන් ඉවතට පැමිණීමට දැඩි සටනක් ගත්තා.  ගායිකාවක වීමෙන්, ඇගේ පෙනහලුවල රැඳී තිබූ ශක්ති ප්‍රමාණයෙන් ඇය එම රෝගයෙන් ඉවතට පැමිණියා.”
 
ලතා මංගේෂ්කාර් මහත්මිය ‘ඒක් ප්යාර් කා නග්මා හේ’, ‘රාම් තේරි ගංගා’, ‘ඒක් රාධා ඒක් මීරා’, ‘දිදී තේරා දීවර් දිවානා’ වැනි ජනප්‍රිය හින්දි ගීත ගණනාවක් සඳහා  දායකත්වය ලබාදී ඇත. 2001 වසරේදී ඇයට ඉන්දීය රජය විසින් භාරත රත්න සම්මානය පිරිනමන ලදී.
 
“ශ්‍රී ලංකා... මා ප්‍රියාදර ජයභූමි” ගීතයේ මුල් ගායිකාව වන්නේද ලතා මංගේෂ්කාර් මහත්මියයි. ඇය විසින් මෙම ගීතය ගායනා කරන ලද්දේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සැඩ සුළං’ චිත්‍රපටය වෙනුවෙනි.
 
(ටයිම්ස් ඔෆ් ඉන්දියා  ඇසුරිනි)



අදහස් (1)

ලතා මංගේෂ්කාර් සුව අතට

Rohana Thursday, 14 November 2019 02:03 PM

ඔබට ඉක්මන් සුව... ලතාගෙන් 70 දශකයේ සජීවී ගීතයක් අහන්න අාසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 11 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 18 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1114 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2526 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2941 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1444 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site